Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
28
"මැණිකේ මොකද කරන්නේ කියා ෆෝන් එකෙන් අහද්දි, කෝච්චියක ශබ්දයක් ඇසුණා.." - සේවයට ගිය සෙබළාගේ හිස රේල් පාරේ - කඳ කොස්ගොල්ල පාලමේ - 20 හැවිරිදි බිරිඳ හැඬූ කඳුළින් කියූ කතාව මෙන්න - Photos

- "මැණිකේ මොකද කරන්නේ කියා ෆෝන් එකෙන් අහද්දි, කෝච්චියක ශබ්දයක් ඇසුණා.." - සේවයට ගිය සෙබළාගේ හිස රේල් පාරේ - කඳ කොස්ගොල්ල පාලමේ - 20 හැවිරිදි බිරිඳ හැඬූ කඳුළින් කියූ කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,024 Views
විවාහ වී කෙටි කාලයයි, අඬදබරයක් හෝ වුණේ නැහැ..
9ට විතර බසය එනකන් ටවුමේ ඉන්නවා කිව්වා..
"ආයෙම ෆෝන් එකට ගත්තත් ආන්සර් කළේ නැහැ.."
 
නිවාඩු ලබා නිවසට පැමිණ යළි සේවයට ගිය 23 හැවිරිදි යුද හමුදා යාන්ත්‍රික සෙබළාගේ හිස වෙන් වූ මළ සිරුර ගම්පොළ නාවලපිටිය දුම්රිය මාර්ගයේ කොස්ගොල්ල පාලම මත තිබියදී ගම්පොළ පොලිසිය මඟින් ඊයේ (26) සොයාගෙන තිබුණි.
 
මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ කෙසෙල්වත්ත පාරේ රාහිම්මලේ ප්‍රදේශයේ පදිංචි රූපසිංහ ආරච්චිලාගේ තිළිණ සම්පත් නමැති අයයි.

මොහු ශ්‍රී ලංකා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ උඩවලව සේවාස්ථානයේ සිට මෙසේ නිවාඩු ලබා නිවසට පැමිණ තිබේ.
 
මියගිය අය විවාහ වී මාස 3 ක් වන බව පරීක්‍ෂණ පවත්වන ගම්පොළ පොලිසිය පවසයි.
 
මෙහි ස්ථානීය පරීක්‍ෂණය සඳහා ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක නලින් ඒ. මැදිවක මහතා පැමිණ සිටි අතර එහිදී මියගිය අයගේ බිරිඳ වන විසි හැවිරිදි මිනෝකි ගීත්වරා නිව්‍යන්දියා යන අය පවසා සිටියේ දවස් 10 ක නිවාඩු ලබා 14 වැනි දින නිවසට පැමිණි සැමියා නිවාඩු අවසන්ව නැවත උඩවලව සේවා ස්ථානය වෙත පිටත්ව ගිය බවයි. රාත්‍රි බසයෙන් පිටත්ව යෑමට සූදානම් වූ සැමියාට රාත්‍රි 9.00 ට පමණ දුරකථන ඇමතුමක් දුන් පසු බසය පැමිණෙන තුරු ටවුමේ සිටින බව සඳහන් කළ බව ද ඇය පැවසුවාය.
 
අනතුරුව රාත්‍රි 10.30 ට පමණ දුරකථන ඇමතුමක් දුන් පසු තවමත් ටවුමේ සිටින බවත් ”අද මට හොඳට නිදාගන්න පුළුවන්” යැයි ඔහු සඳහන් කළ බවත් ඇය පැවසුවාය.
 
අනතුරුව ඔහු 11.45 ට පමණ තමාට දුරකථන ඇමතුමක් දී ”මැණිකේ ඔයා මොනවද කරන්නේ?” කියා විමසන විට කෝච්චියක ශබ්දය ඇසුණු බවත් ඉන්පසු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඇය ප්‍රකාශ කරමින් මරණ පරීක්‍ෂකවරයා හමුවේ දන්වා සිටියේ විවාහ වී මේ කෙටි කාලය තුළ දෙදෙනා අතර කිසිම අඬ දබරයක් සිදු නොවුණු බවයි.
 
මියගිය අයගේ හිස දුම්රිය පීලි අතර රැඳී තිබූ අතර සිරුර පාලම මත පහළට එල්ලෙමින් තිබුණි.
 
ගම්පොළ පොලිසියේ ස්ථානීය පරීක්‍ෂණ කණ්ඩායම (සොකො) සමග පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබූ අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා සිරුර ගම්පොළ ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලදි.

දිවයින


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,000 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  857 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,207 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,179 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,729 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,727 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,844 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,298 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  879 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,586 Downloads



Top 10 Commenters

Latest Comments

Top