යම් පුද්ගලයෙකුගේ අවමංගල්‍ය දිනයකදී නිවසට පැමිණෙන පිරිස් දුක සේ කාලය ගතකරන්නේ තමන් ඇසුරු කළ පුද්ගලයා මෙලොවින් සමුගත් ශෝකය හා ඒ පිළිබඳව ඇති වන කණගාටුව නිසාවෙනුයි.
නමුත් මියගිය තමන්ගේ සැමියාගේ අවමංගල්‍ය දිනයේ නිවසට නාටිකාංගනාවන් ගෙන්වා සංදර්ශනයක් පැවැත්වූ කාන්තාවක් පිළිබඳව තායිවානයෙන් වාර්තා වනවා.
ඔහුගේ වියෝව පිළිබඳව තොරතුරු දැනගත් පිරිස් නිවසට පැමිණ අවසන් ගෞරව දැක්වීමට කටයුතු කරන අතර මේ විමතිය පළකරන දසුන දැකීමෙන් මහත් කණස්සල්ලට පත්ව තිබෙනවා. නමුත් ඇතැම් පිරිස් නාටිකාංගනාවන්ගේ මේ රැඟුම් වීඩියෝ ගතකොට අන්තර්ජාලයටද මුදාහැර තිබෙනවා.
කාන්තාව සිදුකළ මේ ක්‍රියාව පිළිබඳව බොහෝ දෙනාගේ අප්‍රසාදය පළවී ඇති බවයි පැවසෙන්නේ. කෙසේ නමුත් ඇය මෙලෙස නාටිකාංගනාවන් ගෙන්වා සංදර්ශනයක් පවත්වා ඇත්තේ තායිවානයේ අවමගුලකට සහභාගී වන පුද්ගලයින් සංඛ්‍යාව වැඩි වන තරමට මියගිය පුද්ගලයාට එය ගෞරවයක් බව සැළකෙන නිසාබවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඇය අවමගුලට සෙනග අද්දවාගැනීමට මෙම කටයුත්ත සිදුකර ඇති බවට පැවසෙනවා.