කොලොම්බියාවේ බොගෝටා ප්‍රදේශයේ සිර කඳවුරක ඇති වූ කලබලයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 23 පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා තිබෙනවා.
කොරෝනා වෛරසය පැතිර යාම සම්බන්ධයෙන් බියට පත් රැඳවියන් මෙසේ කලබකාරී ලෙස හැසිරී ඇතැයි සඳහන්.
එරට La Modelo බන්ධනාගාරයේ ඇතිවූ මෙම සිදුවීමෙන් තවත් පුද්ගලයන් 83ක් තුවාල ලබා තිබෙන අතර සිරකරුවන් 32ක් සහ ආරක්ෂකයන් 7ක් රෝහල්ගත කර තිබෙනවා.