Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
"විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේදි ප්‍රේම සම්බන්ධතා කිහිපයක් තිබුණා..." - මහාචාර්ය සුනිල් ආරියරත්න

- "විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේදි ප්‍රේම සම්බන්ධතා කිහිපයක් තිබුණා..." - මහාචාර්ය සුනිල් ආරියරත්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,854 Views
" හදවතට බොහොම සමීප වුණ ආදර සබඳතාත් තිබුණා.."

"ප්‍රේමය නම් රාගයෙන් තොර,සඳ එළිය සේ අචින්ත්‍යයි.."

සිංහල සිනමාවට විශිෂ්ට චිත්‍රපට රාශියක් දායාද කළ ඔහු විටෙක සහෘද හදවත් කම්පිත කළ ගේය පද රචකයෙකි. තවත් විටෙක පර්යේෂකයෙකි. එනිසාම විවිධ විෂය යටතේ පොත් සියයකට වැඩි ගණනක් සිංහල සාහිත්‍යයට දායාද කළ ලේඛකයකු ද වේ. තවත් වරෙක සභා තොමෝ සතුටින් හිනාගැස්වූ දේශකයෙකි මහාචාර්ය සුනිල් ආරියරත්න ඔහු ය. ප්‍රේම අසපුවේ මුනිවරයා ලෙසද විරුද නාමයකින් හැඳින්වෙන ඔහු හිතට එකඟව කතාකළ මොහොතකි මේ.

ඇදුරුතුමනි ඔබ මහාචාර්යවරයකු ලෙස හඳුන්වනවාටද වඩා කැමති කලාකරුවකු ලෙස හඳුන්වනවාටද?
මහාචාර්යවරයකු ලෙස කටයුතු කිරීම වුණේ මාගේ වෘත්තිය. එය බොහොම ගෞරවාන්විතයි. සිනමාව, සාහිත්‍ය, ගීත රචනය වැනි සියලු විෂයනුත් මා අතින් සිදුවන නිසා මම වඩා කැමති මාව කලාකරුවකු ලෙස හඳුන්වනවාට.

අද වනවිට ඔබ ලෝකයේම කතාබහට ලක්වූ නවආරයේ චිත්‍රපට බොහොමයක් නිර්මාණය කළ කෙනෙක්. කොහොමද ඊට අදාළ පසුබිම සකස් වෙන්නේ...?
සිනමාකරුවකු ලෙසින් මෙතරම් දුරක් එන්න ජිවිතයේ පටුන සකස් වූයේ බාල කාලයේදීමයි.

ඒ අතීතය මතක් කළොත්?
මගේ අම්මාගේ පොඩි අයියා නවගමුව දේවාලයේ කපුමහත්තයෙක්. ඒ නිසා අපි ඉස්සර දේවාලයේ කෙරෙන යාතිකා, තොවිල් ආදිය බලන්න යනවා. එහෙම බලන්න ගිහිල්ලා මම ඇතුළු මගේ සහෝදරයන් පිරිස පසුදා උදේ ඒවා රඟදක්වනවා. අහල පහල ගෙවල්වල අයත් මේ රඟපෑම්වලට ගන්නවා. ඔය අතරේ මගේ මාමා අපිට ගෙනත් දෙනවා. පුංචි බෙරයක්. එය සිංදු කියන්න නාට්‍ය රඟදැක්වීමට උත්තේජනයක් වෙනවා. ඔය කාලෙදී මම අමල්බිසෝ කියලා නාට්‍යයක් අසල්වැසියෝ එක්ක කළා.

පුංචිම කාලේදී ඔබ පොතකුත් ලිව්වාද?
ඔව්. මගේම පොතක්. ලියනකොට මට වයස අවුරුදු 11යි. අහිංසකයෝ කියන කෙටිකතාවත්, අලකේෂ්වර කියන ඓතිහාසික නවකතාවත්, සි​ෙයාතුන්ට රැකවල් කියන කවි පොතත්, අපි ඔක්කොම කියන පොතුත් එකම වසරක කෙරුණා ඒවා.

විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ඨ වෙන්නේ
මම ඉගෙන ගත්තේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන්. උසස් පෙළින් පසු විද්‍යෝදය විශ්වවිද්‍යාලයට (වර්තමාන ජයවර්ධනපුර නමින් හැඳින්වෙන) මා ප්‍රවිෂ්ඨ වෙනවා. එහිදී සිංහල විශේෂවේදී උපාධිය හදාරනවා. ඇත්තටම කුඩා කාලයේ ඉඳලාම මම කැමතිම විෂය වුණේ සිංහල. සිංහල ඉගැන්වීමට ලැබීමද භාග්‍යයක්.

