Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
21
"අන් අයගේ ආරක්ෂාව වෙනුවෙනුත් උදව් කරමු - පොදු ස්ථානවලට නොයා ඉමු.." - මහේල ඇතුළු සුපිරි ක්‍රීඩකයන්ගේ සංවේදී ආයාචනය - Video

- "අන් අයගේ ආරක්ෂාව වෙනුවෙනුත් උදව් කරමු - පොදු ස්ථානවලට නොයා ඉමු.." - මහේල ඇතුළු සුපිරි ක්‍රීඩකයන්ගේ සංවේදී ආයාචනය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34 Views
ඒ සියලු දෙනා ජීවිත ගැන නොතකා උදව් කරන්නේ..
ශ්‍රී ලාංකීය පුරවැසියන් හැටියට අපේ වගකීමයි මේ..
ත්‍රිවිධ හමුදාවට වෛරසය මැඩපවත්වන්න උදව් කරමු..
 
පැතිර යන කොරෝනා වෛරසයෙන් හේතුවෙන් මෙම අසීරු අවස්ථාවේදී රට වෙනුවෙන් තම වගකීම ඉටුකරන ලෙස හිටපු සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරට ජනතාවගෙන් ඉල්ලීම් සිදු කරනවා.
 
Twitter ගිණුමේහි සටහන් තබමින් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මෙලෙස අදහස් දක්වා තිබුණා.

ආණ්ඩුවට සහ සෞඛ්‍ය බලධාරීන්ට පාලනය කළ හැක්කේ ඔවුන්ට පාලනය කළ හැකි දේ පමණයි. අප කළ යුත්තේ පරිස්සම් සහගතව නිවසට වී සිටීමයි. මේක භයානක තත්ත්වයක්. ජනතාවනි, ඒ නිසා කරුණාකර සියළුම හමුවීම්, විනෝද ගමන්, ක්‍රියාකාරකම් නවත්වන්න.
 
සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ COVID 19 වෛරසය සාමාන්‍යයෙන් එළිමහනට යන අප සැවොම සැලකිලිමත් විය යුතුය.මූලික සනීපාරක්ෂාව සහ දැනුවත්භාවය නිසැකවම අප සෑම කෙනෙකුටම උපකාරවනු ඇත.එබැවින් නිරතුරු ඔබේ දෑත් -සනීපාරක්ෂක ද්‍රව්‍ය යොදා සෝදන්න.ආරක්ෂිතව,සන්සුන්ව හා ප්‍රවේශමෙන් සිටින්න යන්නයි.
 
මේ අතර හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මේ දිනවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයක් නිකුත් කර තිබු '' WE STAY HERE FOR YOU.. PLEASE STAY HOME FOR US ''යන ජායාරුපය පිලිබඳ සටහනක් තබා තිබුනේ මෙලෙසින්.
 
ප්‍රබල පණිවිඩයකි කාරුණිකව සවන් දි එය පිලිපදින්න මිත්‍රවරුනි . අපි ඔවුන්ට සහ අනෙක් සියලුම රට වාසින්ට කරන මහත් උපකාරයකි.



ඇන්ජලෝ මැතිව්ස් -ක්‍රිකට් ක්‍රීඩක
"රටට සහ ලෝකයට ඉතාමත්ම භයානක විදියට මේ කොරෝනා වෛරසය දැන් ඇතුල්වෙලා තියෙනවා. ඒ දේ මර්දනය කරන්න නම් අපි අපේ උපරිම සහයෝගය ත්‍රිවිධ හමුදාවට, රජයට,සෞඛ්‍ය සේවාවට , පොලිසියට අපි ලබා දිය යුතුයි. ඒ සියලුම අංශ දිවා රෑ නොබලා ඔවුන්ගේ ජිවිත ගැනත් නොබලා තමයි මේ අපි හැම දෙන්නාටම උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපි ඒ ගොල්ලන්වත් රැකගන්න ඕනෑ.. ආරක්ෂා කරන්න ඕනෑ... සියලුම දෙනාම එක්වෙමු..."




චමරී අතපත්තු -නායිකා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
"ශ්‍රී ලාංකීය පුරවැසියන් හැටියට මේ වෙලාවේ වගකීම් යුත්තව කටයුතු කරමින් අනුගමනය කරන්න ඕන සියලුම දේ හරියාකාරව අනුගමනය කරමින් ලංකාව කොරෝනාවලින් තොර දේශයක් කරන්න ඔබ සියලු දෙනාගේම සහයෝගය ලබාදෙන්න..."


 
තිසර පෙරේරා - ක්‍රිකට් ක්‍රීඩක
"අපි වගේම අන් අයගේ ආරක්ෂාව සඳහාත් අපි පුළුවන් අන්දමින් උදව් කරන්න ඕනෑ. ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතිව මේවගේ අවස්ථාවක රට වෙනුවෙන් ඒ ගොල්ලෝ මේ සියලු දේ කරන්නේ. කොරෝනා රෝගය මැඩ පැවැත්වීමට නම් අපි මේ හැම දේකටම උදව් කරන්න ඕනෑ. අපි සියලු දෙනාම උදව් කරමු. අපේ රට වෙනුවෙන්..."


 
කුමාර සංගක්කාර - ක්‍රිකට් ක්‍රීඩක
"ඔවුන්ගේ සියලු අවවාද, ක්‍රමවේද අපි හරියටම පිළිපඳින්න ඕනි. අතවශ්‍යම දේකට ඇරෙන්න නිවසින් එළියට යන්න එපා. එහෙම ගියොත් වෛරසය පැතිරීම සීඝ්‍රයෙන් සිදුවන්න පුළුවන්. මේකට විශේෂයෙන්ම කලබල වෙන්න දෙයක් නෑ. ඒත් අපි වගකීමෙන් කටයුතු කරන්න ඕනි.."


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top