ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් වගේම, වෛද්‍යවරුන්, හෙද හෙදියනුත් මේ පිරිසට අයිතියි. ඔවුන්, ඔවුන්ගේ කාලය ශ්‍රමය මේ වෙනුවෙන් කැප කරන්නේ තවත් එක රෝගීයෙකුගේ ආයුෂ දීර්ඝ කරන්න ආසාවෙන්.
මේ ඇතැම් හෙද හෙදියන් ඔවුන්ගේ නැදෑයින්ගෙන්, හිතමිතුරන්ගෙන් පවා දුරස් වෙලා. සමහර අය ඔවුන්ව "කොරෝනා වාට්ටුවේ වැඩ කරන අය" විදිහට හංවඩු ගහලා.
ඒත්.. ඔවුන් මේ වෘත්තියට කැපවුණු, මේ රටේ මේ මොහොතේ කවුරුත් නොකරන කැපකිරීමක් කරමින් ඉන්න අයයි. ඒ නිසාම ඔවුන්ට අපේ ගෞරවය හිමි විය යුතුමයි.
මේ ගාල්ල කරාපිටිය රෝහලේ හෙද නිලධාරිණියක් ඇගේ අත්දැකීම් ගැන, මුහුණූ පොතේ තැබූ සංවේදී සටහනක්...
මම මගේ හෙද ජීවිතයට ගොඩක් ආදරෙයි එදත් අදත් හෙටත් ..
ඒ වගේම නර්සින් යුනිෆෝම් එකට.
හුස්ම ගන්නත් අමාරු ආරක්ෂක ඇදුමක්
පැය 3,4 ක් ඇදන් ඉන්න වෙයි කියලා
කවදාවත් නොහිතුවත් අද ඒ දේ සිද්ද වෙලා ..
හරියට යුද්ධයක් වගේ ඇදුම දා ගත්තාම කන රිදෙන තරම්,
බූට් වලට දනහිස රිදෙන තරම්..
සමහර වෙලාවට ඇදුම අස්සෙන් ඇඩුවත් කාටවත් පේන්නෑ
ගෙදර යන්න බෑ ආසයි අම්මව බලන්න..
වතුර ටිකක් බොන්න හිතුනොත් බොන්න බෑ..
මේ තරම් දුකක් වින්දත් අදටත් මන් හෙද ජීවීතේ ට ආසයි
ඒ හින්දා මන් වගේම හැම සෞඛ්‍ය සේවකයෙක්ම
විදින මේ යුද්ධය ජය ගන්න ඔයාලත් සහය වෙන්න..
මෙච්චර දුශ්කර ඇදුම් ඇදන් ඔයාලට ගෙදර ඉන්න වෙන්නෑනේ
ඒ හින්දා ප්ලීස් හැමෝම ගෙදර ඉන්න...අපිට උදව් කරන්න..