Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
තවත් රෝගීයෙක් තහවුරු වෙයි - මෙරට Covid 19 ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළට

- තවත් රෝගීයෙක් තහවුරු වෙයි - මෙරට Covid 19 ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,940 Views
තවත් රෝගීන් සිව්දෙනෙකු තහවුරුවීමත් සමඟ මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 81 දක්වා අද ඉහළ ගියා.

රෝගීන් දෙදෙනෙක් ප්‍රතිකාර ලබන්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේයි.

මේ අතර කොවිඩ් 19 නිරෝධායනීය රෝගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ප්‍රකාශය පත් කරනු ලැබුවා.

කොවිඩ් 19 ආසාදිත රෝගීන් සිව්දෙනෙක් අද දිනය තුල තහවුරු කර ගැණුනා.

ඒ අතර ස්විස් ජාතික දේවගැතිවරයෙකු විසින් පැවැත්වූ යාඥා මෙහෙයකට එක්වූ යාපනය ප්‍රදේශයේ පුද්ගලයෙක්ද වනවා.

ඔහු දැනට ප්‍රතිකාර ලබන්නේ යාපනය ශික්ෂණ රෝහලේයි.

එම යාඥා මෙහෙයට එක්වූ තවත් පුද්ගලයින් දෙදෙනෙක් සැක සහිත රෝග ලක්ෂණ සහිතව තවදුරටත් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර කොවිඩ් 19 ආසාදිත බවට සැකපිට දිවයින පුරා රෝහල් 17 ක ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යෘව 222ක්. 

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අතර විදේශිකයන් 5 දෙනෙක් ද වන බවයි .

කන්තලේ මුලික රෝහලට ඇතුළත් කර සිටි කොවිඩ් ආසාදිත බවට සැක කෙරෙන රෝගියෙක් අද මඩකලපුව ශික්ෂණ රෝහලට මාරුකර යැවුණා.

ශ්‍රී ලංකාව ගුවන් හමුදාව මගින් වැලිසර ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ වාට්ටු සංකීර්ණ දෙකක් කොවිඩ් 19 බවට සැක කෙරෙන පුද්ගලයින් සඳහා ප්‍රතිකාර කිරීමට පැය 24ක් තුළ නවීකරණය කර තිබෙනවා. 

මෙම වාට්ටු සංකීර්ණයේ රෝගීන් 51 දෙනෙකු එකවර නේවාසික නිරෝධායනය කිරීමේ පහසුකම් සහිතයි. 

කොවිඩ් 19 ආසාදිතයන් සඳහාම වෙන් කෙරුණු හෝමාගම රෝහලේ කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. 

මේ අතර අද උදෑසන හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහන සමග සජීවිව එක් වූ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රතිකාර සඳහා රෝහල් වල පවතින සූදානම පිළිබඳ අදහස් පල කළා.

මේ අතර කොවිඩ් ආසාදිත බවට සැක සහිත රෝගීන් පහසුවෙන් වෙන්කර හඳුනාගැනීම සඳහා වන නියමු ව්‍යාපෘතියක් නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

වෛද්‍ය උපුල් ජයසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැක සහිත රෝගීන් දකුණු අතේ රතු පටියක් බැඳ ගෙන පැමි‍‍ණෙන ලෙසයි. 

මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ මාරවිල සහ හලාවත රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්වීමේ සිද්ධීන් පදනම් කර ගනිමින්. 

මේ අතර ස්වයං නිරෝධායනයට ලක්ව සිටි උඩල මත්තල ප්‍රදේශයේ කාන්තාවක් සැක සහිත රෝග ලක්ෂණ ඇතිවීම නිසා හම්බන්තොට මහ රෝහල වෙත ඇතුලත් කෙරුණා.

ඇය ප්‍රදේශයේ අවහන්හලක සේවයේ නිරතවූ කාන්තාවක්.

