Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
"අපි වැටලීම කළා කියලවත් එයාලට ගානක් නෑ, එයාලා නටනවා.." - වැලන්ටයින් එක දවසේ කොල්ලෝ කෙල්ලෝ මත් වුනු, මහනුවර Facebook සාදය වැටලූ පොලීසියේ අමුතු මෙහෙයුම - Photos

- "අපි වැටලීම කළා කියලවත් එයාලට ගානක් නෑ, එයාලා නටනවා.." - වැලන්ටයින් එක දවසේ කොල්ලෝ කෙල්ලෝ මත් වුනු, මහනුවර Facebook සාදය වැටලූ පොලීසියේ අමුතු මෙහෙයුම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,324 Views
අපිත් හොර ෆේස් බුක් එකවුන්ට් දෙකක් හැදුවා...
පාටියක් තියනවා කියලා ලීක් වුණේ අම්මා කෙනෙකුගෙන්..
ඒ මත්ද්‍රව්‍ය ගත්තම මැරෙනකන් වුණත් නටන්න පුළුවන්..
 
සමාජ මාධ්‍ය යහපත් දේ වෙනුවෙන් භාවිත කළ හැකි බවට පසුගිය කාලයේ උදාහරණ ඕනෑ තරම් තිබිණි. ජනපතිවරණය නිම වීමත් සමඟ නගර ගම් දනව් පුරා පැතිර ගිය පොදු ස්ථානවල තාප්ප සිතුවම් කිරීමේ වැඩපිළිවෙළ තරුණ තරුණියන් මුළුමනින්ම සංවිධානය කළේ මුහුණු පොත ඔස්සේය.
 
ශ්‍රී පාදය පුද බිමට යන මාර්ගයේ අවධිමත් ලෙස පරිසරයට බැහැර කර තිබෙන දිරාපත් නොවන අප්‍රද්‍රව්‍ය එකතු කිරීමට පරිසර හිතකාමීන් ඒකරාශී වූයේද මුහුණු පොතෙනි. මේ අකාර යහපත් කාරණා අතර අයහපත් දේට මුහුණු පොත යොදාගන්නා අවස්ථාද දැන් මෙරටින් බහුලව අසන්නටද දකින්නට ලැබෙයි.

ඒ අතරින් ප්‍රධාන වන්නේ තරුණ තරුණියන් එක්ව සංවිධානය කරනු ලබන ෆේස් බුක් සාදය. හෙරෝයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍යය භාවිත කරමින් සිදු කෙරෙන එම සාදවලට සම්බන්ධ වන අති බහුතරයක් දෙනා මෑකත පාසැල් හැර ගියඅයයි.
 
හිඟුරක්ගොඩ, රත්නපුර, දෙහිවල ආදි ප්‍රදේශ රැසක පසුගිය කාලයේ මේ ආකාර සාද පැවැති අතර පොලීසිය මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවද අදාළ ස්ථාන වටලා මත්ද්‍රව්‍ය භාවිත කර සිටි තරුණ තරුණියෝ සිය ගණනක් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙහි ආසන්නතම සිදු වීම වැලන්ටයින් සැමරුමක මුවාවෙන් මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක සංවිධානය කර තිබූ ෆේස් බුක් සාදයකි. තරුණ තරුණියන් 200කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වී සිටි එම ස්ථානය සුරාබදු නිලධාරීන් විසින් වටලා තිබුණේ පසුගිය 16 දින අලුයම 1.30 ට පමණය.
 
මත්පැන් සමඟ හෙරෝයින්, ගංජා, අයිස්, මර්ජුවානා ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි තරුණ තරුණියන් අතර සිටි සාදය සංවිධානය කළ සහෝදරයන් දෙදෙනෙකු සමඟ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 16 දෙනෙකු මධ්‍යම පළාත් සුරාබදු විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සෙසු අය අවවාද කර මුදාහැර තිබිණි.
 
එම සාදයට එක්ව සිටි පොලිස් පරීක්ෂකවරයෙකු, බන්ධනගාර ජේලර්වරයෙකුද සහ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු සුරාබදු නිලධාරීන් විසින් මුදාහැර තිබුණේ ඔවුන්ගේ හැඳුනුම්පත් සුරාබදු දෙපාර්තුමේන්තුව භාරයේ තබා ගනිමිනි. මහනුවර නගරය තුළ ඒ ආකාර ෆේස් බුක් සාද මෙයට පෙර වාර්තා වී නොතිබීම නිසා අදාළ සිද්ධිය පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබිණි.
 
මහනුවර, අනුරාධපුර, දඹුල්ල, මීගමුව, කුරුණෑගල, ගම්පහ, කොළඹ, ත්‍රිකුණාමලය ආදි ප්‍රදේශ ගණනාවකින් ඊට සහභාගි විම සඳහා පැමිණි තරුණ තරුණියන් සියල්ලෝ වයස අවුරුදු 18-30 අතර අය වූහ. කිසිවකුට සැක නොසිතෙන ලෙස ඉතා රහසිගතව මුහුණු පොතේ හිත මිතුරන් අතර පමණක්ම හුවමාරු වූ එම සාදය පිළිබඳ තොරතුරු පිටතට පැමිණ තිබුණේ අපූරු ආකාරයකටය.
 
