Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
19
කොරෝනා බයෙන් රටක්ම ඇවිලුණු වෙලාවේ, ෆේස්බුක් සාදයක් දැමූ තරුණ තරුණියන් පිරිසක් බේරුවලදී පොලිසියට මාට්ටු - වෛරසයක් නිසා රට පුරා සිද්ධ වෙන දේ - Video

- කොරෝනා බයෙන් රටක්ම ඇවිලුණු වෙලාවේ, ෆේස්බුක් සාදයක් දැමූ තරුණ තරුණියන් පිරිසක් බේරුවලදී පොලිසියට මාට්ටු - වෛරසයක් නිසා රට පුරා සිද්ධ වෙන දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29 Views
හැටන් තරුණ පිරිසක් මුඛ ආවරණ නොමිලේ බෙදාදීලා..
වන්දනාකරුවන් 871 දෙනෙක් ඉන්දියාවේ සිර වෙලා..
සෞඛ්‍ය ගැටලු පිළිබඳ දැන ගැනීම සඳහා 1999
 
කොරෝනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් දැනට ප්‍රතිකාර ලබමින් සිටින්නේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේයි.
 
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද එහි නිරීක්ෂණයක නිරත වුණා. පවතින තත්ත්වය හමුවේ ජංගම ලේ දන්දීමේ කඳවුරු පැවැත්විය නොහැකි බැවින් ඊට විකල්පයක් ලෙස ක්ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.
 

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව, කොච්චිකඩේ බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය අද පෙරවරු 8 ට අවසන් කිරීමත් සමඟ ප්‍රදේශයේ දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයක්.
 
කෙසේ වෙතත් පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර මාර්ගවල සැරිසැරූ පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බැලීමට පොලිස් මාර්ග බාධක යොදා තිබුණා.
 
එම ප්‍රදේශවලට අද පස්වරු 2 සිට බල පැවැත්වෙන පරිදි යළි පොලිස් ඇඳිරිනීතිය පනවනු ලැබුවා. .
 
කටුනායක ගුවන් තොටුපොළේ විෂබීජහරණය කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.
 
අද අලුයම 4 සිට ගුවන් මගින් පැමිණෙන මඟීන්ට මෙරටට ඇතුලුවීම තහනම් කර තිබුණ ද විශේෂ අවසරයක් මත ලන්ඩන් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයක් අද දහවල් කටුනායක වෙත පැමිණියා.
 
එම යානයෙන්පැමිණ තිබුණේ එරට රාජකාරී කටයුතු සඳහා ගොස් සිටි නිලධාරීන් පිරිසක් සහ ඉගෙනුම ලැබූ මෙරට සිසුන් ඇතුළු පිරිසක්.
 
ඔවුන් රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.
 
මේ අතර දඹදිව වන්දනාවේ ගොස් ඉන්දියාවේ සිරවී සිටි එක් පිරිසක් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබූ අතර ඔවුන් නිවෙස් කරා පිටත් කර හැර තිබුණේ දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස උපදෙස් ලබාදෙමින්.
 
මේ අතර දඹදිව වන්දනාවේ ගිය වන්දනාකරුන් 149ක පමණ පිරිසක් ආපසු පැමිණීමට නොහැකිව නවදිල්ලි නුවර රැඳී සිටින බව අප ඊයේ වාර්තා කළා.
 
නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරන්නේ කණ්ඩායම් 17කට අයත් වන්දනාකරුවන් 871 දෙනෙකු යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් නවදිල්ලි නුවර සහ චෙන්නායි නුවර රැඳී සිටින බවයි.
 
මේ අතර, පොම්පේමඩුව සහ වව්නියාව ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිස අතරින් කොරෝනා රෝගීන් වාර්තා වුවහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වව්නියාව රෝහලේ වෙනම වාට්ටු සංකීර්ණයක් අද විවෘත කෙරුණා.
 
මේ අතර, යාන්ඔය ව්‍යාපෘතියේ කටයුතු වෙනුවෙන් පැමිණ සිටි පිලිපීන ජාතික කාන්තාවකට සිය නිරෝධායන සමය අවසන් කිරීමෙන් පසු යළි රාජකාරී කටයුතු සිදු කිරීම සඳහා ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් අදාළ සහතිකය පිරිනැමුවා.
 
කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ඉන් ආරක්ෂාවීම සඳහා හැටන් නගරයේ තරුණයින් පිරිසක් මුව ආවරණ නිපදවා නොමිලේ බෙදා හැරීමේ වැඩසටහනක් හැටන් බස් නැවතුම් පොළේදී ක්‍රියාත්මක කළා.
 
අම්බලන්ගොඩ නගරයේ ක්‍රීඩා සමාජයක සාමාජිකයන් මුව ආවරණ නිෂ්පාදනය කරමින් සිටියේ බලපිටිය රෝහල් කාර්ය මණ්ඩලයට නොමිලේ පිරිනැමීමේ අරමුණින්.
 
අනුරාධපුර නගරයට පැමිණෙන ජනතාවට දෑත් සොදා පිරිසිදු කර ගැනීම සඳහා විවිධ ස්ථානවල ජල කරාම සවිකර තිබෙන ආකාරය දක්නට ලැබුණා.
 
මෙහි විශේෂත්වය වනුයේ පාදයෙන් ක්‍රියාත්මක කර හැකි ආකාරයට ඒවා සකස් කර තිබීමයි.
 
රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ කොමිෂන් සභා ගොඩනැගිල්ලද විෂබීජ හරණයට ලක්කෙරුණා.
 
මත්තේගොඩ බස් නැවතුම්පොළ සහ බස්රථ ද විෂබීජහරණයට ලක්කෙරුණා.
 
එහිදී මෙම වැඩපිළිවෙළ සඳහා හෙට සිට අමුද්‍රව්‍ය සැපයීමට සහය වන ලෙස මත්තේගොඩ පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කළ ඉල්ලීමට බස් සේවකයින්ගේ විරෝධය එල්ල වුණා.
 
කෙසේ වෙතත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ ඔවුන්ගේ සහය නොමැතිව වුව ද මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
 
මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකික ආසාදිතයා හමුවූයේ මත්තේගොඩ ප්‍රදේශයෙන්.
 
මේ අතර ජනතාව එක්රැස්වීම් සිදු නොකරන ලෙස සහ විනෝද ගමන් යාම තහනම් කර තිබෙන අවස්ථාවක ෆේස්බුක් සාදයක් පැවැත්වූ පිරිසක් බේරුවල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළුව අත්අඩංගුවට ගැනුණු දහඅට දෙනා කළුතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදා හැරුණා.
 
මේ අතර, නිරෝධායන කටයුතු වෙනුවෙන් බව පවසා මාතර රෝහල වෙත යොමු කර සිටි පෞද්ගලික රෝහල් සේවකයෙකු පොලීසියේ මැදිහත්වීම ඇතිව අදාළ පෞද්ගලික රෝහල වෙතම යළි යොමු කිරීමට මාතර රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.
 
මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ ඇඳිරිනීතිය තාවකාලිකව ඉවත් කිරීමට ගත් තීරණයට විරෝධය පළ කළා.
 
මේ අතර, කොවිඩ් 19 සම්බන්ධ සෞඛ්‍ය ගැටලු පිළිබඳ දැන ගැනීම සඳහා 1999 අංකය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හඳුන්වා දී තිබෙනවා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top