විකිණිලා තිබ්බේ 3000යි.. ප්‍රින්ට් කරන්න වෙලා ගියා..
මම සභාපති හැටියට සමාව අයදිනවා ප්‍රේක්ෂකයන්ගෙන්..
අපි තනිකරම වරද භාරගන්නවා, කාටවත් ඕනි විදිහට වැඩ කරන් නෑ..
හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනයට නියෝග කර තිබෙනවා.
මේ අතර, ක්‍රිකට් ආයතනයද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන්ගෙන් සමාව අයැද සිටියා.
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ හම්බන්තොට, සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති දෙවන එක්දින තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ උණුසුම් තත්වය පිළිබඳ අපි ඊයේ හිරු ප්‍රවෘත්ති තුළින් මුලින්ම අනාවරණය කළා.
වසර 5කට පසු පැවති දිවා රාත්‍රී එක්දින තරගය නරඹන්නට විශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් සුරියවැව ක්‍රීඩාංගණයේ අසලට පැමිණියත් 35,000කට අධික ප්‍රේක්ෂකයන් පිරිසකට එකවර තරග නැරඹිය හැකි මෙම ක්‍රීඩාංගණයේ ප්‍රවේශ පත් නිකුත් කිරිමට මෙන්ම ක්‍රීඩාලෝලීන් ඇතුළත් කර ගැනීම සඳහා ක්‍රිකට් බලධාරීන් විවෘත කර තිබුණේ දොරටු දෙකක් පමණයි.
මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවට පත් වූ ක්‍රීඩාලෝලීන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර තත්ත්වය පාලනය කිරිම සඳහා ආරක්ෂක නිලධාරීන් ප්‍රේක්ෂකයින්ට පහරදීමක් ද සිදුකළා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වන්නට අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණා.
මෙම සිදුවීම අද දේශපාලන වේදිකාවෙත් මාතෘකාවක් බවට පත්වුණා.
සුරියවැව ක්‍රීඩාංගණයේදී ඊයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකර තමන්ට කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස නියෝග කළ බවයි. VIDEO