Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
23
"අපි උපතින් ගොඩක් ලස්සන වෙලා හදවතින් අවලස්සන නම් තියෙන ලස්සනෙනුත් වැඩක් නැහැ.." - පබෝධා සන්දීපනී

- "අපි උපතින් ගොඩක් ලස්සන වෙලා හදවතින් අවලස්සන නම් තියෙන ලස්සනෙනුත් වැඩක් නැහැ.." - පබෝධා සන්දීපනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

66 Views
සිනමාව, රූපවාහිනිය මෙන්ම වේදිකාවද එක ලෙස ජය ගැනීමට තම රංගන කෞෂල්‍ය උපයෝගිකර ගත හැකි නම් රංගනයේ නියුතුවන්නෙකුට එය භාග්‍යයක්. එම දුර්ලභ අවස්ථාව ජයගත් දක්ෂ රංගන ශිල්පිනියක් වූ ඇය පබෝධා සන්දීපනීයි. මේ ඇය ගැනයි

පබෝධා ඔබ, එන්න එන්නම ලස්සන වෙනවා. මොකක්ද රහස?
ම්... විශේෂ රහසක්නම් නෑ. හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න එකයි, ප්‍රශ්න ඔළුවේ තියන් ඉන්නේ නැති නිසයි. මම හැමදාම ඉන්නේ සතුටින්. ඒ වගේම සැහැල්ලුවෙන්.

ඔච්චර ලස්සන රූපයක් ලැබුණේ කොහොමද?
මම හිතන්නේ මගේ දෙමව්පියෝ නිසා. මගේ තාත්තාගේ හම කහම කහ පාටයි. ඒ පාටම මටත් ලැබිලා තියෙනවා. ඒ වගේම අම්මාගේ ෆීචසුත් මගේ ලස්සනට හේතුවක්. මේ හැමදේම එක්ක මම බෞද්ධයකු විදිහට විශ්වාස කරනවා පෙර සංසාරේ මං කරලා තියෙන පිං මේ ආත්මේ ලස්සන වෙලා ඉපදෙන්න බලපාන්න ඇති කියලා.

ඔබ හිතනවාද කාන්තාවකට ලස්සන වැදගත් කියලා.
ඔව්. කාන්තාවක් කියූ සැනින්ම අප මතකයට නැගෙන්නේ ඇය සුන්දර කෙනෙක් ලෙසට. මෙහිදී මා පෞද්ගලිකව හිතන දෙයක් තමයි පිරිසිදුකම සහ පිළිවෙළ තියෙනවානම් කාන්තාවක් මතුපිටින් ලස්සන වෙන එක බාධාවක් වන්නේ නෑ. අනිත් දේ තමයි අපි උපතින් ගොඩක් ලස්සන කෙනෙක් වෙලා ඇතුළාන්තයෙන් හදවතින් අවලස්සන නම් ලස්සනෙනුත් වැඩක් නැහැ කියලා මට හිතෙන්නේ. ඒ නිසා බාහිර රූපය වගේම හදවතින්ම ලස්සන වෙලා ගුණධර්ම වගාකළා. යහපත් විදිහට ජීවත් වුණොත් අපිට ලැබෙන පිළිගැනීම, වටිනාකම හරිම ඉහළයි.

සිතුවිලිවලින් ලස්සන වෙන්න ඔබ මොකද කරන්නේ
විශේෂම දෙයක් කියලා කරන්නෑ. නමුත් සිතුවිලි නිතරම යහපත්ව තියාගන්න උත්සාහ කරනවා. ද්වේශය, තරහව හිතින් අයින් වෙනවානම් අධ්‍යාත්මිකව ලස්සනවීම ගැටලුවක් වන්නේ නැහැ.

ඔබ ලස්සනයි කියලා ඔබට දැනෙන්න පටන් ගන්නේ?
පුංචි කාලේ ඉඳලාම ‘‘ලස්සන දුවක්’’ කියලා නිතර ඇහිලා තියෙනවා. අදටත් අම්මාගේ යාළුවෝ එහෙම හම්බ වුණාම කියනවා ‘‘දුවේ ඔයාගේ පුංචි කාලේ පින්තූර අපි ළඟ තාම තියන් ඉන්නවා. ඔයා ඒ වගේම තාමත් ලස්සනයි කියලා.

එහෙම දේවල් ඇහෙනකොට මොකද හිතෙන්නේ.
ඇත්තටම ඉතිං සතුටුයි. එවැනි දේ ඇහුණාම තව තවත් ලස්සනට ඉන්න ඕනේ කියලා උත්තේජනයක් ලැබෙනවා.

ලස්සන වෙන්න මොනවාද කරන්නේ
දැන්නම් එහෙම දේවල් කරන්න ඇත්තටම වෙලාවක් නෑ. මාසයකට දවසක් සැලොන් එකකට ගිහින් පේෂල් එකක් කරගන්න එක තමයි කරන්නේ. හැබැයි ගොඩක් තරුණ කාලේනම් ලස්සන වෙන්න කියලා කොහොඹ කොළ කොටලා බොනවා. අමුකහ මූණේ ගානවා. ඔය වගේ දේවල් කළා. මගේ ආතා වෙද මහත්ත​ෙයක්. මට මතකයි ආතා ඉස්සර එක එක කොළවර්ගවලින් කැඳ හදලා දවස ගානේම උදේට කැඳ කෝප්පයක් පොවනවා. කැඳ බිව්වාම ලස්සන වෙනවා. කොණ්ඩේ ගොඩක් එනවා කිව්වාම මම ඔක්කොම බොනවා. පුංචි කාලේදි එසේම කාපු බීපු ගුණාත්මක දේවල් අදටත් ලස්සන ඉන්න බලපාන්න ඇති කියලා හිතනවා.

