Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
29
"ඈත දුරදි මාව යටවුණා. කාරෙක හැප්පුණා" - රිය අනතුරින් මිය ගිය අප්රුක් තම මවගේ කුසෙන් ආරියා නමින් නැවත ඉපදී පෙර භවය හෙළි කළ හැටි

- "ඈත දුරදි මාව යටවුණා. කාරෙක හැප්පුණා" - රිය අනතුරින් මිය ගිය අප්රුක් තම මවගේ කුසෙන් ආරියා නමින් නැවත ඉපදී පෙර භවය හෙළි කළ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

75 Views
සිහිනයෙන් පැමිණ නැවත එන්නදැයි මවගෙන් අහලා......

එහෙදි මෙතන තුවාල වුණා......

කුඩා දරුවන් මගින් හෙළි වන ගති සිරිත් පෙරභවය හා සම්බන්ධවන සිදුවීම් පුනර්භව පර්​ෙ‌ය්ෂණවලදී නිතර දක්නට ලැබේ. පුනර්භව පර්​ෙ‌ය්ෂකයෙකු වූ මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදුකළ එවැනි පුනර්භව සාධකයක් මීට වසර ගණනකට උඩදී පර්​ෙ‌ය්ෂණ වාර්තාවකට ඇතුළත් කර ඇත. අනතුරුව 1968 දෙසැම්බර් දෙවැනිදා පළකළ BANKOK TIMES පුවත්පතද ඒ පිළිබඳ වාර්තාවක් පළකළේය.

පිරිමි දරුවෙකු මගින් ගැහැනු ගති සිරිත් ඉදිරිපත් වූ එම දරුවා හදිසි අනතුරකින් මරණයට පත්විය. අනතුරුව එම මවගේම කුස තුළින් උපත ලැබූ ගැහැනු දරුවකු මියගිය දරුවාගේ ජීවිත තොරතුරු හෙළි කරන්නට විය. එම දරුවන් දෙදෙනාගෙන් දක්නට ලැබුණු ගති සිරිත් දෙමාපියන්ගේ දැඩි අවධානයට යොමු විය.

පෙරභවය හෙළි කළ එම දරුවාගේ පුනර්භව සාධකය දෙමාපියන් පුදුම කරවනු සුළුවිය. පිරිමි දරුවෙකු වුවත් ඔහු හැමවිටම ඉල්ලා සිටියේ ගැහැනු දරුවන්ගේ ඇඳුම්ය. පිරිමි දරුවන්ගේ ඇඳුම් ඇන්දවීමට මව කොතෙක් උත්සාහ ගත්තද එම දරුවා පිරිමි ඇඳුම් අප්‍රිය කළේය. 1954 වසරේදී උපත ලැබ සිටි එම දරුවා නම් කර තිබුණේ අප්රුක් යනුවෙනි.

අවුරුදු දෙක හමාරක් පමණ වි​යේදී ඔහු තුළින් මතුවූ ගති සිරිතක් දෙමාපියන් මවිත කරවන්නට විය. එනම් දිනක් ඔහු අතට අසුවූ හුනු කැබැල්ලක් දෙතොල් මත පිරිමදිනු දක්නට ලැබිණි. අනතුරුව ඔහුගේ ඇස් බැමිවලද එය පිරිමදිනු ලැබුවේ කාන්තාවන් දෙතොල් පාට කරන අයුරු සහ ඇස් බැමි වර්ණ ගන්වන අයුරු විදහා දක්වමිනි.
 
කුඩා දරුවන්ගේ හැසිරීම් රටාවලට වෙනස් වූ තම පුත්‍රයාගේ මෙම ගති සිරිත පිළිබඳව දෙමාපියන්ගේ අවධානය යොමුවී තිබිණි. දෙතොල් රතු කරන වර්ණ ඉල්ලා සිටීමටද මෙම දරුවා පුරුදු වී සිටියේය. තවත් විටෙක ඔහු නැටුමටද ප්‍රිය බවක් දක්වන්නට විය. කිසියම් ස්ථානයකදී බෙර හඬක් ඇසුණු විගස එහි තාලයට නැවීමටද ඔහු උත්සාහ කළේය. ඒ වන විට තෙහැවිරිදි වියේ පසුවූ තම දරුවා එවැනි හැසිරීම් රටාවක් දක්වන්නේ ඇයිද යන්න දෙමාපියන්ට ප්‍රහේළිකාවක්ද වී තිබිණ. බෙරවාදනයට ඔහු බෙහෙවින් ප්‍රිය බවක් දැක්වීය.

වසර කීපයක් ගත විය. දරුවා ගේ එම හැසිරීම් රටාව වරින් වර නිරූපනය වීමද දිගින් දිගටම සිදුවිය. දිනක් දෙමාපියන් සහ තවත් පිරිසක් සමග ඔහු වෙනත් ප්‍රදේශයක සංචාරයකට සහභාගි වී සිටියේය. ඔවුන් මහා මාර්ගයේ ගමන් කරමින් සිටියදී වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් එම පිරිස යටකරගෙන ධාවනය විය. පිරිස අතර සිටි තිදෙනෙක් මරුමුවට පත්වූ අතර තවත් කීප දෙනෙකු තුවාල ලැබීය.