ඔබ අදටත් ඉගැන්වීමේ කටයුතු කරනවාද?
නැහැ. වසර 40ක් විශ්වවිද්‍යාල ඇදුරෙකු ලෙසින් කටයුතු කරලා මම එයින් සමුගත්තේ ආයේ කවදාවත් විශ්වවිද්‍යාලයට යන්නෑ කියලා හිතලා.

හිත් රිදීමක්ද?
අනේ නැහැ. මම පෞද්ගලිකව හිතුවා අපේ කාලය ඉවරනම් අපි ඉවත් වෙන්න ඕනේ තවත් අලුත් පිරිසකට ඉඩදීලා කියලා. එහෙම හිතලා මම විශ්‍රාම ගැනීමෙන් පසු විශ්වවිද්‍යාලයට ගියේ දෙසැරයයි. ඒත් උත්සවයක ආරාධිතයකු ලෙස.

ඔබතුමා විශ්වවිද්‍යාලයේ ඉන්නකොට ආදරය විඳින්න ලැබුණේ නැද්ද?
මොකද නැත්තේ. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේදි ප්‍රේම සම්බන්ධතා කිහිපයක් තිබුණා. හදවතට බොහොම සමීප වුණ ආදර සබඳතාත් තිබුණා. ඒ සියල්ල ඇතිවීම නැතිවීම කියන ධර්මතාව තුළ දෝලනය වී අවසන් වුණා.

අහිමි ප්‍රේමයද ඇතැම් ගීතවලට පාදක වෙන්නේ?
අහිමි ආදරයටත් වඩා මා ලිව්වේ ප්‍රථම ප්‍රේමය ගැන. ‘ප්‍රථම ප්‍රේමය’ කියන වචනය ගීත රචනයකට පළමුව ලිව්වේ මම කියලයි මම හිතන්නේ.

ජීවිතේ තනිකමක් දැනෙන්නේ නැද්ද?
නැහැ, මම හිතන්නේ මට එහෙම නොදැනෙන්නේ මම සෑම දවසක්ම අර්ථාන්විතව ගත කරන්න යොදාගෙන තියෙන නිසා. උදෑසන 4ට අවදිවෙලා රාත්‍රි 10ට නින්දට යනකම්ම ගතවෙන කාලයේ කුමන හෝ ඵලදායි දෙයකට නොයෙදෙව්වොත් එය මට සාර්ථක දිනයක් වෙන්නෑ.

ඔය තරම් නිරෝගීව ඉන්න රහස කුමක්ද?
මම හිතන්නේ එයට ප්‍රධානම හේතුව තමයි මගේ ජීවිතයේ කවදාවත් මානසික ආතතිය කියන දේ නොතිබීම. බැඳීම් සීමාවීම, අල්පේච්ඡ ජීවන රටාව. ආසාවන් පසුපස හඹා නොයෑම තමයි ඔබ ඇසූ නිරෝගිකමේ රහස. ඊට අමතරව ඉතිං කෑම බීම ගැනනම් කොහොමත් සැලකිලිමත්. මම දුම්පානය කරන්නෑ. ළඟම හිතවතෙක් මුණ ගැසුණොත් සාදයකදී මධුවිත ටිකක් නම් ගන්නවා.

වරක් සඟරා ලිපියක ඔබව හැඳින්වූයේ ප්‍රේම අසපුවේ මුනිවරයා ලෙස.
ඔව්. ඔව්. ඇත්තටම මමත් හරියටම දන්නෑ එහෙම ඇමතුවේ ඇයි කියලා.

ඔබ ඇයි නිතරම බුද්ධ කාලේ කතා, දේව කතා, ඉතිහාස කතාම සිනමාවට නගන්නේ. සුන්දර ප්‍රේම කතාවක් චිත්‍රපටියකට නගන්න අදහසක් නැද්ද?
මා අධ්‍යක්ෂණය කළ සියලු චිත්‍රපටි පුරාණ ප්‍රේමවෘතාන්ත.

ඔබේ බොහෝ චිත්‍රපටිවලට ඉන්දියාවෙන් නළු නිළියන් ගේනවා. ඊට විශේෂ හේතුවක් තියෙනවාද? ලංකාවේ නළු නිළියෝ ලස්සන නැද්ද?
ආරම්භයේ සිට මේ දක්වා මම චිත්‍රපටි 24ක් කරලා තියෙනවා. එයින් දෙකකට විතරයි භාරතිය නළු නිළියන් සහභාගි කර ගත්තේ.