රංගන ශිල්පිනියක් ලෙසට ඇඟේ හැඩය ලස්සනට තියාගන්න මොනවාද කරන්නේ?
පුරුද්දක් විදිහට දෛනිකව මම ව්‍යායාම කරන්නෑ. නමුත් යම් චරිතයකට ඇඟ කෙට්ටුකර ගන්න අවශ්‍ය වුණොත් සති තුනක් ඇතුළත ඇඟ අඩුකර ගැනීමේ හැකියාවක් මට තියෙනවා. එතකොටනම් ව්‍යායාම කිරීම වගේ කෑම පාලනය නිරතුරුවම සිදුවෙනවා.

කෑම පාලනය කරන විදිහත් දැනගන්න කැමතියි
කෑම පාලනය කරන දිනවලට වතුර වැඩිපුර බොනවා. බත් සතියකට වරක් වගේ ඉතාම සුළු ප්‍රමාණයක් ආහාරයට ගන්නේ. ඕට්ස්, කිරි, එළවළු සලාද, කුරක්කන් කැඳ, සුප් වගේ සැහැල්ලු ආහාර තමයි, දෛනිකව තුන්වේලට ගන්නේ. සුදුපාන් කෑමත් අඩු කරනවා.

එළවළු පලතුරුවලින් මොනවාද වැඩිපුර කන්න කැමති?.
පුංචි කාලේ ඉඳල මා එළවළු පලතුරු තෝරා බේරා ගෙන කන පුරුද්දක් මට තිබුණේ නෑ. ඒ නිසා ඕනෑම එළවළුවක් පලතුරක් කෑමට ගන්නවා. පුරුද්දකට මගේ පුතාටත් තියෙනවා. එයත් කිසිම දෙයක් තෝරා බේරා ගන්නෑ.

ලස්සන කොණ්ඩේ රැකගන්න මොකද කරන්නේ?
ඉස්සරනම් අත්තම්මා ගෙදරම හින්දගත්ත ඖෂධ තෙල් ගාලා හොඳට පීරලා කොණ්ඩේ ගොතනවා. පුංචි දවස්වල තමයි කොණ්ඩයට හොඳ සත්කාර ලැබුණේ. දැන්නම් ලොකු සාත්තුවක් වෙන්නෑ. කොණ්ඩය පිනට ලැබුණ දෙයක් නිසා ලොකු අගයක් නෑ වගේ.

ඔබ රංගන ක්ෂත්‍රයට පිවිසෙන්නේ?
වයස අවුරුදු 4දී

එදා මෙදා තුර ඔබ රංගන ක්ෂේත්‍රයේ රැඳෙන්නේ ලස්සන නිසාමද?
නැහැ. දක්ෂතාවය රඟපෑමට අත්‍යවශ්‍යයි. අද වන විට මා රඟ දැක්වූ බොහොමයක් චරිත ප්‍රේක්ෂකයා වැළඳගෙන තිබෙනවා. එයට ප්‍රධානම හේතුව තමයි මා කෙරෙහි තැබූ විශ්වාසය.

ජනතාව අතරට ගිය ප්‍රධානම චරිත?
බහුභූතයෝ සහ ගින්දරී චිත්‍රපටවල නිරූපණය කළ ගින්දරී චරිතයට තමයි විශාලම ප්‍රතිචාරයක් ලැබුණේ.

නර්තනය ඔබ විෂයක් ලෙසට හැදැරුවාද?
ඔව්. පාසලේදී හදාරා තියෙනවා. ඊට අමතරව චන්න විජේවර්ධන මහතා යටතේත් නර්තනය හදාරා තිබෙනවා. අම්මාටත් නර්තනය හොඳින් පුළුවන් නිසා මගේ ඇගේම නර්තනය තිබුණා කියලයි මට හිතෙන්නේ.

නර්තනය, ලස්සනට ඉන්න හේතුවක්ද?
ඒකත් හොඳ ව්‍යායාමයක්

දියණියක්, යුවතියක්, බිරිඳක් , මවක්, ලෙසට ජීවිතයේ විවිධ කඩඉම් පසුකරද්දී සැමදාම ලස්සනට ඉන්න ඕනේ කියා ඔබ විශ්වාස කරනවාද?
ඔව්. හැමදාම ලස්සනට ඉන්න කෙනෙක් දකින්න අපි හැමෝම ආසයි. කොච්චර වයසට ගියත් ලස්සනට, කඩිසරව ඉන්න ආච්චි අම්මා කෙනෙකුට පවා අපගේ හිත යන්නේ ලස්සනට ඉන්න වයස බලපාන්නේ නැති නිසා.

පුතාගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ලස්සන ගැන නම් ලොකු අවබෝධයක් නැහැ. ඒත් මම නියැලෙන වෘත්තියත් විශේෂ කෙනෙකු බවත් පුතා දන්නවා. පුතාට දැන් අවුරුදු 6ක්

අසුන්තා එදිරිසූරිය




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top