Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 77ක් දක්වා ඉහළට - Video

- ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 77ක් දක්වා ඉහළට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,968 Views
කොවිඩ් 19 හෙවත්, නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 77 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වෛරසය ආසාදිත තවත් රෝගීන් සිව් දෙනෙකු ඇතුළු පස්දෙනෙක් වාර්තා වූ බවයි.

මේ අතර, කොවිඩ් 19 ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී, රෝගය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වීම මේ වනවිට සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථාන 22 ක මේ වනවිට පුද්ගලයින් 3,063 දෙනෙකු නිරෝධායනයට ලක්කරමින් පවතිනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, රෝගය වැළඳුනු බවට සැකකෙරෙන පුද්ගලයින් 245 දෙනෙකු ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි.

ඊයේ දිනය වනවිට මෙරටින් කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 72 දෙනෙකු වාර්තා වී තිබුණද, එම සංඛ්‍යාව අද 76 දක්වා ඉහළ ගියේ අනුරාධපුර රෝහලෙන් රෝගීන් සිව් දෙනෙකු අද දහවල් වාර්තා වීමත් සමගයි. 

මේ අතර, කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන විදේශිකයින් 4 දෙනෙකුද ඇතුළුව පුද්ගලයින් 245 දෙනෙකු දිවයින පුරා රෝහල් 21 ක ප්‍රතිකාර ලබනවා.

ඉන් වැඩිම පිරිස වන 86 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ, ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේයි.

මේ අතර, පසුගිය 11 වනදා කොවිඩ් 19 රෝගියා වාර්තා වීමෙන් අනතුරුව අද දහවල් වනතෙක් එම රෝගීන් වාර්තා වී තිබුණේ මෙලෙසයි. 

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව ඊයේ දිනයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුවද, එද වනවිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයෙන් 16 ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 6 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 4 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් තුන් දෙනෙකු වාර්තා වනවා. 

කුරුණෑගල, ගාල්ල, කෑගල්ල, මඩකලපුව, බදුල්ල දිස්ත්‍රික්කවලින් එක් රෝගියා බැගින් වාර්තා වන අතර, සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඊට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවල රෝගීන් 25 ක් සහ විදේශික රෝගීන් තුන් දෙනෙකුද වාර්තා වන බවයි.

මේ අතර, බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ, නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන්ගේ ජෛව සාම්පල පරීක්ෂා කිරීමේදී, රෝගය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වීම මේ වනවිට සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි.

මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා තවත් රෝහල් කිහිපයක් වෙන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට අදාළ රෝහල්වල සිටින නේවාසික රෝගීන් නිවෙස්වලට යැවීමේ හැකියාව සොයා බලා ඔවුන් නිවෙස්වලට යොමු කිරීමටත්, සෙසු රෝගීන් වෙනත් රෝහල්වලට යොමු කිරීමටත් තීරණය කර ඇති බවයි.

ඒ අනුව හෝමාගම මූලික රෝහල කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට සැකකෙරෙන රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වෙන් කෙරෙනු ඇති.

මේ අතර, කොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කෙරෙමින් පවතින මුල්ලේරියාව රෝහලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

දැනට මෙම රෝහල ගිලන් ඇඳන් 500 කින් පමණ සමන්විත වන අතර, ඉන් 100 ක් කොවිඩ් 19 ආසාදිත සාමාන්‍ය රෝගීන් වෙනුවෙන්ද, අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් ඇඳන් 30 කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක්ද පිහිටුවීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ යුද හමුදාව විසින් මුල්ලේරියාව රෝහලේ ඉදිකිරීම් සිදුවනවා. 

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ නව කොරෝනා ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා ගුවන් හමුදාව විසින් තාවකාලික ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා. 

අඩි 100 බැගින් වූ මෙම ගොඩනැගිලි ද්විත්වය, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකය විසින් ඉදිකෙරෙන අතර, එම කටයුතු දින 10 ක් තුළ සම්පූර්ණ කිරීමට නියමිතයි.
මේ අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේ සේවය කරන හෙද නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙකුට ඔවුන් පදිංචි කුලී නිවාසවලින් ඉවත් වන ලෙස නිවාස හිමියන් දැනුම් දී ඇති බවද වාර්තා වනවා. 

කොරෝනා ව්‍යාප්තියත් සමග රෝහල්වල ඇතිවන රුධිර හිගය මගහැරවීම සදහා සිවිල් ආරක්ෂක බලකායේ අම්පාර කලාප කඳවුර හා කළුතර සේරුපිට කදවුරේ සාමාජිකයන් අම්පාර මහරෝහලේදී හා කළුතර ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේදී අද රුධිරය ලබාදීමේ වැඩසටහන් ක්‍රියාමත කළා.

