Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
19
දිනක් තුළ වැඩි වූ වැඩිම මරණ ගණන ඉතාලියෙන් - ගතවූ පැය 24 තුළ චීනයෙන් කිසිදු ආසාදිතයෙකු හමුවී නැහැ - ලෝකයම බයකළ කොරෝනාවල අලුත්ම තත්ත්වය - Video

- දිනක් තුළ වැඩි වූ වැඩිම මරණ ගණන ඉතාලියෙන් - ගතවූ පැය 24 තුළ චීනයෙන් කිසිදු ආසාදිතයෙකු හමුවී නැහැ - ලෝකයම බයකළ කොරෝනාවල අලුත්ම තත්ත්වය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

55 Views
"වෛරසය පාලනයට තිබූ සියලු අවස්ථා ගිලිහුණා.."
චීනය නව එන්නතක් අත්හදා බැලීමේ සුදානමක..
ඉන්දියානුවන්ට ගව මුත්‍ර බෙදූ තරුණයෙකුට වැඩ වරදී..
 
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ සියලු අවස්ථා ගිලිහී ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
 
ඉතාලියේ ගතවූ පැය 24 තුළ නව පුද්ගල මරණ 475ක් වාර්තා වූ අතර, එය සැලකෙන්නේ ලොව ඕනෑම රටක දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ලෙසටයි.

කෙසේ වෙතත්, වෛරසයේ ව්‍යාප්තිය ඇරඹි චීනයෙන් ගතවූ පැය 24 තුළ කිසිදු අභ්‍යන්තර ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්.
 
පසුගිය දෙසැම්බර් මස මැද භාගයේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය චීනයේ වූහාන් නගරයෙන් ඇරඹුණු අතර, එරට පුද්ගලයන් 80,928 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබුණා.
 
ඉන් පුද්ගලයන් 3245ක් මරණයට පත්වූ අතර, අද වනවිට වෛරසය සාර්ථකව පාලනය කිරීමට චීනය සමත්ව තිබෙනවා.
 
ගතවූ පැය 24 තුළ චීනයෙන් කිසිඳු අභ්‍යන්තර ආසාදියෙකු වාර්තා නොවීම කැපී පෙනෙන ලක්ෂණයක්.
 
නමුත්, විදේශ රටවල සිට පැමිණි වෛරසය වැළඳුණු චීන ජාතිකයන් 34 දෙනෙකු හමුවී ඇති බව චීන මාධ්‍ය වාර්තා කළා.
 
චීනයේ හුබෙයි පළාතේ සේවය කර ආපසු ගම්බිම් බලා පැමිණෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින් පිළිගැනීම සඳහා නගර 18ක ගොඩනැගිලි ආලෝකමත් කර තිබෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
මේ වනවිට කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ කේන්ද්‍රස්ථානය බවට යුරෝපය පත්ව ඇති අතර, වැඩිම බලපෑමක් එල්ලව ඇති ඉතාලියෙන් ආසාදිතයන් 35,713ක් වාර්තා වනවා.
 
ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 475ක් වාර්තා වන අතර, එය දිනක් තුළ ලොව ඕනෑම රටක වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.
 
ඉන් මරණ 319ක්ම වාර්තාවුණේ ලොම්බාඩි කලාපයෙන්.
 
ඉතාලියේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 2978ක්.
 
ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් 14,769ක් මේ වනවිට වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව 638 දක්වා ඉහළ ගියා.
 
මේ අතර, ප්‍රංශයෙන් ද කොරෝනා ආසාදිතයන් 9134ක් වාර්තා වන අතර, මියගිය සංඛ්‍යාව 264ක්.
 
මේ අතර, ජර්මනියෙන් ආසාදිතයන් 12,327ක් වාර්තා වන අතර, චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ජාතිය අමතමින් පැවසුවේ දෙවන ලෝක යුද්ධයෙන් පසු තම රට මුහුණදෙන දරුණුතම අර්බුදය මෙය බවයි.
 
වසර 15ක පාලන කාලය තුළ අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීමට හැර ඇය ජාතිය ඇමතූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.
 
වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇමරිකානු සහ කැනේඩියානු දේශසීමා වසා දැමුණා.
 
ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් 9415ක් දෙනා අතර, කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක් ද වනවා.
 
රුසියාවෙන් වාර්තා වන ආසාදිතයන් පහළ අගයක් ගත්ත ද ජනපති ව්ලැදිමීර් පුටින්ගේ නියෝගය මත මොස්කව් හි තාවකාලික රෝහලක් ඉදිකිරීමට පියවර ගෙන ඇත්තේ පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් ලෙසයි.
 
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද විදේශිකයන්ට තම රටට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගත්තේ කොරෝනා වෛරසය ලොවපුරා ශීඝ්‍රව ව්‍යාප්තිවීම සැලකිල්ලට ගනිමින්.
 
තම රටට පැමිණෙන විදේශිකයන් ඇතුළු සියලු දෙනාට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට තායිලන්තය පියවර ගෙන තිබෙනවා.
 
