Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
කොරෝනා වලින් බේරෙන්න දාපු, ඇඳිරි නීතිය කැඩූ 1589 ක් පොලිස් දැලේ - මහබැංකුවෙන් සියලු බැංකු වෙත දැනුම්දීමක්

- කොරෝනා වලින් බේරෙන්න දාපු, ඇඳිරි නීතිය කැඩූ 1589 ක් පොලිස් දැලේ - මහබැංකුවෙන් සියලු බැංකු වෙත දැනුම්දීමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,446 Views
සුරාසැල් වලටත් තහනමක්...
වාහන 362ක් පොලිස් භාරයට..

කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාත හැර සෙසු දිස්ත්‍රික්කවල පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට පැය 08ක කාලයක් සඳහා ඉවත් කෙරුණා.
 
එලෙස ඉවත් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු දෙකට යලි පණවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

දිවයින පුරා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පැවතීම හේතුවෙන් දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පසුගිය 20 වන දා පස්වරු 6 සිට රජය පොලිස් ඇඳිරි නීතිය පණවනු ලැබුවා.
 
කෙසේ වෙතත්, කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක මෙන්ම උතුරු පළාත සඳහා පැනවූ ඇඳිරි නීතිය හෙට උදෑසන 6ට අවසන් කර එය පස්වරු 2ට යළි පනවනු ඇති.
 
සියලුම දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය නැවත පැනවීම පිළිබඳව පසුව දැනුම් දෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළා.
 
ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම සියලුම සුරාසැල් වසා තැබිය යුතු බවයි එම නිවේදනයේ තවදුරටත් දැක්වුණේ.
 
කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පනවනු ලැබූ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1589ක් සහ යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුලු අනෙකුත් වාහන 362 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මින් වැඩි පිරිසක් මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
ඇදිරි නීතිය පනවා තිබූ කාලයේ නෙළුව - වත්ත ආරච්චිකඬේ ඉදිරිපිට ගිංගගේ තොටුපලේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි 04 දෙනෙකු හිනිදුම පොලිසිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා.
 
මොවුන් නෙළුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
 
මේ අතර, පොලිස් ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු අවම වශයෙන් පැය දෙකක් විවෘත කර තබන ලෙසට ශ්‍රී ලංකා මහබැංකුව අදාළ බැංකුවලින් ඉල්ලීමක් කරනවා.
 
කෙසේ වෙතත්, හැකි සෑම විටම ගෙවීම් ඇතුළු බැංකු කටයුතු සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් භාවිත කරන ලෙසටත් මුදල් ගැනීම සඳහා තදබදය අඩු ස්ථානවල පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍ර භාවිත කරන ලෙසටත් මහබැංකුව ජනතාවට දැනුම් දෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,320 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,603 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,428 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top