කොරෝනා ආසාදිත බවට සැකපිට කොළඹ කාසල් රෝහලට ඇතුළත් කර සිටි මවක් නිරෝගී දරු උපතක් සිදුකර තිබෙනවා.

ඇයගේ සැමියා පසුගිය 28 වැනිදා ඉතාලියේ සිට පැමිණ ඇති අතර, නව කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම කාන්තාවද රෝහල් ගත කර තිබුණා.

ඊයේ අදාළ කාන්තාව තම දරුවා ප්‍රසූත කර ඇති අතර, කාසල් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය එම කටයුතුවලට සහභාගී වී ඇත්තේ, නව කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවදානමද නොතකමින්.

කෙසේ වෙතත්, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පැවසුවේ, අදාළ කාන්තාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි.

පසුගිය 11 වැනිදා ඉතාලියේ සිට පැමිණි 37 හැවිරිදි පුද්ගලයෙකු සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත මාරවිල තම නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටියදී ඊයේ හදිසියේ නව කොරෝනා රෝග ලක්ෂණ මතුව තිබෙනවා.

ඒ අනුව, මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මාරවිල රෝහලින් ගිලන් රථයක් ගෙන්වා රෝගියාව ආරක්ෂිතව කුරුණෑගල රෝහල වෙත පිටත් කර යැවුනා.

දියතලාව ප්‍රදේශයෙන් නව කොරෝනා රෝගියෙකු වාර්තා වී ඇති අතර එම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කලේ පසුගිය 18 වැනිදා පෙරවරුවේ අදාල රෝගියා දියතලාව මුලික රෝහලේ භාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි.

කොරියාවේ සේවය කරන පුද්ගලයෙකු කන්තලේ රජ ඇළ ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලැබුනු තොරතුරක් මත පොලිසිය, යුද හමුදාව හා සෞඛ්‍ය නිලධාරීන් අදාල නිවස පරීක්ෂා කිරීමට පැමිණියා.

ඇඳිරිනීතිය කඩකරමින් අද දිනයේ වැලිමඩ මීරහවත්ත ප්‍රදේශයේ පිරිසක් ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටි අතර පොලිසිය එහි පැමිණි අවසථාවේ අනාවරණය වුයේ මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනයට ලක් නොවු තරුණයෙක් ද ඒ අතර සිටින බවයි. 

අදාල නිවෙස් හිමියා පොලිස් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත නිදහස් කර නිවසේ සිටි සියළු දෙනා අදාල නිවස තුලම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැණුනා.

මාදම්පේ, කරුකුවටවන ප්‍ර දේශයේ ලැඟුම් හලක සිටි විදෙස් ජාතික යුවළක් එම ස්ථානයේම සිට ස්වයං නිරෝධායනයට ලක්වීම සඳහා මාදප්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මෙලෙස උපදෙස් ලබාදුන්නා.

සංචාරක මගපෙන්වන්නෙකු වන මෙරටින් වාර්තා වු පළමු කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා ඇසුරුකළ සංචාරක මගපෙන්වන්නන් ඇතුළු දසදෙනෙකු තිස්සමහාරාම කිරින්ද ප්‍රදේශයේ කැරවන් පාර්ක් රථවාහන තුල දින 14 ක කාලයක් ස්වයං නිරෝධනය සදහා පසුගියදා යොමුකෙරුණා.

එම පිරිස අද සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කිරීම වෙනුවෙන් ලබාදෙන සහතික පත්‍රයද ඔවුන්ට පිරිනැමුණා.

මේ අතර, අම්පාර මහරෝහලේ ආසාධන පාලක ඒකකය විසින් දිරායන පොලිතින් භාවිතයෙන් සෞඛ්‍යාරක්ෂිත ඇඳුමක් නිර්මාණය කර තිබෙනවා.

මේ අතර, වලස්මුල්ල මුලික රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් සිය කාර්ය මණ්ඩලය සදහා සෞඛ්‍යාරක්ෂිත ඇඳුමක් නිර්මාණය කර තිබෙනවා.

පොලොන්නරුව ලංකාපුර ප්‍රදේශයේ පදිංචි හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ සේවයේ නියුතු නාලක කුමාර නම් සෙබලා තම පවුලේ සාමාජිකයන්ගේ ද සහය මත නිරෝධාන මධ්‍යස්ථාන සදහා අවශ්‍ය මුඛ ආවරණ 4,000 ක් මැසීමට ක්‍රියාකරමින් සිටින්නේ මෙලෙසින්.

මේ අතර, රට තුළ පවතින තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගැනීමට හිරු ටී.වී. පත්තරේ විස්තරේ වැඩසටහන සඳහා, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස සම්බන්ධ කර ගත්තා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,501 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,044 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,546 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,630 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,962 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,893 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,592 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  956 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top