Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
මාරාන්තික කොරෝනා, මක්කම වන්දනාවට දොර වසයි - ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට සිදු වූ දේ මෙන්න - Photos

- මාරාන්තික කොරෝනා, මක්කම වන්දනාවට දොර වසයි - ඩයමන් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට සිදු වූ දේ මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,879 Views
ශ්‍රී ලාංකිකයින් නිරෝධායන කටයුතුවලින් අනතුරුව දිවයිනට..
මක්කම එන වන්දනාකරුවන් ගැන සවුදිය ගත් තීරණය..
චීනයෙන් පිටත වැඩිම මරණ සංඛ්‍යාව ඉරානයෙන්..
 
කොරෝනා වෛරස ආසාදිතයින් 700 කට අධික සංඛ්‍යාවක් සොයාගැනුනු ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනා අද උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත රැගෙනවිත් තිබෙනවා.
 
විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනය කළේ මොවුන් නිරෝධායන කටයුතුවලින් අනතුරුව දිවයිනට ගෙන ඒමට නියමිත බවයි.

ජපානයේ - යොකොහොමා වරායේ නවතා තිබූ මෙම නෞකාවේ 3711 දෙනෙකුට ආසන්න මගීන් පිරිසක් සිටි අතර, මේ වනවිට ඉන් 700 කට අධික පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
 
එහි සිටි ඉන්දීය ජාතිකයින් 119 දෙනෙකු ඇතුලූ රටවල් 5 ක විදේශිකයින් අද උදෑසන නවදිල්ලි නුවර වෙත රැගෙන එනු ලැබුවේ එරටට අයත් විශේෂ යානයකින්.
 
ශ්‍රී ලංකාවට අමතරව නේපාලය, දකුණු අප්‍රිකාව සහ පේරු යන රටවල ජාතිකයින් මෙලෙස රැගෙන ආ පිරිසට අයත්.
 
මේ අතර මක්කම සහ මදීනා ඇතුලූ ආගමික සිද්ධස්ථාන වන්දනාව සඳහා පැමිණෙන විදේශිකයින්ට රටට ඇතුළුවීම තහනම් කිරිමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා.
 
එරටින් මෙතෙක් කොරෝනා වෛරසය ආසාදිතයෙකු වාර්තාවී නොමැති අවස්ථාවක සෞදි අරාබි රජය මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.
 
පසුගිය දෙසැම්බර් මස සිට රටවල් 40 කින් වෛරස ආසාදිතයින් හමුවී ඇති අතර, මේ වනවිට එම සංඛ්‍යාව 80,000 ඉක්මවා තිබෙනවා.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ චීනය තුළට වඩා වැඩි වේගයෙන් ඉන් පිටත මේ වනවිට වෛරසය පැතිර යමින් පවතින බවයි.
 
චීනයෙන් අලූතින් කොරෝනා වෛරස ආසාදිතයින් 433 දෙනෙකු හමුවී ඇති අතර, ඊයේ දිනයේදී රෝගීන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
 
මේ අනුව එරටින් මේ දක්වා වාර්තාවී ඇති සමස්ත සිද්ධින් සංඛ්‍යාව 78,497 ක්. පුද්ගල මරණ 2744 ක් සිදුව තිබෙනවා.
 
මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කළේ චීනයේ කොරෝනා වෛරසය පැතිරයාම නිසා තම ආයතනයේ පරිගණක අලෙවිය කෙරෙහි එය අහිතකර අන්දමින් බලපා ඇති බවයි.
 
දකුණු කොරියාවෙන් අලූතින් කොරෝනා ආසාදිතයින් 334 දෙනෙකු සොයාගැනිමත් සමඟ එරට තුළ වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1595 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
වෛරසය ආසාදනය වීමෙන් එරට මියගොස් ඇති සංඛ්‍යාව 13 ක්.
 
දකුණු කොරියානු හමුදා සෙබළුන් පිරිසකට සහ ඇමරිකානු භටයෙකුට ඊයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ දෙරට අතර සිදුකිරීමට නියමිතව තිබූ යුද අභ්‍යාසය කල් දමා තිබෙනවා.
 
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ වෛරසයට මුහුණදීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම උප ජනාධිපති මයික් පෙන්ස් වෙත පවරා ඇති බවයි.
 
ඉතාලියෙන් මේ වනවිට රෝගීන් 400දෙනෙකු සොයාගෙන ඇති අතර, අද මුල්වරට ඩෙන්මාර්කයෙන්ද කොරෝනා ආසාදිතයෙකු හමුවී තිබෙනවා. මේ අනුව ඉතාලිය තුළ කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ යුරෝපයේ අනෙකුත් රටවලින්ද රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
 
මෙම සතියේ ඔස්ටි‍්‍රයාව, ක්‍රොඒෂියාව, ග්‍රීසිය, නෝර්වේ, ස්විට්සර්ලන්තය යන රටවලින්ද මුල්වරට කොරෝනා ආසාදිතයින් සොයාගැනුනා.
 
ඉරානයෙන් කොරෝනා සිද්ධීන් 139 ක් වාර්තාවී ඇති අතර, මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 19 ක්.
 
චීනයෙන් පිටත කොරෝනා මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ද ඉරානයෙන්. ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් අද ප්‍රකාශ කළේ චීනයේ සිට පැමිණෙන පුද්ගලයින්ට රටට ඇතුලූවීමට පනවා ඇති තහනම තවත් සතියකින් දීර්ඝ කරන බවයි.

Image result for coronavirus shipImage result for coronavirus shipImage result for coronavirus shipImage result for coronavirus shipImage result for coronavirus ship
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,415 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  996 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,878 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,553 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,918 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,476 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,571 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  940 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top