Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
මෙරටින් හමුවූ Covid 19 ආසාදිතයින්ගේ වතගොත මෙන්න - ආසාදිත රෝගීන් දෙදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් - ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 4 දෙනෙකුත් කරාපිටිය රෝහලට

- මෙරටින් හමුවූ Covid 19 ආසාදිතයින්ගේ වතගොත මෙන්න - ආසාදිත රෝගීන් දෙදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් - ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 4 දෙනෙකුත් කරාපිටිය රෝහලටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,254 Views
නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයින් 3506ක්..
 
මේ වනවිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඇය කියා සිටියේ ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 9 දෙනෙකු සොයාගත් බවයි.

එමෙන්ම, ආසාදිත රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් ඔවුන් අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මීට අමතරව නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයින් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.
 
ඉන් 31 දෙනෙකු විදේශිකයින් වනවා.
 
මේ අතර උණ සහ උගුරේ ආසාදනයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 4 දෙනෙකු ඊයේ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
 
රැදවියන් දෙදෙනෙකු දහවල් රෝහල් ගත කර ඇති අතර, අනෙක් දෙදෙනා රෝහල් ගතකර ඇත්තේ රාත්‍රී 7ට පමණයි.
 
රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන් මේ වන විට කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් සඳහා වෙන් කර ඇති වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි.
 
එමෙන්ම රෝගී අවශ්‍යතාව මත රුධිරය සහ රුධිර සංඝටක දැනට ප්‍රමාණවත් තරම් පවතින බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහන් කළා.
 
එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ සඳහන් කළේ ඇඳිරි නීතිය සහ කොරෝනා වෛරසයේ අවදානම ඉදිරියටත් පැවතුණහොත් ඊට මුහුණදීම සඳහා රුධිරය එක්රැස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශ නියෝජිතයන්ගේ ද සහභාගීත්වයෙන් අද පැවැත්වෙන බවයි.

මේ අතර කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුර පළාත හැර සෙසු දිස්ත්‍රික්කවල පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කිරීමෙන් පසුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ වනවිට දැඩි තදබදයක් පවතින බව ප්‍රදේශයේ අප වාර්තාකරු සඳහන් කළා.

ඔහු කියා සිටියේ වෙළඳුන් සහ ජනතාව වැඩි පිරිසක් මේ වනවිට ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති අතර, ඔවුන් ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් තොරව හැසිරීම හේතුවෙන් මෙම තදබදය නිර්මාණය වී ඇති බවයි.

එමෙන්ම අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් ජේ.කේ.එස්.එල්. රාජදාස සඳහන් කළේ අවශ්‍ය ප්‍රමාණයට ආහාර ද්‍රව්‍ය මේ වනවිට වෙළඳපොලේ පවතින බවයි.

මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව චීනය සිදුකරන සටන සෙසු රටවලට බලාපොරොත්තුවක් ලබාදෙන්නක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ටෙඞ්රොස් ඇඩනම් පවසනවා.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ඇතැම් විශේෂඥ පිරිස් චීනයේ සාර්ථකත්වයට වටිනාකමක් ලබාදීමට එරෙහිව විවිධ මත පළ කරමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගතවූ දින හතරක කාලය තුළ චීනයෙන් වාර්තාවී ඇත්තේ එක් නව ආසාදිතයෙකු පමණක් වන අතර, එය වූහාන් නගරයේ කොරෝනා වසංගතයේ ආරම්භක අවදියත් සමඟ සසඳා බැලීමේදී කැපී පෙනෙන තත්වයක් වනවා.

කෙසේ වෙතත් චීනයේ උපාය මාර්ග වෙනත් රටවලට, විශේෂයෙන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට අනුගමනය කළ හැකිද යන්න පිළිබඳ ඇතැම් රටවල් තවදුරටත් ප්‍රශ්න කර සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,501 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,044 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,546 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,628 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,962 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,893 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,592 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  956 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top