ඒ.එස්.පී. ලියනගේ අද රහස් පොලිසියට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාවල පීකොක් මන්දිරයට ගෙවදීමට නියමිතව තිබුණත් එය නොකෙරෙන ලකුණු පහළවී ඇතැයි වාර්තා වෙනවා.
නක්ෂත්‍රකරුවන්ගේ උපදෙස් අනුව පසුගිය දා නාන තටාකයද මුහුදු වැලි දමා ගොඩ කළ අතර උළුවහුද වෙනස්කර තිබෙනවා.
පදිංචියට පෙර ගිවිසුමක් අත්සන් කර පදිංචිය බාරගැනීම ගැන ඉඩම් ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට හිටපු ජනපතිගෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති නිසා මෙම තත්වය උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට ඒ.එස්.පී. ලියනගේ මහතා සම්බන්ධ කර ගැනීමට හිරු ගොසිප් ගත් උත්සාහය අසාර්ථක වුණා. මේ අතර ඒ.එස්.පී.ලියනගේ මහතා අද රහස් පොලිසියටද කැඳවා තිබෙනවා.