Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
21
කොරෝනා ගැන තරුණ පෙළට, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවවාද - ඉන්දියාවේ දිනක් තුළ නව ආසාදිතයන් 63ක් - බොලිවුඩ් ගායිකාවකගෙන් මහඇමතිවරියකටත් කොරෝනා - Photos

- කොරෝනා ගැන තරුණ පෙළට, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අවවාද - ඉන්දියාවේ දිනක් තුළ නව ආසාදිතයන් 63ක් - බොලිවුඩ් ගායිකාවකගෙන් මහඇමතිවරියකටත් කොරෝනා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

77 Views
තුන්වන දිනටත් චීනයෙන් නව ආසාදිතයින් නෑ..
ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව 47,000කට අධිකයි..
රාජස්ථාන් ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනියට කොරෝනා කළ දේ..
 
ලොව පුරා කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 11,399 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ 75,434ක්.
 
ඊයේ දිනයේදී ඉතාලියෙන් මරණ 627ක් වාර්තා වූයේ පැය 24කදී මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරමින්.
 
ඒ අනුව එරට කොවිඞ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 4032 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉතාලියේ මුළු ආසාදිත සංඛ්‍යාව 47,000කට අධිකයි.
 
චීනයෙන් තුන් වන දිනටත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැති අතර, පිටතින් රෝගය රැගෙන ආ පුද්ගලයන් පිළිබඳ පමණයි වාර්තා වී ඇත්තේ.
 
එරට ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කරන පරිදි ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් 41 දෙනාම විදේශයන් හි දී වෛරසයට ගොදුරු වී පැමිණි අයයි.
 
ඒ අනුව එලෙස චීනයට පිටතින් වෛරසය රැගෙන ආ සංඛ්‍යාව 269ක්.
 
කෙසේ නමුත්, චීනයේ මුළු ආසාදිත සංඛ්‍යාව 81,261ක් වන අතර, එරට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 3255ක්.
 
ඊයේ දිනයේදී චීනයේ කොවිඞ් නයින්ටීන් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 7කින්.
 
පසුගිය දෙසැම්බර් මාසයේ කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන්.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ වෛරසයේ කේන්ද්‍රය වූ වූහාන් නගරයෙන් නව ආසාදිතයන් වාර්තා නොවීම, කොරෝනා වෛරසය මිහිපිටින් තුරන් කිරීම සඳහා ලෝකයට නව බලාපොරොත්තුවක් ලබාදී ඇති බවයි.
 
කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසස් ලොව පුරා තරුණ පෙළට අනතුරු ඇගවීමක් කළේ ඔවුන් කොවිඞ් නයින්ටීන් වෛරසය මඟ හැර සිටිය හැකි අනගිභවනීය කොට්ඨාශයක් නොවන බවටයි.
 
වෛරසයෙන් මිය යන බහුතරයක් වයස්ගතවූවන් වුවත් තරුණ පෙළ ද වෛරසයට ගොදුරු විය හැකි අතර, ඔවුන්ට සති ගණනක් රෝහල්ගතවීමට මෙන්ම මරණයට පවා පත්විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේ.
 
ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 63 දෙනෙකු ඊයේ දිනය තුළ පමණක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියාවෙන් කොවිඞ් නයින්ටීන් මරණ 5 ක් ද වාර්තා වුණා.
 
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා ප්‍රකාශ කළේ සමස්ත ඉන්දියාවම ජනතා ඇඳිරිනීතියට ලක් කර ඇති බවයි.
 
ඒ අනුව, සියලුම ඉන්දියානුවන්ට අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් බැහැර නොයන ලෙස ඔහු ඉල්ලීමක් කළා.
 
මේ අතර, ඉන්දීය ගායිකා කනිකා කපූර්ට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඇය සමඟ රාත්‍රී භෝජනයකට සහභාගි වූ රාජස්ථාන් ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනි වසුන්දරා රාජේට ද එම වෛරසය ආසාදනය වි ඇති බව වාර්තා වුණා.
 
මේ නිසා එම ගායිකාවට එරෙහිව සාපරාධි නොසැලකිල්ල යන චෝදනාව යටතේ පොලීසිය පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.
 
ඉන්දියාවේ ගුවන්තොටුපල වෙත පිටතින් ගුවන් යානා පැමිණීම අද සිට අත්හිටුවනු ලැබූ අතර, ජනතාවට නිවෙස් වල සිට සේවය කරන ලෙස දැනුම් දෙනු ලැබුවා.
 
ඉන්දියාවේ මගී දුම්රිය සහ තැපැල් දුම්රිය අවලංගු කර ඇති අතර, මුම්බායි, දිල්ලි සහ චෙන්නායි නගර අතර ප්‍රවාහන සේවා අවම මට්ටමකින් පවත්වා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.
 