"අපේ දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගිවූ විවාහ මංගල උත්සවයක් මහනුවර ප්‍රධාන පෙළේ හෝටලයක පැවැත්වුණේ මේ සාදය පැවැත්වුණු දිනයට සති කිහිපකට පෙරයි. මහනුවර ප්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන තම දරුවා ෆේස් බුක් පාටියක් පිළිබඳ කතා කරන බව එම අවස්ථාවේ පවසා තිබුණේ මංගල උත්සවයට සහභාගි වූ මවක් විසිනුයි. ඉන්පසු අපි ඒ ගැන තොරතුරු සොයා බැලුවා..."
 
"දෙපාර්තුමේන්තුවේ සේවය කරන තරුණ වයසේ පසු වන නිලධාරියෙකු සහ නිලධාරිනියක ව්‍යාජ නම්වලින් ෆේස් බුක් එකවුන්ට් දෙකක් හැදුවා. ඒ ඔස්සේ කොහොම හරි සාදයට යන්න ඉන්න කෙනෙකු ෆේස් බුක් එක මඟින් ෆ්‍රෙන්ඩ් කෙනෙකු කර ගන්න පුළුවන් වුණා. ඒ ඔස්සේ අපේ අය ජාලයට එකතු වුණා. මේ විදිහට තමයි වැලන්ටයින් ෆේස් බුක් පාටියට අපේ නිලධාරීන් දෙන්නෙක් අැතුළු වුණේ. මේකට ඇතුළු වෙන්න රුපියල් 2500.00ක ටිකට් එකක් ගන්න ඕන. තරුණියන්ට ඇතුළු වීම නොමිලේ. අපේ නිලධාරියා ටිකට් පතක් අරගෙන කිසිවකුට සැක නොසිතෙන ලෙස මේකට ඇතුළු වුණා..." මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ මහතා පවසයි.
 
මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ කණ්ඩායමට අමතරව ගම්පොළ සුරාබදු ඒකකයේ නිලධාරීන් පිරිසකගේද සහාය ලබාගනිමින් අදාළ ස්ථානය වැටලීම සිදු කර තිබුණේ පාන්දරය. පාටියට සමබන්ධ වී සිටි නිලධාරියා සහ නිලධාරිනිය ලබාදුන් තොරතුරු ඔස්සේ ඇතුළත තත්ත්වය සම්බන්ධව පිටත සිටි සුරාබදු නිලධාරීහු නිරතුරුව දැනුවත් වූහ. අදාළ හෝටලයට ලබාදී තිබුණු මත්පැන් බලපත්‍රයේ කොන්දේසි අනුව මධ්‍යම රාත්‍රියෙන් පසු මත්පැන් අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය. එම වරද හෝටල් පාලකයන් සිදු කරන තුරු සුරාබදු නිලධාරීහු බලාසිටියේය. ඇතුළත සිටි අයගෙන් ඇමතුමක් ලැබෙන තුරු බලාසිට මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සුරාබදු නිලධාරීහු පියවර ගත්හ.
 
"අපි හෝටලයට ඇතුළු වෙන කොට තරුණ තරුණියන් බොහෝ දෙනෙක් හිටියේ මත්වෙලා. අපි වැටලීම කළා කියලාවත් ඒ අයට තේරුමක් තිබුණේ නැහැ. අපි පරීක්ෂා කරන කොටත් සමහරු නටනවා. මේ මත්ද්‍රව්‍යවල භයානකකම මේකයි. මත්වෙලා ඉන්න කොට තමන්ට මොනවා වෙනවද කියලා මේ අයම දන්නේ නැහැ. සාදයට සහභාගි වී සිටි අය අතර පොලිස් පරීක්ෂකවරයෙකු වගේම බන්ධනාගාර ජේලර්වරයෙකුත් හිටියා. අපි අත්අඩංගුවට ගත්තේ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන හිටිය අය සහ සාදය සංවිධානය කළ අය විතරයි. පාටියට සහභාගි වූ අයට මත්ද්‍රව්‍ය අලෙවි කර තියෙන්නේ රුපියල් 3500.00ක මුදලකටයි..."
 
"විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනා මෙතැන බවුන්සර්ස්ලා විදිහට ඉඳලා තියෙනවා. මහනුවර වලල පදිංචි තරුණයන් පිරිසක් තමයි මේක සංවිධානය කරලා තිබුණේ. ඒ අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුත් හිටියා. අපිට ලැබුණු තොරතුරු අනුව ඒ අය නකල්ස් වල මීට කලින් මේ වගේම ෆේස් බුක් සාදයක් පවත්වලා තිබෙනවා...." මලවිපතිරණ මහතා පැවසුවේය.
 
