Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
මෙරටින් හමුවූ Covid 19 ආසාදිතයින්ගේ වතගොත මෙන්න - ශ්‍රී ලංකන් ගුවන් නියමුවාගේ මූලික පරීක්ෂණ සිදු කළ වෛද්‍යවරයාටත් වෛරසය ආසාදනය වෙයි - Video

- මෙරටින් හමුවූ Covid 19 ආසාදිතයින්ගේ වතගොත මෙන්න - ශ්‍රී ලංකන් ගුවන් නියමුවාගේ මූලික පරීක්ෂණ සිදු කළ වෛද්‍යවරයාටත් වෛරසය ආසාදනය වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,687 Views
රෝගීන් අතරින් දෙදෙනෙකු විදේශිකයින්.
වැලිමඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුටත් ආසාදනය වෙලා..
මන්ත්‍රී වජිර අබේවර්ධන මුඛ ආවරණ බෙදාදීපූ හැටි..
 
මෙරටින් වාර්තාවන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුවවන විට 70 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
 
මේ අතර දැනට කොරෝනා වැළඳී ඇති බවට හඳුනාගත් ශ්‍රී ලංකන් ගුවන් නියමුවාගේ මුලික වෛද්‍ය පරීක්ෂණ සිදුකළ විශේෂඥ වෛද්‍යවරයාටද වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ අතර ඉදිරි දින කිහිපයේදී මෙම වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා රෝහල් සේවා පවත්වාගෙන යාම පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට රෝහල් අධ්‍යක්ෂවරු 24 දෙනෙකු සෞඛ්‍ය අමාත්‍යවරිය කොළඹට කැඳවා තිබුණා.
 
පසුගිය 11 වැනිදා මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියාගේ සිට අද පස්වරුවවන තුරු කොරෝනා රෝගීන්ගේ වාර්තාවීම සටහන් වී තිබුණා.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ දත්ත අනුව අද දහවල් 12 වන විට වාර්තා වී සිටි රෝගීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
 
දෙවැනි වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් තුන්වැනි වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී තිබෙනවා.
 
දැනට ප්‍රතිකාර ලබමින් සිටින තහවුරු කරගැනුණු රෝගීන් අතරින් දෙදෙනෙකු විදේශිකයින්.
 
මේ අතර පසුගියදා පැවැත්වුණු කොළඹ රාජකීය - ශාන්ත තෝමස් විදුහල් අතර මහා ක්‍රිකට් තරගයට සහභාගි වූ දැනට කොරෝනා වැළඳී ඇති බවට හඳුනාගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමුවාගේ මුලික වෛද්‍ය පරීක්ෂණ සිදුකළ විශේෂඥ වෛද්‍යවරයාටද මේ වන විට රෝගය ආසාදනය වී තිබෙනවා.
 
මේ අතර සංචාරක මඟ පෙන්වන්නෙකු ලෙස කටයුතු කළ වැලිමඩ, මිරහවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඔහු ගැවසුණු බවට සැකකරන වැලිමඩ නගරයේ වෙළඳ සැල් සහ සති පොළ වසා දැමීමට සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තා.
 
අදාළ ආසාදිතයා පදිංචි මිරහවත්ත, උඩුපිහිල්ල ග්‍රාම සේවා වසමේ පවුල් 50 ක පිරිසට ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසද උපදෙස් දී තිබෙනවා.
 
මේ අතර රත්නපුර නගරයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ ළඟින්ම ඇසුරු කළ පුද්ගලයින් 52 කුට ස්වයං නිරෝධායනය සඳහා උපදෙස් ලබාදීමටත් ඔවුන්ට අවශ්‍ය ආහාරපානාදිය සැපයීමටත් රත්නපුර මහ නගර සභාව සහ සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.
 
රත්නපුර නගරයේ විවෘත කර තිබූ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වසා දැමීමට හමුදා සහයද ලබාගෙන තිබුණා.
 
ආරක්ෂිත පියවරක් ලෙස මුව ආවරණ නොමැතිව නගරයේ සැරිසැරීමට ඉඩ නොදීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා.
 
ශ්‍රී ලංකා නාවුක හමුදා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පස්දෙනෙකු රෝගය වැළඳී ඇති බවට සැකපිට කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂ වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බව ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.
 
මේ අතර IDH රෝහලට යොමු කෙරුණු විදේශිකයෙකු රැඳී සිටි රත්ගම ප්‍රදේශයේ හෝටලයක සේවක පිරිසද ස්වයං නිරෝධායනයකට යොමුකර තිබෙනවා.
 
මුන්දලම පොලිසිය විසින් පසුගිය 8 වැනිදා මෝටර් රථ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඇති වූ සැකය මත අදාළ සැකකරු IDH රෝහලට ඇතුළත් කර ඇති අතර මේ හේතුවෙන් ඔහුව රඳවා සිටි මුන්දලම පොලිසිය, පුත්තලම අධිකරණය හා බන්ධනාගාරය විෂබීජහරණය කරනු ලැබුවා.
 
මේ අතර වරකාපොල ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට කොරෝනා රෝගය වැළඳී ඇති බවට හඳුනාගැනීමත් සමඟ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගත්තා.
 
වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස හැටන් ඩිපෝවේ ලංගම බස් රථ ගමනාගමන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
 
ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කළේ වතුකරය ආශ්‍රිතව වෛරසය පැතිරයාමේ අවදානමක්ද මතුව ඇති බවයි.
 
