Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාරවලට සිදු වන දේ

- පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාරවලට සිදු වන දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,636 Views
දිවයිනට පනවා ඇති ඇඳිරි නීතිය ප්‍රදේශ කිහිපයකට තාවකාලිකව ඉවත් කිරීමත් සමඟ, වෙළඳසැල් වෙත පැමිණි ජනතාව ඇතැම් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟ බවට චෝදනා කරනවා.
 
කෙසේ වෙතත්, රජය සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සමිතිය ප්‍රකාශ කළේ අවශ්‍ය තරම් අත්‍යාවශ්‍ය ආහාර තොග රට තුළ පවතින බවයි.
 
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සමිතියෙන් කළ විමසීමකදී එහි ලේකම් ජී. නාදන් කියා සිටියේ අවශ්‍ය තරම් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඔවුන් සන්තකයේ පවතින අතර, ඇඳිරි නීතිය පැවතිය ද, ඊට අදාල බලපත්‍ර ලබාගෙන පිටකොටුව වෙළඳසැල්වෙත පැමිණ තොග වෙළඳුන්ට ඒවා මිලදී ගත හැකි බවයි.

ජනතාව එල්ල කරන චෝදනාව පිළිබඳව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ද අප විමසීමක් කළා.
 
එහිදී ඔහු කියා සිටියේ ජනතාවට අවශ්‍ය තරම් රට තුළ ආහාර තොග සංචිත පවතින බවයි.
 
ඒ හේතුවෙන් ආහාර තොග අනවශ්‍ය ලෙස නිවෙස් තුළ රැස් කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
 
එමෙන්ම, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.කේ.එස්.එල්. රාජදාස සඳහන් කළේ සතොස මෙන්ම සමූපකාර දෙපාර්තමේන්තුව හරහා ඔවුන්ගේ වෙළඳසැල් වෙත අවශ්‍ය ප්‍රමාණයට භාණ්ඩ මේ වනවිටත් යොමුකර ඇති බවයි.
 
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන සහකම්පන සංවිධානය කියා සිටියේ රට තුළ පවතින තත්ත්වය හමුවේ ආබාධිත පුද්ගලයින්ට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ක්‍රමවේදයක් සලසන ලෙසයි එම සංවිධානයේ සභාපති ප්‍රසන්න වික්‍රමසිංහ ඉල්ලා සිටියේ.
 
එමෙන්ම, පසුගියදා උපරිම සිල්ලර මිලක් නියම කෙරුණු පරිප්පු සහ සැමන් යන භාණ්ඩ අදාළ මිලට වඩා වැඩි මිලට අලෙවි කළහොත් එම වෙළඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළා.
 
එහි සභාපති ශාන්ත දිසානායක සඳහන් කළේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දැනටමත් තම අධිකාරියේ කණ්ඩායම් වැටලීම් සිදුකරමින් සිටින බවයි.
 
මේ අතර, දින 20ක් සඳහා අවශ්‍ය ඉන්ධන තොග පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
 
ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 81,200ක් රැගත් ටැංකි 14කින් සමන්විත දුම්රියක් අද පෙරවරුවේ කොලොන්නාව තෙල්තොග ගබඩා පර්යන්තයේ සිට පේරාදෙණිය දක්වා ධාවනය වූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටියා.
 
තවත් ඩීසල් ලීටර් 40,000ක් අඩංගු දුම්රියක් අද දහවල් 12ට මඩකලපුව බලා පිටත්ව යාමට සැලසුම් කර ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.
 
මීට අමතරව පෙට්‍රල් සහ ඩීසල් ලීටර් ලක්ෂ පහක් අඩංගු තවත් දුම්රියක් අනුරාධපුරයට ද ගුවන් යානා ඉන්ධන ලීටර් 40,500 බැගින් අඩංගු දුම්රිය දෙකක් කටුනායක ගුවන්තොටුපළ දක්වා ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවද වාර්තා වනවා.
 
කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ රට තුල ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි.
 
ඇදිරි නීතිය පවතින කාලසීමාවේ විදුලිබල සැපයුම අඛණ්ඩ පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියා.
 
ඇඳිරි නීතිය පවතින අවස්ථාවලදි ගොවිතැන් කටයුතු කරගෙන යාම සඳහාලබාදී ඇති සහනය තමන්ටද ලබාදෙන ලෙස ධීවරයින් ඉල්ලා සිටිනවා.
 
දින කිහිපයක් තිස්සේ ඇඳිරි නීතිය පැනවීම තුළින් තම ආදායම් තත්ත්වය පහළ වැටී ඇති බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුත්තලම ප්‍රදේශයේ ධීවරයින් කිහිපදෙනෙකු කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,495 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,042 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,542 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,628 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,962 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,893 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,592 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  956 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top