ඉන්දියාව මෙතෙක් පරික්ෂාවට ලක් කර ඇත්තේ සිය ජනගහනයෙන් සියයට 10ක් පමණක් නිසා ආසාදිත සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ඉන්දීය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා අනතුරු ඇඟවීමක් කළා.
 
ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ කාර්යාලයේ ආරක්ෂකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
 
කෙසේ නමුත් උප ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් කැතී මිලර් සඳහන් කළේ එම පුද්ගලයා සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ උප ජනාධිපති මයික් පෙන්ස් සමීප සබඳතාවක් පවත්වා නොමැති බවයි.
 
ඔවුන් දෙදෙනාම ධවල මන්දිරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වුණා.
 
පසුගිය මාසයේ ජනපති ට්‍රම්ප් සහ උප ජනාධිපති පෙන්ස් සහභාගි වූ සමුළුවකට සහභාගි වූ බ්‍රසීල නියෝජිතයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පසුව සොයා ගැනුණා.
 
ඉන් අනතුරුව ජනපති ට්‍රම්ප් ද කොවිඩ් නයින්ටීන් පරීක්ෂාවට ලක් කෙරුණු අතර, ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුණා.
 
ඇමරිකාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 216 දක්වා ඉහළ ගොස් ඇති අතර එරට ආසාදිත සංඛ්‍යාව 19,624ක්.
 
ඇමරිකාවේ නිව්යෝක්, ලොස්ඇන්ජලීස් සහ චිකාගෝ යන විශාලතම නගර 3ම මේ වන විට වසා දමා ඇත්තේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණෙන්.
 
මේ අතර, ඇමරිකානු නාවික හමුදාවට අයත් ඇඳන් දහසක් සහිත මර්සි රෝහල් නෞකාව කොරෝනා වෛරස් ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහා මේ වන විට නිව්යෝක් වරායට සේන්දු වී තිබෙනවා.
 
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ ස්වභාවය පිළිබද චීන වෛද්‍ය විද්‍යාඥයන් මේ වන විට කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.
 
වෛරසයේ මූලික ලක්ෂණයක් වන්නේ ශ්වසන මාර්ග ශ්ලේෂ්මල පටලයකින් අවහිර කිරීමයි.
 
එමගින් ශ්වසන පද්ධතියේ වායු හුවමාරුව මෙන්ම පෙනහළු වෙත ඔක්සිජන් ලැබීම අවහිර විය හැකියි.
 
වෛද්‍ය ප්‍රතිකාර මගින් සිදුකරනු ලබන්නේ එලෙස අවහිර වූ ශ්වසන මාර්ගය යළි විවෘත කිරීමයි.
 
ඒ සඳහා දින කිහිපයක් ගත විය හැකි අතර, වෛරසයෙන් වැළකී සිටීමට මෙන්ම ආසාදනය අවම කරලීමට උපදෙස් මාලාවක් මේ වන විට නිකුත් වී තිබෙනවා.
 
උණුසුම් ජලය, තේ, කෝපි, සුප් වැනි උණුසුම් පානයන් වැඩි වශයෙන් ගැනීම එහිදී වැදගත් වන අතර, සෑම මිනිත්තු 20කටම වරක් උණුසුම් ජලය පානය කිරීමෙන් මුඛය තුළින් වෛරසය පෙනහළු තුළට පිවිසීම වළක්වා ගත හැකියි.
 
හැකි සෑම විටෙකම සුදුළුෑණු, විනාකිරි, ලෙමන් වැනි ඔක්සිකාරක ආහාර ගැනීම සුදුසු වන අතර, දුම්පානයෙන් වැළකී සිටීම වැදගත් වන බව එලෙස ලබාදෙන උපදේශයක්.
 
සෑම විටම දෑත් සේදීම සහ ඒ සඳහා විෂබීජ නාශයක් භාවිත කිරීම වැදගත්.
 
ඇඳුම් මගින් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඒවා දිනපතා සේදිය නොහැකි නම් දැඩි හිරු රශ්මියට නිරාවරණය කිරීම අවශ්‍ය වනවා.
 
සෙම්ප්‍රතිශ්‍යාම සෑදීම වළක්වා ගැනීම සඳහා හැකි සෑම පියවරක්ම ගත යුතු අතර පළතුරු සහ එළවළු ආහාරයට ගැනීමත් විටමින් සී ලබා ගැනීමත් වැදගත් වන බවයි එම උපදෙස් මාලාව මගින් පෙන්වා දී ඇත්තේ.

Image result for kanika kapoor corona wasundaraImage result for kanika kapoor corona wasundara
Image result for coronavirus italyImage result for coronavirus italyImage result for coronavirus italyImage result for coronavirus italy
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top