සංචාරක මගපෙන්වන්නෙක් ලෙස මාලදිවයිනේ සේවය කර දින 5 කට පමණ පෙර මෙරටට පැමිණි පොලොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ පුද්ගලයෙක් ස්වයං නිරෝධායනයට යොමුකිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් අද පියවර ගත්තා.

හොංකොං ජාතිකයන් දෙදෙනෙකුට නවාතැන් සැපයූ හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් වසා දමා එහි හිමිකරු සහ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද පියවර ගත්තා.

පවතින තත්ත්වය යටතේ මහරගම අපේක්ෂා රෝහල වෙත පැමිණෙන රෝගීන් සඳහා ද විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මකයි.

මේ අතර වන්දනා චාරිකා සඳහා පැමිණි ඉන්දියාවේ රැඳී සිටි සියලු ශ්‍රි ලාංකිකයන් මෙරටට පැමිණ ඇති බව විදේශ අමාත්‍යංශය නිවේදනය කළා.

145 දෙනෙක් වූ අවසන් පිරිස ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් අද දිනය තුල කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වුණා.

ඒ අනුව ඊයේ සහ අද දෙදින තුළ පමණක් මෙරටට පැමිණි වන්දනා කරුවන් ගණන 443 ක්.

ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

මේ අතර අද දහවල් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ සියලුම මගී ගුවන් යානා සහ මගී නෞකා රට තුලට පැමිණිම තහනම් කර ඇති බවයි.

ඒ අනුව සියලුම ගුවන් මගී සංක්‍රමණ කටයුතු ද නතර කෙරෙනු ඇති.

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තුරු කවර හේතුවක් නිසා හෝ එම තීරණය ලිහිල් නොකරන බව එම නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය විවෘතව තැබෙන බවත් ආනයන සහ අපනයන ක්‍රියාවලියට බාධාවක් නොවන අයුරින් වරාය මෙහෙයුම් සිදු කෙරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

කොවිඩ් 19 නිරෝධායනීය රෝගයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිකුත් කළේ නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ පැවරී ඇති බලතල අනුවයි.

ඒ අනුව කොවිඩ් ආසාදිතයන් අනිවාර්ය නිරෝධායනයට යොමු කිරීම සඳහා නීතිමය පදනමක් ඉන් හිමිවනවා.

ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ සහ N95 වර්ගයේ මුහුණු ආවරණ අපනයනය හෝ ප්‍රතිඅපනයනය වලක්වාලීමේ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

රට පුරා විවිධ ස්ථාන විෂබීජ හරණය කිරීමේ සහ පිරිසිදු කිරීමේ වැඩසටහන් අදත් ක්‍රියාත්මක වුණා.

මේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ගුවන් සේවිකාවක විෂබීජහරණය කෙරෙන අයුරුයි.

ගොඩකවෙල, පල්ලෙබැද්ද, ලියනෑගම සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු පිරිසක් එකතු වී රෝහල් සඳහා මුව ආවරණ මැසීමේ වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර ශරීරයේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කරන කල්කයක් නිෂ්පාදනය කර ජනතාව අතර බෙදා හැරීමේ වැඩසටහනක් යටකලන්පත්තුව ආයුර්වේද බෙහෙත් ශාලාව සහ නාත්තන්ඩිය ප්‍රාදේශිය සභාව එක්ව ආරම්භ කර තිබෙනවා.

මධ්‍යම පළාත් කොරෝනා මර්ධන විශේෂ කාර්ය සාධන බලකාය අද පෙරවරුවේ රැස්වුණේ පළාත් ආණ්ඩුකාර ලලිත් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් තිදෙනා සහ සෞඛ්‍ය සේවා ප්‍රධානීන් සහ පළාත් ආරක්ෂක ප්‍රධානීන් එක්ව සිටියා.

සේවයේ නිරත වෛද්‍යවරුන් පිරිසක් තමන්ට සහයෝගයක් ලෙස නිවෙස්වලම රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි අයුරුයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,495 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,042 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,542 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,628 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,958 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,890 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,589 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  955 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top