Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
27
මම මගේ වැරදී හදාගන්න උත්සහකරනවා.තනිකම මං තෝරගත්ත දෙයක් නෙමේ......සනත් කියයි..

- මම මගේ වැරදී හදාගන්න උත්සහකරනවා.තනිකම මං තෝරගත්ත දෙයක් නෙමේ......සනත් කියයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

169 Views

ප්‍රවීන රංගන ශිල්පියෙක් වගේම දේශපාලඥයෙක් වන සනත් ගුණතිලක කියන්නේ කාලෙන් කාලෙට විවිධ හේතු නිසා හැමෝගෙම කතා බහට ලක්වෙන පුද්ගලයෙක්නේ.පහුගිය දවස් වලත් ඔහුගැන ලොකු ආන්දෝලනයක් ඇතිවුනා.හැබැයි ඒ සනත් ගුණතිලකගේ රංගන ජීවිතය ගැනවත් දේශපාලන ජීවිතය ගැනවත් නෙමෙයි.ඔහුගේ තාවකාලික පැවිදි ජීවිතය ගැන.සමහරු ඒ ගැන හොඳ කිව්වා වගේම තවත් සමහරු ඒ ගැන විවේචනය කලා.කොහොමවුනත් ඒ හැමෝටම තිබුන ප්‍රශ්නයක් තමයි සනත් ගුණතිලකට හදිස්සියේම මහණවෙන්න හිතුනේ ඇයි කියන එක.ඒ ගැන වගේම සනත් ගුණතිලකගැන තවත් දේවල් දැනගන්න අපි ඔහුට කතා කලා.

 

 

ප්‍රශ්නය -:

 

ඔබේ තාවකාලික පැවිදි ජීවිතය ගැන එක එක්කෙනා විවිධ අදහස්පලකලා.අපිට ආරංචිවුන විදිහටනම් චිත්‍රපටයක චරිතයක් සඳහා අත්දැකීම් ලබගන්නයි ඔබ මේ තීරණය අරන් තිබුනේ.ඇත්තටම ඒකද ඇත්ත?

 

සනත් -:

 

ඔව්,චිත්‍රපටය සඳහා පමණයි.හැබැයි පොඩිකාලේ ඉඳන් බුද්ධාගමට මගේ හිතේ කැමැත්තක් තිබුනා.10 පන්තිය වෙනකම් බුද්ධධර්මය වෙනුවෙන් දෙන තෑග්ග හැමදාම දිනපු කෙනෙක් මං.ඒ කැමැත්ත මගේ හිතේ තැන්පත් වෙලා තියෙන්න ඇති.කුඩා කාලයේදී නැත්තන් සමහරවිට පෙරභවයේ ඉඳන් එන කැමැත්තක් වෙන්නැති කියලා මං විශ්වසකරනවා.ඒවා නවතවතාවක් සංවේදී වෙන අවස්ථාවල් එනවා.එවෙනි අවස්ථාවලදී සංවේදීව කටයුතු කරනවා.මං පහුගිය කාලේදී බන භාවනා කටයුතුවල යෙදුනා.ඒවා මාධ්‍යට කිව්වේ නැත්තේ කියා කියා කරන්න ඕන දේවල් නෙමේ නිසා.මට ඕනනම් තිබුනා මේ චිත්‍රපටයෙ පැවිදි චරිතය වෙනුවෙන් උදේට සිවුරක් දාගෙන හවසට ගලවල දාන්න.එත් මට එහෙම උවමනාවක් තිබුනේ නැ.විශේෂයෙන්ම මව පැවිදි කරපු නාලන්දරමේ පාලිත ස්වාමින්වහන්සේ කියාසිටියා,මහත්මයා හොඳ බෞද්ධයෙක්,මගේ දායකයෙක් එනිසා මේ කටයුත්ත තාවකාලික පැවිද්දතුල කරමු කියලා.ඉතින් මං ඒ විදිහට කළා.

 

ප්‍රශ්නය -:

 

ඒ තීරණය ගැන කවුරුත් දොස්කිව්වේ බැන්නේ නැද්ද?

