කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා ඊයේ (18) පැවැති අවුරුදු උත්සව කිහිපයකට සහභාගී වුණා.
හංවැල්ල - මාවතගම එක්සිත් සුබසාධන සමිතිය 7 වන වරටත් සංවිධාන කල බක් මහ උළෙලට එක්වූ මන්ත්‍රිවරයා තරග ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව එක්සිත් සුබ සාධන සමිතියට මුල්‍යාධාර ප්‍රධානයක්ද සිදුකළා.
කහතුඩුව ප්‍රදේශයේ පැවැති එක්සත් සුබ සාධන සමිතිය සංවිධාන කළ අවුරුදු උළෙලට ද පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා මහතා එක් වුණා.
අනතුරුව ඇඹුල්ගම - හේන්පිට මුදිතා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය පැවැත්වූ අවුරුදු උත්සවයට සහභාගී වූ මන්ත්‍රීවරයා එම සංවිධානයට ද මුදල් පරිත්‍යාගයක් ප්‍රධානය කළා. එහිදී පූජ්‍ය නවගමුවේ විමලරතන හිමියන් අනුශාසනාවක් ද සිදු කළා.
පූජ්‍ය නවගමුවේ විමලරතන හිමි - ඇඹුල්ගම රජමහා විහාරය
‘‘අපි මේ බක් මහේත් අපේ අවුරුද්ද සමරන්නට මේ වයෝවෘද්ධ අපේ වැඩිහිටි පින්වත් පිරිස ඒකරාශී වුණා. ඒ සඳහා ආශිර්වාදයක් වෙන්න කවදත් අපි දකින්න කැමතියි කවදත් අපි කතා කරන්න කැමැතියි දුප්පත් ජනතාවට ආශිර්වාද කරපු දුමින්ද සිල්වා මැතිතුමා මේ අයට ආශිර්වාද කරන්න ඇවිල්ලා තියෙනවා. එතුමන් මන්ත්‍රිවරුන් දහසකගේ ඇමතිවරුන් 10 දෙනෙකුගේ ශක්තියක් තියෙන මන්ත්‍රිතුමෙක් වශයෙන් අපේ පිළිගැනීම තියෙනවා. මම මීට දවස් තුනකට ඉස්සෙල්ලා කොලොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ මේ වගේම ජන හමුවකට සහභාගී වෙච්ච අවස්ථාවේදි කුණු කන්දක් නිසා ගද ගගහ අපි හිටියේ. දුමින්ද සිල්වා මැතිතුමා නිසයි අපි අද හුස්ම ගන්නේ කියලා එතන හිටපු මහත්වරු වගයක් ඒ අවස්ථාවේදී සිහිපත් කළා. එතුමන්ට ඔය තියෙන මඩ සහ අකටයුතුකම් ජනතාවගේ ආශිර්වාදය තුළින් මකාගෙන ඉතාමත් යෝධ බල ශක්තියකින් ඉදිරියටත් මේ රටේ සේවය කරන්නට ආශිර්වාදය ලැබෙන බව සිහිපත් කරමින් දීර්ඝායුෂ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් මගේ අනුශාසනාව සමාප්ත කරනවා.‘‘VIDEO