හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ලබන මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී 2010 වසරේ සිට වසර 5 ක කාලයක් තුළ රුපියල් තිස් කෝටි හැට දෙලක්ෂයක් වටිනා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුවට අදාළවයි.
අද එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ කැඳවූ අතර, නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මෙලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.