මේ අතර කොරෝනා ආසාදිත බවට සැකකරන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා හලාවත නගරසභාවට අයත් ඉඩමක පිහිටි ගොඩනැගිල්ලක් සුදුසු පරිදි සකස් කර විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
 
මාරවිල මූලික රෝහලේ සහ හලාවත මහ රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් දෙදෙනෙකු, හෙදියන් දෙදෙනෙකු සහ කාන්තාවක් එම ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා යොමුකර ඇත්තේ වෛරසය ආසාදනය වී ඇති බවට මතුව ඇති සැකය හේතුවෙන්.
 
මේ අතර කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස තෝරාගත් වැලිකන්ද මූලික රෝහල ඒ සඳහා සකස් කිරීමේ කටයුතු දිවා රෑ නොතකමින් ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකරමින් සිටිනවා.
 
එම රෝහල සූදානම් කිරීමෙන් පසු වෛද්‍ය අංශ වෙත භාරදී තිබෙනවා.
 
මේ අතර මුල්ලේරියාව රෝහලද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස තෝරාගැනීම නිසා එය අවශ්‍ය පරිදි සකස් කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව කඩිනමින් සිදුකරමින් සිටියා.
 
මේ අතර වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස විෂබීජහරණ වැඩසටහන් යටතේ කොළඹ - කොටුව දුම්රිය පොළ ඇතුළු ස්ථාන ගණනාවක් මෙලෙස පිරිසිදු කෙරුණා.
 
කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
 
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයක පුද්ගල දුරස්ථතාව පවත්වා ගැනීමට දී තිබෙන උපදෙස් අනිවාර්යයෙන් පිළිපදින ලෙස රජය ඉල්ලා සිටින බවයි.
 
මෙම ක්‍රියා පිළිවෙත පවත්වාගෙන යාම සඳහා බස් රථ සහ දුම්රියවල මගීන් ගෙන යා හැක්කේ එහි ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති සංඛ්‍යාවෙන් හරි අඩක් පමණක් බවද එම නිවේදනයේ සඳහන්.
 
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ සතොස සහ සමූපකාර ඇතුළු වෙළඳ සැල් වෙත ප්‍රමාණවත් පරිදි නිකුත් කර ඇති අතර ජනතාව අපහසුතාවට පත් නොවන අයුරින් ඒවා බෙදා හැරීමට ඔවුන්ට උපදෙස් ලබාදී තිබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
 
මේ අතර ජනතාව එක්රැස්වීම නවත්වන ලෙස දැනුම්දී තිබියදී ඊයේ නාමයෝජනා භාරදීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ගාල්ල නගරයේදී ජනතාව වෙත මුව ආවරණ බෙදාදුන් ආකාරය දැකගත හැකිවුණා.
 
කෙසේ වෙතත් මුව ආවරණයක් පළඳින්නේ කුමන හේතුවක් මතදැයි හිටපු අමාත්‍යවරයා නිසි ලෙස තේරුම්ගෙන ඇත්දැයි ගැටලුවක් මෙම රූප රාමු හරහා මතුවනවා.
 
මේ අතර මහියංගන නගරයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය සඳහා වාර්තා කරන ලෙස එම කාර්මාන්ත ශාලා හිමිකරුවන් සේවකයින්ට දැනුම් දී තිබීම හේතුවෙන් සේවයට පැමිණි සේවකයින්ගේ මව්පියන් කර්මාන්ත ශාලාව වෙත පැමිණ මෙලෙස විරෝධය පළ කළා.
 
කෙසේ වෙතත් පසුව කර්මාන්ත ශාලා බලධාරීන් පස්වරු 1 ට පමණ සේවකයින් පිටත් කර හැරීමට පියවර ගෙන තිබෙනවා.
 
දැරණියගල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවකයින්ටද සේවයට වාර්තා කිරිමට දැනුම්දී තිබීම හේතුවෙන් එම සේවකයින් ඒ සඳහා පැමිණ සිටියේ මෙලෙසින්.
 
මේ අතර සැසිවාර 4 ක් සඳහා වෙළඳ ගනුදෙනු කටයුතු සිදු නොකෙරුණු කොළඹ කොටස් වෙළඳ පොළ අද පෙරවරුවේ යළි ආරම්භ කෙරුණත් ප්‍රධාන සමාගම් රැසක් නියෝජනය කරන S&P ශ්‍රී ලංකා ට්වෙන්ටි දර්ශකය අදත් සියයට 5 කට වැඩි අගයකින් පහත වැටීම නිසා පෙරවරු 10.20 ට පමණ කොටස් වෙළඳ පොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටවූවා.
 
පසුව දහවල් 12 ට කොටස් වෙළඳ පොළ වසා දැමීමට තීරණය කෙරුණේ පස්වරුවේ පොලිස් ඇඳිරිනීතිය පැනවෙන බව නිවේදනය කිරීමත් සමඟයි.
 
මේ අතර දඹදිව වන්දනාවේ ගොස් ඉන්දියාවේ රැඳී සිටින වන්දනාකරුවන් යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් තමන් රඳවා සිටින ස්ථානවල මෙලෙස ගතකරන ආකාරය අප වෙත වාර්තා වුණා.
 
මේ අතර වෛරස ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් රජය ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහයවන ලෙස මල්වතු, අස්ගිරි උභය පාර්ශ්වීය අනුනාහිමිවරුන් සහ කාදිනල් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
 
මේ අතර පැතිර යන කොරෝනා වෛරසයෙන් හේතුවෙන් මෙම අසීරු අවස්ථාවේදී රට වෙනුවෙන් තම වගකීම ඉටුකරන ලෙස හිටපු සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරට ජනතාවගෙන් ඉල්ලීම් සිදු කරනවා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,501 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,042 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,542 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,628 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,962 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,893 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,592 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  956 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top