Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
"මරණ බිය... කොරෝනා වාට්ටුවේ සිට ලියමි.... කොරෝනාව මේ හැමදෙයක්ම උඩු යටිකුරු කර ඇත" - වෛද්‍යවරයෙක් මුහුණු පොතේ දැමූ සංවේදී සටහන - Photos

- "මරණ බිය... කොරෝනා වාට්ටුවේ සිට ලියමි.... කොරෝනාව මේ හැමදෙයක්ම උඩු යටිකුරු කර ඇත" - වෛද්‍යවරයෙක් මුහුණු පොතේ දැමූ සංවේදී සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,599 Views
දහසය වසරක වෛද්‍ය ජීවිතයේ අසීරුම කාලපරිච්ඡේදය ගත කරමි
 
කොරෝනා වෛරසය මේ වන විට ලෝකයේ රටවල් ගණනක සිය ආධිපත්‍යය පතුරවමින් සිටිනවා.
 
Covid 19 හෙවත් නව කොරෝනා වෛරසයෛන් ජනතාව මුදාගැනීමට අපේ රටේ මෙන්ම ලෝකයේම වෛද්‍යවරුන් කරන කැපකිරීම අති විශාලයි.
 
මේ අතර අපේ රටේ වෛද්‍යවරුයෙක් සිය මුහුණු පොතේ දැමූ සටහනක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.
 
එම සටහනෙන් ඔහු වෛද්‍ය ජීවිතයේ අසීරුම කාලපරිච්ඡේදය ගැන සහ වගකිම් විරහිතව හැසිරෙන සුවහසක් ජනතාව වෙත කෙරෙන නැවත සිහි කැඳවීමක්ද ගැනද ලියා තිබෙනවා.

අදාළ සටහන පහතින්.
 
(මරණ බිය......)
කොරෝනා වාට්ටුවේ සිට ලියමි.
වෛද්‍ය තුෂාර වික්‍රමසිංහ..
 
කොරෝනා ගැන තවමත් සුළුවෙන් සලකන,තම සමීපතයන් පිලිබඳව වගකිම් විරහිතව හැසිරෙන සුවහසක් ජනතාව වෙත කෙරෙන නැවත සිහි කැඳවීමකි.
 
දහසය වසරක වෛද්‍ය ජීවිතයේ අසීරුම කාලපරිච්ඡේදය ගත කරමි.අදට වඩා හෙට තත්වය දරුණ විය හැක. වෛද්‍යවරු හැටියට අපිද ,සෙසු කාර්‍යය මණ්ඩලය බොහෝ අසරණ වී ඇත.
 
මගේ වෘත්තීය කාලය තුල අනන්තවත් මාරාන්තික,අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කර ඇත්තෙමි .ඒඩ්ස් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී පවා ලඟින් ඉඳගෙන බියක් සැකක් නොමැතිව ඔවුන් පරීක්ෂාකර ප්‍රතිකාර කර ඇත්තෙමි.
 
රෝගී මනුෂ්‍යයෙක් පරීක්ෂාකර ඔහු හා කතාබහ කිරීමේදී පවා ඔහුගේ මනස සහ ආත්මශක්තිය සුවපත් වේ..
 
නමුත් කොරෝනාව මේ හැමදෙයක්ම උඩු යටිකුරු කර ඇත..අප වෙත පැමිනෙන සැකකටයුතු රෝගින්ගේ රෝග ඉතිහාසය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය කරුනු සටහන් කරගන්න වෙන්නේ අඩුම තරමින් වෛද්‍යවරයත් රෝගියත් අතර මීටර් 2ක් පමණවත් පරතරයක් ඇතුවය. ඔවුන් රෝහල් තුලට පය තබන්නේ මරණ වරෙන්තුව ලියාගත් පුද්ගලයයන් ලෙස බියෙන් ගැහි ගැහීය..අනික් රෝගීන්ට මෙන් වැඩි කාලයක් ගතකොට ඔවුගේ බිය තුරන් කිරීමේ ඉඩ ප්‍රස්තාව බොහෝ අඩුය..ඒ වැඩිකාලයක් රෝගියෙකුට නිරාවරනය වීම අතිශයෙන් අවදනම් කාරී දෙයක් සේම අපජීවිතද අනතුරේ හෙලීමක් නිසාය. ගෝනි බිල්ලන් ලෙස අඳුම් ඇඳ අපිට ඔවුන් බැලීමට සිදුවන්නෙ එය එතරම්ම භයානක සහ අවදානම් කාරී දෙයක් නිසාය.
 
ඉතාලියේ එක් දිනක් තුල ප්‍රතිකාර සඳහා කැපවුන වෛද්‍යවරු 17 ක් මියයාම සහ සෞඛ්‍ය කාර්‍යමන්ඩලය තුන්දාහකට අධික පිරිසක් ආසාධිතයින් බවට පත්වීම මෙහි බරපතළ කම මොනව්ට පැහැදිලි කරයි.
 
