Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
කිසිදු බියක් ඇතිකරගන්න එපා - වරාය සේවකයන්ට දැනුම්දීමක්

- කිසිදු බියක් ඇතිකරගන්න එපා - වරාය සේවකයන්ට දැනුම්දීමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,347 Views
වරාය පරිශ්‍රය තුලට රාජකාරී කටයුතු සඳහා පිවිසීමට කිසිදු බියක් ඇතිකර නොගන්නා ලෙසට විෂය භාර අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු සියලුම කාර්ය මණ්ඩල සේවකයන් වෙත දැනුම්දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ උද්ගතව ඇති තත්වය හමුවේ පිටතින් පැමිණෙන පුද්ගලයන්ට හෝ වාහන සඳහා වරාය පරිශ්‍රය තුළට පිවිසීමට කිසිදු අවසරයක් නොලැබෙන බවයි.

කිසියම් අයෙකුට වරාය පරිශ්‍රය තුළට පිවිසීමට හැකියාව ලැබෙන්නේ මුඛ ආවරණ පැළඳීමෙන් සහ අත් සේදීමෙන් පසුව වන අතර ඒ සඳහා ද කිසිදු අඩුවකින් තොරව පහසුකම් සලසා ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
 

වරාය පරිශ්‍රය තුල රාජකාරී සහ ප්‍රවාහන කටයුතු සඳහා යොදාගනු ලබන රථ පැය 6කින් පසු විෂබීජහරණය කරනු ලබනවා.

වරාය පරිශ්‍රයේ සේවය සඳහා පැමිණෙන සේවකයන්ගේ පවුල්වල සාමාජිකයන් මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු අතර හෙට දහවල් වන විට සේවයට වාර්තා කරන ලෙසටයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වරාය නිලධාරීන් ඇතුලු සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

වරායේ සේවය සඳහා පැමිණීමේදී පොලිස් ඇඳිරි නීතිය බාධාවක් නොවන අතර වරාය තුළ සියලුදෙනා සඳහා ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය තත්වය සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

වරාය අධිකාරිය තුළ පිහිටි CICT, CPS, SAGT පර්යන්තයන්වල මෙහෙයුම් කටයුතු අධිකව සිදුවන බැවින් එම පර්යන්තවල සේවකයන් තම රාජකාරිය සඳහා කිසිදු බියකින් තොරව සේවයට වාර්තා කරන ලෙසට සහ ඒ සඳහා ප්‍රවාහන පහසුකම් ද සපයා ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,317 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,583 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,419 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top