Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
කැළණි සරසවියේ CCTV ගැලවීමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනෙකු ගැන පොලිසිය ගත් තීරණය

- කැළණි සරසවියේ CCTV ගැලවීමට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනෙකු ගැන පොලිසිය ගත් තීරණයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,101 Views
කැළණිය විශ්වවිද්‍යාලයේ සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරා ඉවත් කිරීමේ සිද්ධියට අදාළව එම විශ්වවිද්‍යාලයේ සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසනවා.
 
ඊට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් ද අයත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, 16 දෙනාගෙන් 12 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන පොලිස් ඇපමත මුදාහැර තිබෙනවා.
 
හිමිනමක් ඇතුළු තවත් සිසුන් 04 දෙනෙකු සිද්ධියට ඍජුවම සම්බන්ධ බැවින් ඔවුන් හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
කැළණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ස්ථාපිත කර තිබූ සී.සී.ටී.වී කැමරා 14ක් එහි මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් පසුගියදා බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.
 
ඒ ශිෂ්‍යය මර්දනය සඳහා සී.සී.ටී.වී කැමරා පද්ධතිය උපයෝගි කර ගන්නා බව පවසමින්.
 
මේ අතර, කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය ද අද විශ්වවිද්‍යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහායි.
 
එහිදී එම ආචාර්යවරුන්ගේ සංගමය සඳහන් කළේ සී.සී.ටී.වී. ගලවා ඉවත් කිරීමෙන් රුපියල් ලක්ෂ 26ක පමණ අලාභයක් සිදුව ඇති බවයි.
 
මේ අතර, කැළණිය විශ්වවිද්‍යාලය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනය නතර කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අට්ටාලයක සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
 
ඔවුන් අද දහවල් කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණ ඉන් අනතුරුවයි මෙලෙස සත්‍යග්‍රහයක් ආරම්භ කළේ.
 
සත්‍යග්‍රහය ආරම්භ කිරීමට පෙර අමාත්‍යාංශ බලධාරින් සාකඡාවක් සඳහා එක්වන ලෙසට දැනුම් දුන්න ද සිසුන් එය ප්‍රතික්ෂේප කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,702 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  691 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,307 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,828 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,623 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,329 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,049 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  837 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,486 Downloads



Top 10 Commenters

Latest Comments

Top