චීනය, දකුණු කොරියාව සහ සිංගප්පූරුව යන රටවලින් වෛරසය ආසාදනයවූවන් හමුවීම ක්‍රමිකව පහළ ගිය ද එම රටවල් දෙවන කොරෝනා වෛරස් රැල්ලකට මුහුණදීමේ අවධානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කරන්නේ කොරෝනා වෛරස පරීක්ෂණය පුළුල් කරන ලෙස ජනතාව ඉල්ලා සිටිය ද ඉන්දියාව, එම පරීක්ෂණ සිදුකරන ප්‍රමාණයේ අඩුවක් පවතින බවයි.
 
ලොව දෙවන වැඩිම ජනගහනය වාර්තා වන ඉන්දියාවේ දිනකට සිදුකරන කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව 90ක් පමණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
 
ඉන්දියාවෙන් මේ වනවිට ආසාදිතයන් 171 දෙනෙකු දක්වා ඉහළයාමත් සමඟ කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශය වසා දැමීමට කටයුතු කළා.
 
මේ අතර, ගව මුත්‍ර පානය කිරීමෙන් කොරෝනා වෛරසය වැළඳීමෙන් වැළකී සිටිය හැකි බව පවසා මුත්‍රා අලෙවි කළ කේරළයෙහි පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් පිරිසක් දෑත් සේදීමේ පුරුද්ද කරන අයුරුයි මේ.
 
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇනොම් දෑත් පිරිසිදු කිරීමේ අභියෝගතාවයේ ප්‍රචාරණ කටයුතු සඳහා ප්‍රියංකා චොප්රා, දීපිකා පදුකෝන් ඇතුළු බොලිවුඩ් නළු නිළියන් පිරිසක් නම් කර තිබෙනවා.
 
කොරෝනා ව්‍යාප්තිය හමුවේ රාජකාරී බහුල වූ පිලිපීනයේ පොලිස් නිලධාරියෙකු ශරීරයේ උෂ්ණත්වය තමන් විසින්ම මැන බැලීමට කටයුතු කරන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.
 
නව කොරෝනා වෛරසයට ප්ලාස්ටික් පෘෂ්ඨ මත දින 5ක් සහ වානේ පෘෂ්ඨ මත දින 2ක් නොනැසී පැවතිය හැකි බවට පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා.
 
බ්‍රසීලයේ සුප්‍රකට රියෝ ද ජැනයිරෝ ක්‍රිස්තු ප්‍රතිමාව කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක්වූ රටවල ජාතික ධජයන්ගෙන් ආලෝකමත් කර තිබුණා.
 
කෙසේ වෙතත්, රට තුළ වෛරස ව්‍යාප්තිය පාලනයට නිසි ක්‍රමවේද නොගැනීම සම්බන්ධව බ්‍රසීල ජනාධිපතිවරයාට එරෙහිව ජනතාව නිවෙස්වල සිට විරෝධය පළකළා.
 
මේ වනවිට ලොව රටවල් 170ක පමණ කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 220,346ක්.
 
වෛරසය ආසාදනයවීමෙන් ලොවපුරා පුද්ගලයන් 8987ක් මරණයට පත්ව තිබෙනවා.
 
මේ අතර, කොරෝනා වෛරසයට ප්‍රතිකාර සඳහා නිපදවූ එන්නතක් සායනිකව අත්හදා බැලීමට චීනය අනුමැතිය දී තිබෙනවා.
 
චීන මහජන හමුදාවට අනුබද්ධ වෛද්‍ය විද්‍යා ඇකඩමියේ පරීක්ෂකයන් නිපදවා ඇති අදාළ එන්නත මේ සතිය තුළ අත්හදා බැලීම ආරම්භ කෙරෙනු ඇති.
 
දේශසීමා, ජාතිභේද, සමේ පැහැය හෝ බැංකු ගිණුමේ ඇති මුදල් ශේෂ නොතකමින් පැතිර යන මෙම වෛරසය එක් ජන කොට්ඨාශයක් වෙත ලඝු කිරීම දෝෂ සහගත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක නිලධාරී මයික් රයන් අවධාරණය කරනවා.
 
ඔහු මෙම අදහස් පළ කළේ, කොරෝනා වෛරසය චීන වෛරසයක් බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා කිහිපයකදී කළ අර්ථ දැක්වීම්වලට ප්‍රතිචාර දක්වමින්.
 
මේ අතර, චීන ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කරන්නේ නව කොරෝනා වෛරසය වූහාන් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ වුවද වෛරසයේ මුල් උපත වූහාන් නගරයෙන් බවට අර්ථ ගැන්වීමට කිසිඳු සාධකයක් නොමැති බවයි.
 
මේ අතර, ආසාදිත රෝගීන් යොදාගනිමින් සිදුකළ පරීක්ෂණයකදී හෙළිව තිබෙන්නේ ජපානය මීට පෙර කුරුළු උණ වසංගතය පාලනය කිරීමට භාවිත කළ ඖෂධයක් නව කොරෝනා වෛරසය මැඩලීමටද භාවිතයට ගතහැකි බවයි.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top