එම අනතුරෙන් අප්රුක් දරුවාටද බරපතළ තුවාල සිදුවීය. ඔහුගේ මුහුණ සහ හිසට බරපතළ දරුණු තුවාල සිදුවීම නිසා ඔහු මරණයට පත්වීය. මළ සිරුර නිවසට ගෙනවිත් දින කීපයක්ම නිවසේ තැන්පත් කර තිබිණි. තම දරුවාට සිදුවූ අවාසනාවන්ත සිදුවීම් නිසා දෙමාපියෝ බලවත් කම්පනයට පත්ව සිටියහ.

වසරක් පමණ ගතවිය. දිනක් අප්රුක්ගේ මව වෙළෙඳ පොළට යන අයුරු ඇය සිහිනෙන් දුටුවාය. සිහිනෙත් මව වෙත පැමිණ අප්රුක් ඇය වෙත එන්නදැයි මවගෙන් ප්‍රශ්න කරනු බවට දක්නට ලැබිණි. තමා දුටු සිහිනයෙන් බියපත් වූ මව ඒ බැව් සැමියාට දැනුම් දුන්නේය. මියගිය පුත්‍රයා පිළිබඳව මනසේ තිබූ මතකයෙන් එවැනි සිහිනයක් දක්නට ඇතැයි සැමියා පැවසීය. එහෙත් එම සිහිනය නැවතත් වරක් ඒ අයුරින්ම ඇයට දක්නට ලැබිණි.

සති කීපයක් ගතවිය. ඇය තවත් දරුවෙකු ලැබීම සඳහා පිළිසිඳ ගැනීමක් සිදුවී ඇති බැව් ඇයට දක්නට ලැබිණි. මියගිය තම පුත්‍රයා යළි ඇගේ කුස තුළින් උපතක් ලැබෙනු ඇතැයි ඇය කිසිවිටෙකත් නොසිතුවාය. දරුවා ලැබෙන කාලය සම්පූර්ණ විය. 1968 නොවැම්බර් 7 වැනිදා ඇය දරුවෙකු මෙලොවට බිහි කළාය. ගැහැනු දරුවෙකු වූ ඇගේ උපතින් සිරුරේ කැළල් කීපයක්ම උපන් ලප ලෙස දර්ශනය වන්නට විය.

විශේෂයෙන් ඇගේ මුහුණේ සහ හිසේ රත් පැහැ ලප කැළල් පිහිටා තිබිණි. තම මියගිය පුත්‍රයාට රිය අනතුරෙදී සිදුවූ අනතුරෙන් දක්නට ලැබුණු තුවාලවලට සමාන කැළල් එම දරුවාගේ සිරුරේ දක්නට ඇති බැව් දෙමාපියන්ට පැහැදිලි විය. එහෙත් මියගිය පුත්‍රයා දියණියක වී යළි උපතක් සිදුවී ඇතැයි ඔවුහු කිසි විටෙකත් නොසිතූහ. ඔවුහු එම දරුවාට ආරියා යනුවෙන් නම් තැබීය.

නිරෝගී දරුවෙකු වූ ඇය බහ තෝරන වියට පත්වන තුරුත් ඇය පෙරභවයක් පිළිබඳව කිසිවක් අනාවරණය නොකළාය.හොඳින් කතා කිරීමට හැකිවීමත් සමග ඇගේ මුහුණේ ඇති කැළැල් පෙන්වූ දැරිය දිනක් මව ඇමතුවාය. "එහෙදි මෙතන තුවාල වුණා" යයි ඇය පැවසුවාය. මොන තුවාලද? යි මව පුංචි විමසීමක් කළාය.

"ඈත දුරදි මාව යටවුණා. කාරෙක හැපුණා" යයි දියණියගේ පිළිතුර විය. දියණිය තම මියගිය පුත්‍රයාගේ අනතුර හෙළි කරන්නේ යයි මව සැක කළාය. එහෙත් ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් ගැනීමට ඇයට නොහැකි විය. තවත් දිනක් මව ඇමතූ දැරිය එතකොට මට කියන්නේ අප්රුක් යයි පෙරභව පුද්ගල නම අනාවරණය කළාය.

දෙහැවිරිදි වියේ පසුවූ දියණිය මිය ගිය තම පුත්‍රයාගේ නම නිවැරදිව හෙළි කළේ කෙසේද? ඒ වන විට කිසි දිනෙක මියගිය පුත්‍රයාගේ නම ඇසීමට පවා ඇයට අවස්ථාවක් නොලැබුණ බැව් මවට පැහැදිලිය.

