Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකට ලක් වූ දුම්රිය ආරක්ෂක අධිකාරිවරයා රෝහලේ - අනුරාධපුර කැළඹූ සිද්ධියේ සියලු තොරතුරු එළියට එයි

- පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකට ලක් වූ දුම්රිය ආරක්ෂක අධිකාරිවරයා රෝහලේ - අනුරාධපුර කැළඹූ සිද්ධියේ සියලු තොරතුරු එළියට එයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,351 Views
දුම්රිය ආරක්ෂක සේවයේ උතුර - නැගෙනහිර භාර සහකාර ආරක්ෂක අධිකාරි ආනන්ද රත්නමලලට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට හේතුව අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීම බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලීසිය පවසනවා.
 
මෙම නිලධාරියා අනුරාධපුර දුම්රිය ස්ථානය අවට රජයට අයත් බිම් ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම වෙනුවෙන් පෙනී සිටි අයෙකු වන අතර, ඒ සඳහා පියවර කිහිපයක්ම ගෙන තිබුණා.

දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරීවරයා අනුරාධපුර ප්‍රධාන දුම්රියපල අසළ පිහිටි සිය නිල කාමරයේ නිදමින් සිටියදී නාඳුනන පුද්ගලයෙකු විසින් විවෘත කර තිබූ ජනේලයකින් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණේ ඊයේ රාත්‍රි 11.45 ට පමණයි.
 
එහිදී ඔහුගේ සිරුරට ගිනි ඇවිලී තිබූ අතර, සහකාර ආරක්ෂක අධිකාරිවරයා එය නිවාගෙන තිබුණේ අසළ පිහිටි නාන කාමරයේ ජල කරාමයක ආධාරයෙන්. පසුව දුම්රිය සේවකයන් කිහිපදෙනෙකු මැදිහත්වී ඔහු රෝහල් ගත කර තිබුණා.
 
පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කළ සැකකරු පිළිබඳව තොරතුරු හෙළිවී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
 
මේ අතර සුළු තුවාල ලැබූ අනුරාධපුර දුම්රිය සහකාර ආරක්ෂක අධිකාරීවරයා තවදුරටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
 
මේ අතර වැලිගම මිරිස්ස - ධීවර වරාය මාර්ගයේ නිවසකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලැබුවා. 55 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකු වන මොහු නිවසේ නිදා සිටි අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර, ඊට හේතුවී ඇත්තේ ඉඩම් ආරවුලක් බව සඳහන්.
 
එමෙන්ම හෙට්ටිපොල - හල්මිල්ල වැව නිවසක තිබී ඊයේ රාත්‍රියේ වෙඩි වැදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගනු ලැබුවා.
 
50 හැවිරිදි මෙම පුද්ගලයා බරපතල රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිට ඇති අතර, ඔහු සියදිවි හානිකරගන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
 
මේ අතර අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන බුම්බා සහ පොඩි සුරේෂ් නැමැත්තාගේ සමීපතමයා, තවත් මනුෂ්‍ය ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධ බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
 
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 24 වනදායි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,406 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  995 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,838 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,545 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,918 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,474 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,570 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  937 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,641 Downloads



Top 10 Commenters

Latest Comments

Top