‘යශෝදරා’ චිත්‍රපටයටත් මේ දිනවල රූගත කිරීම් කරන ‘කදිර දිව්‍යරාජ’ චිත්‍රපටිවල ප්‍රධාන චරිතවලට විතරයි ඉන්දියාවෙන් නළුනිළියන් සහභාගි කර ගත්තේ. එම චිත්‍රපට දෙකට ලංකාවෙන් නළු නිළියන් නොගත්තේ පූජනීය චරිතවලට මෙරට රංගන ශිල්පීන් දායක කර ගත්තම ප්‍රේක්ෂකයෝ ඔවුන්ගේ පෞද්ගලිකත්වය ගැන ඕනෑවටත් වඩා හොයන්න ගන්නවා. එහෙම වුණාම එම රංගන ශිල්පීන්ට එකම රඟපෑම්වලට කොටුවෙන්න සිදුවෙනවා. එවැනි කාරණා සැලකිල්ලට ගෙනයි ඉන්දියානු නළු නිළියන් එම චිත්‍රපට දෙකට සහභාගි කර ගත්තේ.

කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ සොනාක්ෂි රාවන් සහ සමර් විර්මානි හිංදු භක්තිකයන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාව තෝරා ගත්තේ ඉන්දියාවේ මුම්බායි නගරයේ දින තුනක් පුරාවට පැවතුන රඟපෑම් පරීක්ෂණයකින්.

ඔබ අධ්‍යක්ෂණය කරන සෑම චිත්‍රපටයක්ම ජනප්‍රිය වෙන්න හේතුව කුමක්ද?
ඒ ගැන ඇත්තටම මට සතුටුයි. එහි ප්‍රණාමය මට විතරක්ම අයිති නෑ. චිත්‍රපටියක වැඩකළ සියලු දෙනාගේම කැපවීම ප්‍රේක්ෂකයා චිත්‍රපට ශාලාවලට වැඩිදුර ගෙන ඒමට හේතු වෙනවා.

වැඩිම ආදායම් වාර්තා චිත්‍රපට කිහිපයක්ම ඔබ නිර්මාණය කළා.
ඔව්. පත්තිනි, යශෝදරා, කුසපබා, අබා වගේ චිත්‍රපට බොහොමයක්ම තිරගතවූ වසරවල වැඩිම වාර්තා හිමිවූ චිත්‍රපටි.

චිත්‍රපටි වගේම ඔබේ ගීත රචනය ගැනත් දැන ගන්න කැමතියි.
මම මේ වෙනකොට ගීත 700 විතර රචනා කර තිබෙනවා. එයින් සීමිත ප්‍රමාණයක් තමයි ජනප්‍රිය වී තිබෙන්නේ.

ඔබ රචනා කරන ගීත එතරම් ශ්‍රාවකයා අතරට යන්න හේතුව?
මට සෑම විටම අවශ්‍ය වුණා ගීත කලාව අලුත් මාවතකට ගෙනියන්න. ඒ ගීත කලාව ඇතුලේ අත්දැකීම්, ආකෘතිය, අත්හදා බැලීම් කියන සියල්ල අඩංගු වුණා. ගීතයක ප්‍රධාන විෂය බවට පත්වෙන්නේ ප්‍රේමය සහ පරිසරය. ඒ විෂයන් වස්තු බීජ කර ගනිද්දී කවියේ තිබුණ ආකෘති, විරිදු බයිලා වගේ දේවලුත් මම ගීතයට එකතු කළා. ඒකයි ගීත ජනප්‍රියවීමට හේතුව.

ඔබ සංගීතය විෂයක් ලෙසට හදාරා තිබෙනවා නේද?
විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා මම තෝරාගත්තේ සිංහල ගීත පද මාලා සම්ප්‍රදාය කියන මාතෘකාව. එම පර්යේෂණ කෘතිය සාර්ථකව කිරීමට නම් සංගීතය විෂයක් ලෙසට හැදෑරිය යුතුයි කියා මට හිතුනා. ඒ අනුව විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කරන ගමන්ම මම සංගීත විශාරද ප්‍රේමදාස මුදුන්කොටුව මහතා යටතේ සංගීතය වසර 5ක් හැදෑරුවා. ඒ හැදෑරීමේ ප්‍රතිපලයක් ලෙසට සංගීත විශාරද විභාගය පළමු පන්තියේ සමාර්ථයක් සමග සමත්වීමට හැකිවුණා. එහි ප්‍රතිපලයක් ලෙසට මගේ නිබන්ධනය සිංහල ගීතය සම්බන්ධයෙන් විශ්වවිවිද්‍යාල මට්ටමේ කෙරුණු ප්‍රථම පර්යේෂණය වුණා. සංගීතය ගැන හදාරපු නිසා බොහෝ ගීත රචනා නිර්මාණවීමේදී ගී තනුව හිතේ තියන් ලියන නිසාත් ගීතයේ සාර්ථකත්වය තිබුණා.

ආදරය ගැන මොකද හිතෙන්නේ
ප්‍රේමය නම් රාගයෙන් තොර,
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරි ශුද්ධයි
සුරම්‍යයි
ඔය වචන ටික ඇතුළේ බොහෝ දේ කියවෙනවා.

අසුන්තා එදිරිසූරිය
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,320 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,601 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,428 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top