මේ සම්බන්ධව අදහස් දැක්වූ මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය, නීතීඥ පාලිත සුබසිංහ මහතා මෙසේ පැවසුවේය.
 
"මේ සාදවලදී පාටි පිල්ස් කියලා විකුණන මත්ද්‍රව්‍ය ඉතා භයානකයි. ඒකට ඇබ්බැහි වුණාම මොන දේ කරලා හරි ඒක ගන්න බලනවා. එහි අඩංගු වෙලා තියෙන්නේ Amphetamine කියන මත්ද්‍රව්‍ය. ලංකාවට ගෙන ඒම තහනම්. අපි නටන කොට අපිට මහන්සිය දැනෙනවා. එතකොට අපි ඒක නවත්තලා විවේක ගන්නවා. මේ මත්ද්‍රව්‍යවලින් වෙන්නේ ඒ මහන්සිය දැනෙන එක වැළැක්වීමයි. ඒවා ගත්තාම මැරෙන තුරු වුණත් නටන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ලිංගික උත්තේජනයක් ඇති වෙනවා. පුරුදු වුණාම ඒක නැතුව ඉන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ජීවිතේ සියලු දේවල් කඩා වැටෙන්නේ ඒ විදිහටයි. පාසැල් හැරගිය ළමයින් මේ පාටි වලට ගියාම මේ ශරීරයට ඉතාම අහිතකර මත්ද්‍රව්‍යවලට යොමු වන්නේ අත්හදා බැලීම් විදිහටයි. ඒ විදිහට අත්හදා බලන්න ගිහින් මුළු ජීවිතයම විනාශ කරගත් අය ප්‍රතිකාර ගන්න තමන්ගේ මවුපියන් එක්ක කොච්චර නම් රෝහලට එනවද. එදාට මේවා සංවිධානය කළ අය පැත්ත පළාතක නැහැ..."
 
"අපේ රටේ තහනම් කර තිබෙන මත්ද්‍රව්‍ය තමයි මේ ෆේස් බුක් පාටි වල භාවිතා කරන්නේ. අපේ රටේ නිතිය අනුව මත්ද්‍රව්‍ය පානය කරලා හිටියට අත්අඩංගුවට ගන්න බැහැ. ඒවා පාවිච්චි කරලා අශෝභන ලෙස හැසිරුණොත් අත්අඩංගුවට ගන්න පුළුවන්. මේක මේ පාටි සංවිධානය කරන අය දන්නවා. දැන් රැල්ලක් විදිහට රට පුරා පැතිර යන ෆේස් බුක් පාටිවලින් මත්ද්‍රව්‍ය ඈත් කරන්න නම් පවතින නීතිවලට සංශෝධන ගෙන එන්න ඕන. ෆේස් බුක් පාටිවල මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවා නම් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීම යටතේ ඒවා සංවිධානය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට නීති වෙනස් වෙන්න ඕන. එවැනි පාටියකට යොමු කළ අය වගේම යොමු වූ අයත් අත්අඩංගුවට ගත හැකි පරිදි නීති වෙනස් නොකළොත් මේක පාලනය කරගැනීම අසීරු වෙනවා..."
 
පොලිස් පරීක්ෂකවරයෙකුද අදාළ ෆේස් බුක් සාදයට සම්බන්ධව සිට ඇති අතර රාජකාරී හැඳුනුම් ලබාගෙන ඔහු මුදා හැරීමට සුරාබදු නිලධාරීන් පියවර ගෙන තිබිණි. තමන් එම සාදයට සහභාගි නොවුණු බවත් හෝටලයේ වෙනත් ස්ථානයක හිතවතෙකු සමඟ සිටියදී සුරාබදු නිලධාරීන් තමන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් ඔහු පවසා තිබිණි. ඔහු පවසන දේ සත්‍යයක් නම් තරුණ තරුණියන් 200කට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍ය රැගෙන අලුයම වන තුරු සාදයක් පවත්වත්දී පොලිස් නිලධාරියෙකු ලෙස ඒ පිළිබඳ සුළු හෝ විමසිලිමත් බවක් නොදැක්වූයේ ඇයිද යන ප්‍රශ්නය පැන නඟී.
 
ඒ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ පොලිස් නිලධාරීයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි. සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ.බෝදරගම, අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත දිසානායක, මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනෙවිරත්න, සුරාබදු අධිකාරී තිස්ස ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නාලක මලවිපතිරණ, සුරාබදු පරීක්ෂක අමිල රන්දෙණිය, සුරාබදු නියාමකවරුන් වන සංඛ පූර්ණ, තරුඳු රණසිංහ, උදාර රණසිංහ, ධනුෂ්ක නවරත්න, බන්දුල ධර්මසේන, සුරාබදු නියාමිකා නයනි සමරවංශ යන නිලධාරී නිලධාරිනියෝ එම වැටලීමට එක් වූහ.

උපුටාගැනුම: සිළුමිණ පුවත්පත


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,416 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  996 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,905 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,553 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,919 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,479 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,571 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  940 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top