සැකකටයුතු තෝරාගත් රෝගීන් යොමු කෙරෙනුයේ රෝහල පරිශ්‍රයේ වෙන්ව ඇති මුද්‍රාතබන ලද වාට්ටුවකටයි .. ඔහු රැගෙන එන සියලු අඳුම් පැළඳුම් උපකරන විෂබීජ නාශක ඉස ජීවානුහරනය කරනු ලැබේ . ඔහු වාට්ටුව වෙත ඇවිදගෙන එනවිට පය තැබූ පෘෂ්ඨන් ද ස්පර්ශ වුන ස්ථානද විෂබීජ හරණයට ලක් කෙරේ.ඇතමුන් කඳුළු සලමින් ගැහි ගැහී ඇතුලුවන්නේ මේ මුද්‍රාතැබූ කොරෝනා වාට්ටුවයි.
 
එතැන් පටන් ඔවුන්ට දුරකතන මාර්ගයෙන් හැරෙන්න කිසිම පවුලේ සාමජිකය්න්ට,මුණගැසීමට ඉඩ නොලැබේ.සෞඛ්‍ය කාර්‍යමන්ඩලය සහ රෝගීන් අතර සංනිවේදන කටයුතු සිදුවන්නෙ මයික්‍රෆෝන මගින්.
 
අත්‍යවශ්‍ය කටයුතු සඳහා රෝගීන් අසලට යාමේදී අර නීල් ආම්ස්ට්‍රෝන් හඳට යන විට ඇන්ද ඇඳුම් කට්ටලය වැනි ආරක්ෂිත පුද්ගලික ආරක්ෂක ඇඳුම් කට්ටලයක් ඇඳිය යුතුය.
 
අපරට චීනය ජපානය ඇමරිකව වැනි තාක්ෂණයෙන් පොහොසත් රටක් නොවේ..ඔවුන් රෝගීන්ගෙ අවශ්‍යතා ඉටුකිරීමට රොබෝ තාක්ෂණය වැනි දේවල් යොදා ගන්නව.නමුත් අපහට වැඩ කරන්න වෙන්නෙ අපිට හිමි ඉතාමත් සීමාකාරී සම්පත් එක්ක.
 
නමුත් අපරටේ සංනිවේදන ආයතන මීටවඩා මේරටේ මිනිසුන් දෙස බැලුවොත් හොඳයි..
 
වීඩියෝ කොන්ෆරන් වැනි තාත්ශණය නොමිලේ කොරෝනා මධ්‍යස්ථානය වෙත ලබා දීමෙනුත්
 
නිදහස් දුරකතන සම්බදතා රෝහල් වෙත ලබා දීමේ රෝගීන් සම්බදතා පැවැත්වූ අය සොයාගැනීමට එය ඉතා පහසු වනු ඇත... අලුතින් ඉදිවෙන් කොරෝනා රොහල් වලටවත් එම පහසුකම් ලබා දෙනු ඇතැයි සිතමි ..රටට අවශ්‍ය මොහොතේ ඔවුටද වගකීමක් ඇත.
 
ඇදිරිනීති කාලසීමා සෞඛ්‍ය සේවකයන් රෝහල් වලට පැමිනෙන්නෙ ගොඩක් දුෂ්කරතා මැද.අප රට තුල ශක්තිමත් ස්වෙච්ඡා සේවා ජාලයක් නැත..සියල්ලම ඉටුකිරීමේ වගකිම හමුද පොලිසි මත පැටවේ .මොන නීතිරීති තිබුනත් හැමවිටම මනුශික වන්න. පුරවැසියෙක් ලෙස ඔබේ වගකීම මේ අවස්තාවෙ රට වෙනුවෙන් සෙසු පුරවැසියන් වෙත නොපැකිලව ඉටුකරන්න.
 
චීනයට ඉතාලියට ඉරානයට අත්වූ ඉරනම හෙට දිනයේ අපේ රටේ මිනිසුන්ට අත්නොවන්න කටයුතු කරමු ..මෙය කෙනෙකුට තනියෙන් කලහැකි දෙයක් නොවේ..හැමෝටම සාමූහික වගකීමක් තියෙනව.නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න.
 
කොරෝනා ඔබේ තනතුර සමාජ තත්වය දුප්පත් පොහොසත් පින්වතෙක්ද පවුකාරයෙක් ද නොසලකයි.ඔබේ නොසැලකිලිමත් කම පමනයි ඔබව බිලිගන්න හේතු වෙන්නෙ ..එය ඔබේ පමණක් නොවේ ඔබේ සමීපතමයා සහ හිතවතා බිලිගත හැකියි.
 
මොකද සත්භාවයෙන් තමා ලඟට පැමිණි කෙනෙක්ට පිරිත් නූලක් බැඳපු ස්වාමින්වහන්සේ කෙනෙක්ද සැකකටයුතු ආසාධිතයෙක් ලෙස ප්‍රතිකාර ලබනවා..
 
පිරිත්නූල බැඳගත් කෙනා කරෝනා ආසාධිත්‍යෙක් නිසා..කොරෝනා ඒ ආකාරයෙන්ද ඔබ බිලිගත හැක
 
අපිටත් දරු පවුල් ඉන්නව අපිත් ආරක්ශාවෙමින් සෙසු කාර්‍යමන්ඩල සමග කන්ඩායම් හැඟීමෙන් ඔවුගේද ජීවිත අනතුරට ලක්නොකර සාරථකව කොරෝනා වෛරසයට එරෙහිව අවසාන මොහොතතෙක්ම සටන් කරමු.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,316 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,567 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,882 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,846 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,415 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top