Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
28
"වර්ණභේදවාදය දරුණුතම සමයේත් කළු ජාතික කාන්තාවක් හැටියට කළ මෙහෙයට ස්තූතිවන්තවනවා" - මුල්ම කාලයේ රොකට්වලට පාර කියූ විද්‍යාඥවරිය අවසන් ගමන් යයි - Photos

- "වර්ණභේදවාදය දරුණුතම සමයේත් කළු ජාතික කාන්තාවක් හැටියට කළ මෙහෙයට ස්තූතිවන්තවනවා" - මුල්ම කාලයේ රොකට්වලට පාර කියූ විද්‍යාඥවරිය අවසන් ගමන් යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,809 Views
සජීවී පරිගණකය යන අන්වර්ථනාමයෙන් හැඳින්වූවා......

කළු ජාතිකයෙකු නිසා අධ්‍යාපනයේ ඉදිරියට යන්නට රජයෙන් පහසුකම් ලැබුණේ නැහැ......

නාසා ආයතනයේ ප්‍රමුඛ සහ මුල්කාලීන භෞතික විද්‍යාඥවරියක වූ කැතරින් ජොන්සන් වයස අවුරුදු 101ක් ආයු වළදා පසුගිය සඳුදා අභාවප්‍රාප්ත වූ බව නාසා ආයතනය නිවේදනය කළේය. වාර්ගික හා සමාජයීය බාධක බිඳ දැමූ විශිෂ්ටත්වයේ සංකේතයක් වැනි ඇගේ ජීවිතයට නාසා හි ගෞරව ප්‍රණාමය පුද කෙරෙන බව එම ආයතනය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

වර්ණභේදවාදය ඉහළින්ම තිබූ යුගයකදී පවා කළු ජාතික කාන්තාවක් ලෙස ඇය ඉටු කළ මෙහෙය පිළිබඳව බෙහෙවින් ස්තූතිවන්ත වන බව නාසා ආයතනය පවසයි.

නාසා ආයතනයේ මුල් කාලීන අභ්‍යවකාශ මෙහෙයුම්වල දී රොකට් යානාවල ගමන් පථ පිළිබඳ ගණනයන් සිදු කළ ගණිතඥවරියක ලෙස ඇය කටයුතු කර ඇත. ඇගේ ජීවිත කතාව ඇසුරෙන් 2016 වසරේ දී නිර්මාණය කරනු ලැබූ Hidden Figures නමැති වාර්තා චිත්‍රපටය අංශ 3ක් යටතේ 89 වැනි ඔස්කා සම්මාන සඳහා යෝජනා විය.

‘සජීවී පරිගණකය’ යන අන්වර්ථ නාමයෙන් නාසා ආයතනය තුළ හැඳින්වුණු කැතරින් ජොන්සන්ගේ මූලික කාර්ය භාරය වූයේ අභ්‍යවකාශ යානා ගමන් කරවීම සඳහා මාර්ගය ගණනය කිරීමය. එය ඉතාම භාරදූර කර්තව්‍යයක් වූ අතර අදාළ ගණනයන් ඉතාම නිවැරදිව සිදු කළ ගණිතඥවරිය ලෙස ඇය ප්‍රසිද්ධ වී සිටියාය. මුල් කාලීන නාසා මෙහෙයුම්වල දී පමණක් නොව පසුකාලීනව පවා ඇගේ දායකත්වය අතිශය වැදගත් විය.

මුල්කාලීන මර්කරි සඳතරණ ව්‍යාපෘතියේ සිට සඳමත මිනිස් පිය සටහන තැබූ ඇපලෝ 11 ව්‍යාපෘතියේ ද, පසුකාලීන අභ්‍යවකාශ ෂටල වැඩපිළිවෙළේ සහ මෑතක ඇරඹුණු අඟහරු වැඩසටහන්වල ද අජටාකාශ යානාවන්ට අදුරු අභ්‍යවකාශයේ රුදුරු පෙදෙස් මඟහැර නිරුපද්‍රිතව නිසි ඉලක්කය කරා යන්නට පහසුම මඟ සොයාදුන්නේ කැතරින්ය.

1918 වසරේ අගෝස්තුවේ කැතරින් උපත ලැබුවේ වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ කුඩා නගරයකය. කුඩා කල අධ්‍යාපනය ලද ප්‍රාදේශීය පාසලෙන් 8 පන්තිය දක්වා අධ්‍යාපනය ලද ඇයට කළු ජාතිකයකු වූ බැවින් වැඩිදුර අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නට රජයේ පහසුකම් නොලැබිණි. 

නමුත් ගණිතය කෙරෙහි වූ ඇගේ ආශාවත් දක්ෂතාවත් වටහාගෙන සිටි ඇගේ මවුපියෝ මුදල් ගෙවා ඇයට ඉහළටම උගන්වන්නට තීරණය කළෝය. වයස අවුරුදු 14දී අසාමාන්‍ය දක්ෂතාවන් පෙන්වමින් වර්ජිනියා විශ්වවිද්‍යාලයට අධ්‍යාපන වරම් ලැබූ ඇය, එහි ආචාර්ය මහාචාර්යවරුන් පවා පරයන ගණිත හැකියාවක් ප්‍රදර්ශනය කරමින් 1937දී ගණිතය පිළිබඳ විශේෂ උපාධිය හිමි කරගත්තාය.

"මව්බිම"



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,001 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  857 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,214 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,179 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,744 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,727 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,844 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,299 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  879 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,594 Downloads



Top 10 Commenters

Latest Comments

Top