 

සනත් -:

 

මට බැන්නේ ඕකට විතරද?මොකටද මට බැනලා නැත්තෙ.මම මෙහෙම කියන්නම්.චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලේ මම මාධ්‍ය උපදේශක වෙලා ඉන්නකොට සිද්ද වෙච්ච හැමදේකටම සනත්.එක දෙයයි මම නෙමේ.චන්ද්‍රික මැතිනියට බෝම්බ වැදුනනේ.ඒක එයාම කරගත්ත දෙයක් කියලයි ඔය ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් කිව්වේ.ඉතින් මේවගේ දේවල්වලින් මාව වට්ටන්න,සලිත කරන්න බැ.මේ පිළිබඳව විචාර විවේචන වෙනයි.උපහාස අපහාස වෙනයි.මම ඒවා ඉවසනවා.මම මගේ වැරදී හදාගන්න උත්සහකරනවා.නිවැරදිවෙන්න උත්සහකරනවා.මාව පැවිදි තත්වයට පත්කරපු සංඝරත්නයම ඒවාට පිලිතුරු හෝ එකඟවීම් කරයි.නමුත් අපේ ගිහි සමාජයේ එක එක මත තිබුනා.විවිධ මත පිළිබඳව සංවේදීව බලපු අයත් හිටියා.එලොවටත් මෙලොවටත් නැතිකාටහරි මොනවා හරි කියන අපතයොත් හිටියා.

 

ප්‍රශ්නය -:

 

දැන් අහන්නේ වෙනස්ම ප්‍රශ්නයක්.ඔබට wedding cake පෙන්නන්න බැරිද?

 

සනත් -:

 

පෙන්නන්න බැරි කමක් නැ.ඒවැ සීනි තියෙන නිසා මම කන්න එච්චචර කෙමති නැ.ඕන කෙනෙක් ඇවිල්ලා ඕන දෙයක් පෙන්නලා ගියාට මට කමක්නැ.මොන දේට උනත් එච්චචර බැදිල්ලක් නැ.ඒ උනාට chocolate වලටනම් මම ටිකක් ප්‍රියයි.

 

ප්‍රශ්නය -:

 

කැමරාව ඉදිරියේදී ඔබ දහස්වතාවක් පෙම්වතා වෙලා ඇති.ඒවගේමයි විවාහවෙලත් ඇති.එත් සැබෑ ජීවිතේදී ඔබ තනිකම තෝරගෙනද ඉන්නේ?

 

සනත් -:

 

තනිකම තෝරාගෙන නැ.ඒඋනාට ලැබිල තියෙනවා.තනිකම කියන එකෙත් මම විශාල ආශ්වාදයක් ලබනවා.මට ගැටළුවක් නොවුණු තනිකම ගැටළුවක් කරගෙන තියෙන්නේ ඔබයි මේ ප්‍රශ්නේ අහන අනිත්අයයි.කොහොම උනත් මේ තනිකමින් මං මිදෙනවානම් මිදෙන්නේ, මං දැන් ගෙවන සරල නිදහස් ජීවිතයට වගේම මගේ සිතුම් පැතුම් වලට බාධා නොකරන කෙනෙක් මුණ ගැසුනොත් විතරයි.

 

ප්‍රශ්නය -:

 

ඒ කියන්නේ ඔබේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා?

 

සනත් -:

 

බලාපොරොත්තු කාටද නැත්තේ?එකම දේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්නේ නැ.

 

ප්‍රශ්නය -:

 

ඒ කාලේ ඔබත් එක්ක දක්ෂ ඒවගේම ලස්සන නිලියෝ ගොඩක් රඟපැවනේ.සමහර අයගේ නම් එක්ක ඔබේ නමත් සම්බන්ද වෙච්ච අවස්ථා තිබුනා.එත් ඒවාට මොකද වූනේ?ඒගොල්ලෝ සනත්ට අකමැති උනාද,සනත් ඒගොල්ලන්ට අකමැති උනාද?

