ඇය අවසන් හුස්ම හෙළන තෙක් කැපවුණා..
බලන්න ඇය ප්‍රතිකාර ලබමින් සිටින අන්දම..
ලොවක් සංවේදී කළ වෛද්‍යවරියකගේ කතාව..
Covid 19 හෙවත් කොරෝනා ලෝකයක්ම අත්පත් කරගනමින් සිටින මොහොතක, එයින් වඩාත්ම බලපෑම එල්ලව ඇත්තේ වෛරසය උපන් චීනයටත් වඩා ඉතාලි රාජ්‍යයටයි. චීනය මේ වන විට වෛසරය මනාව පාලනය කර ඇතත් චීනයට ආසන්නයෙන් සිටින බොහෝ රටවල් වෛරසය නිසාම හිරිහැර ලබමින් සිටිනවා.
ගත වූ පැය විසිහතර තුළ පමණක් ඉතාලියෙන් මරණ 800කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ අතර එය මෙතෙක් වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව වනවා.
එමෙන්ම ඉතාලි රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් 7931ක් වාර්තා වන අතර එරට මිය ගිය ගිය සංඛ්‍යාව 1685ක් ලෙසයි සටහන් වෙන්නේ.
මේ අතරතුර කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කළ ඉරාන වෛද්‍යවරියක් වන ෂිරින් රුහානි (Shirin Rouhani) කොරෝනා නිසාම සිය ජීවිතය අහිමි කරගත් සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විශාල රෝගීන් පිරිසකට ප්‍රතිකාර සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හිඟකම හේතුවෙන් ඇය තනිවම වෙහෙස නොබලා රෝගීන් වෙනුවෙන් කැප වී තිබෙනවා.
එසේ රෝගීන් වෙනුවෙන් අපමණ වෙහෙසක් දැරූ ඇය තමා වෛරසයේ ගොදුරක්ව ඇති බවත්, තමන්ට ජීවිතය අහිමිව යා හැකි බවත් දැන සිටින්නට ඇති.
කෙසේ වෙතත් මෙම වෛද්‍යවරියගේ අවාසනාවන්ත සමුගැන්ම බොහෝ පිරිසක් සංවේදී කරන්නට සමත් වුණා.
හිත්පිත් නැති කොරෝනා ඉතාලියට වැරෙන් පහර දෙද්දිත් අසරණ රෝගීන් වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කළ ඇය ගැන මුහුණූ පොතේ ද සංවේදී සටහන් පළ වී තිබුණා.
ඇගේ මෙම වියෝව ගැන ව්ටිටර් සටහනක් පළව තිබූ අතර එහි සඳහන් වුයේ මෙවැන්නක්.
"කොරෝනා නිසා මරු වැළඳගත් ඉරාන වෛද්‍ය ෂිරින් රුහානි. වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හිඟකම නිසාම ඇය අවසන් හුස්ම හෙළන තෙක් කොරෝනා රෝගීන්ට සේවය කළා ය. ඡායාරූපය සමීපව බලන්න. ඇය රෝගීන්ට ප්‍රතිකාර කරන අතරතුරත් හතරවැනි මට්ටමේ සිට ප්‍රතිකාර ගනිමින් සිටියා. (සෙලයින් බෝතලයක්) ඔබ අපිට සදාතනික මතකයක් වේවි ! සාමදානයෙන් සැතපෙන්න ෂීරින්.."