තම දියණිය අනාවරණය කරනු ලබන්නේ මියගිය පුත්‍රයාගේ ජීවිතය පිළිබඳවයයි. දෙමාපියෝ සැක සිතූහ. ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට ඔවුහු උනන්දු වූහ. දිනක් නිවසේ තිබූ මියගිය පුත්‍රයාගේ ඡායාරූපයක් සමග තවත් ඡායාරූප කීපයක් දියණිය වෙත මව ඉදිරිපත් කළාය. එහි තිබූ මියගිය දරුවාගේ ඡායාරූපයක් දුටු දැරිය එක්වරම එය හඳුනාගෙන තමාගේ ඡායාරූපය බැව් පැවසුවේ මව මවිතයට පත් කරවමිනි. අනතුරුව ඇගේ හැසිරීම් රටාව තුළින් ද පෙරභවය හෙළිවන්නට විය.​

බෙර හඬක් ඇසුන විගස දියණිය ද නැටුම් ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නා බැව්ද දෙමාපියන්ට දක්නට ලැබිණි.

ගැහැනු දරුවෙකු වුවත් ඇය තුළින් දක්නට ලැබුණේ පිරිමි දරුවෙකුගේ හැසිරීම් රටාවය. එම දැරිය පිරිමි ඇඳුම් ඉල්ලා සිටීම තවත් විශේෂත්වයක් විය. මේ අතර පිරිමි දරුවන් ක්‍රීඩා කිරීමේදී පා පහර එල්ල කිරීම් වැනි ක්‍රීඩාවලට ඇය දැඩි උනන්දුවක් දැක්වූවාය. ගස්මතට නැගීමට ඇය පුරුදුව සිටියේ ඒ පිළිබඳව උපතින්ම ඇයට පුහුණුවක් ඇති බැව් පෙන්වා දෙමිනි.

දියණිය හෙළි කරන පෙර භව තොරතුරු තව දුරටත් විමර්ශනය කිරීමට දෙමාපියෝ තීරණය කළහ. ඒ වන විට මියගිය පුත්‍රයාට අයත් සෙල්ලම් භාණ්ඩ ඇතුළු විවිධ භාණ්ඩ කීපයක් නිවසේ ආරක්ෂිතව තිබිණි. එම භාණ්ඩ කීපයක් දියණියට දක්නට ලැබෙන අයුරින් නිවසේ තැබීය.

‘‘ඔයාගේ ඉස්සර සෙල්ලම් බඩු මෙතන තියනව නම් තෝරා ගන්න යයි දිනක් මව දියණියට පැවසුවාය. එම භාණ්ඩ වෙත ගිය දැරිය ඒ අතර තිබූ මියගිය දරුවාට අයත් භාණ්ඩ රැසක්ම තෝරාගත්තේ ‘‘මේවා මගේ’ යයි ප්‍රකාශ කරමිනි.

මේ අතර ඇය තුළින් විදහා දැක්වුණු ගති සිරිත් අතර මියගිය දරුවා ගේ ගති සිරිත් පිළිබඳව සිදු කළ විමර්ශනයේදී නැටුමට ඇය දක්වූ හැකියාව පෙර භවයේ දරුවා තුළ තිබූ හැකියාව සමග දැඩි විමර්ශනයක් සිදු කැරිණි. ඒ පිළිබඳව සිදුකළ පර්​ෙ‌ය්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති නැටුම් පිළිබඳව සිදුවීම මෙසේය.

"APRAK HAD ENJOYED DANCING TO DRUMS AT THE AGE OF LESS THAN 2 YEARS ARIYA BEGAN TO DANCE SPONTANEOUSLY WHEN SHE HEARD DRUMS"

මේ අතර මෙම දැරියගේ පුනර්භව පර්​ෙ‌ය්ෂණයේදී තහවුරු වූ තවත් අතිශය වැදගත් සිදුවීමක් තිබේ. එනම් භවය හෙල කළ දැරිය ඇයට දැනෙන හිසරදයක් අනාවරණය කිරීමය. එම හිසරදය ඇතිවන්නේ ඇගේ හිසේ වම් පැත්තේ බැව් හෙළි කළාය. ඒ පිළිබඳ පර්​ෙ‌ය්ෂණ වාර්තාවට ඇතුළත් වී ඇති හිසරදය පිළිබඳව දක්වා ඇත්තේ මෙසේය.

"ARIYA SUFFERED FROM HEADACHES OFTEN. AND SHE POINTED TO THIS AREA ON THE LEFT SIDE OF THE HEAD AS SITE OF HER HEADACHES" යනුවෙන් හිස රදය ඇති වන ස්ථානය පිළිබඳව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූයේ පෙර භවයේ මාරක තුවාල සිදුවූ හිසේ එම ප්‍ර​දේශය දරුවා විසින් පෙන්වා දෙන බවය.

"ලංකාදීප"
තිස්ස ජයවර්ධන
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top