 

සනත් -:

 

ඔයා වෙලාවක කතාකරලා ගිහින් ඒගොල්ලන්ගෙන්ම අහන්නකෝ.විශේෂයෙන්ම ඔය වගේ නිවේදිකාවක් අහපුවම කියයි.නිළියන්ට පැහැදිලිව උත්තර දෙන්න පුළුවන් වෙයි.

 

ප්‍රශ්නය -:

 

ඔබ ඒගොල්ලන්ට අකමැති වුනාද?

 

සනත් -:

 

අනේ පිස්සුද?මම අකමැති වෙනවද කවදාවත්.එයාල මගේ කැමතිම අය.

 

ප්‍රශ්නය -:

 

ඒ අතර විශේෂ කෙනෙක් හිටියේ නැද්ද?

 

සනත් -:

 

ඔක්කොමල විශේෂයි මට. එක එක ආකාරයට.

 

ප්‍රශ්නය -:

 

ඔබ චිත්‍රපටි රැසක රඟපාල තියෙනවා.ඒ අතරින් ආපහු ආපහු බලන්න කැමති චිත්‍රපටයක් තියෙනවද?

 

සනත් -:

 

එහෙම චිත්‍රපට කිහිපයක්ම තියෙනවා.ඒ උනාට ගොඩක් අය කතාකරන්නේ විරාගය ගැන.එකත් මට විශේෂයි.නමුත් පාලම යට,කැඩපතක චායා,සිසිල ගිනිගනී,එකමත් එක රටක,සුජාතා වගේ චිත්‍රපටි රැසක් තියෙනවා.ඇත්තටම මං රංගනයට අහම්බෙන් අවේ.ඒකට මං මුල් කාලෙම අවංක උනේ මට වෙන කරන්න දෙයක් තිබුනේ නැති නිසා.මං රංගන ශිල්පියෙක් උනේ ජීවත්වෙන්න ඕන නිසා.නැතුව මගේ පෞර්ෂයවත්, පෙනුමවත් ,ආකර්ශනයවත් පෙන්නන්න නෙමේ.මේක මගේ රැකියාව උන හින්දත් මගේ එදිනෙදා ජීවිතය උන හින්දත් මං කැපවීමෙන් කලා.වාණිජ කලාත්මක කියල මං චිත්‍රපට බෙදුවේ නැ.මගේ ඉදිරි ගමනට ඒක වැදගත් වුනා.ඒ හින්ද මං ඕනෑම චිත්‍රපටයක් දෙස ආපහු හැරිලා බලයි.සතුටුවෙයි.

 

ප්‍රශ්නය -:

 

මේ දවස් වල ඔබ මොනවගේ නිර්මාණ කටයුතුවලද නිරතවෙලා ඉන්නේ?

 

සනත් -:

 

මගේ සිනහව අතරින් කියන චිත්‍රපටයේ කටයුතු තමා කරන්නේ.සංස්කරණ කටයුතු ඉවරයි.එතනින් එහාට කරන්න තියෙන වැඩවලට මත සුනිල් ටී. මහත්මයත් එකතුවෙලා වැඩ කරගෙන යනවා.මේක ටිකක් බැරෑරුම් චිත්‍රපටයක්.ඒකට අමතරව ඊළඟ කතාවේ තිර රචනය කරගෙන යනවා.ඒ වගේම තව යම් යම් දේවල් ටිකක් ලියාගෙන යනවා.ඒ මොනාද කියල මං හිරුට පස්සේ දවසක කියන්නම්.

 

ප්‍රශ්නය -:

 

ඔබ පොතක් ලියන්නද යන්නේ?

 

සනත් -:

 

පොතක් ලියන්න උවමනාවක් නැ.සමහර අවස්ථාවල මට හිතෙන දේ,මගේ වැඩිහිටි පරම්පරාවේ මං ගරුකරන ටෝනි රණසිංහ,අයිරාංගනී සේරසිංහ,තිස්ස අබේසේකර වැනි ය පිළිබඳව විටින් විට මං ලියනවා.මේක සමහරවිට මටත් සම්බන්ද යම්  ආකාරයක කරුණු පැහැදිලි කිරීමක් වෙන්න පුළුවන්.































Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top