Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
ලෝකේ වටේ ඉන්න කළු ජාතිකයින් නිවාඩුවකටවත් යන්න හිතන්නේ නැති “අදුරු මහද්වීපය” ට සුපිරි ගායක Akon කරපු දේ

- ලෝකේ වටේ ඉන්න කළු ජාතිකයින් නිවාඩුවකටවත් යන්න හිතන්නේ නැති “අදුරු මහද්වීපය” ට සුපිරි ගායක Akon කරපු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,463 Views
“බොහෝ දෙයින් අඩුපාඩු ඇති අප්‍රිකාවේ අඩුවක් නොමැතිව තිබෙන දේ කුමක්ද හිරු එළියයි. එසේ නම් ඇයි අපි මේ දිනපතා අප වෙත එවන බලශක්තියෙන් පල නොගන්නේ?”

මෙසේ විමසන්නේ අප්‍රිකානු සම්භවයක් ඇති හොලිවුඩ්හි ජනප්‍රිය ගායකයෙක්, ගීත රචකයෙක්, ව්‍යවසායකයෙක්, දානපතියෙක් සහ නළුවෙක් සේම සමාජ ක්‍රියාකාරිකයකුද වන Aliaume Damala Badara Akon Thim ය. ඔහු කවුරුත් හදුන්වන්නේ Akon නමිනි.
 
නොදියුණු බව නිසාම “අදුරු මහද්වීපය” ලෙස හඳුන්වන අප්‍රිකාව, ලෝකයේ දෙවන විශාලතම මහාද්වීපයයි. එහි ඇති රටවල් 54 තුළ ව්‍යාහාර වන භාෂා ගණන 2000කි. එම අඳුරු මහාද්වීපය ආලෝකවත් මහාද්වීපයක් කිරීමට සිහින දුටු තරුණයෙකි. ඔහු අප්‍රිකාවේ සෙනිගල්වල ඉපදෙන්නේ 1973 අප්‍රියෙල් 16 වැනි දිනදීය. සත් වැනි වියේදී මවුපියන් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන ඔහු හැදී වැඩී අධ්‍යාපනය ලබන්නේ ඇමෙරිකාවේය. එහි නිර්මාණශීලී සංගීතඥයකු ලෙස ඉමහත් කීර්තියක් දිනාගන්නා ඒකොන් ව්‍යාපාරිකයකු ලෙසද ධනවතකු බවට පත්වේ. එහෙත් තමා කුඩා කල දිවි ගෙවූ විදුලි ආලෝකයෙන් තොර අඳුරු යුගය තවමත් අප්‍රිකාව පුරා මිලියන ගණනක් ජනතාවගේ උරුමයක් වී ඇති බව ඔහුට අමතක නොවේ. ජනතාවට විදුලි ආලෝකය ලබා දුනහොත් ලැබෙන ප්‍රතිලාභ සීමාන්තික බව වටහා ගන්නා ඔහු 2014දී “Akon Lighting Africa” නමින් ව්‍යාපෘතියක් පෞද්ගලික ධනයෙන් අරඹන්නේ විදුලි එළිය නොමැති මිලියන හයලක්ෂයක ජනතාවට විදුලි ආලෝකය ලබා දීමේ අරමුණ ඇතිවය. ඔහුට සහායට එක් වන්නේ සූර්ය බලශක්තිය ගබඩා කරන soler panel නිෂ්පාදකයකු වන සම්බා බතිලි සහ ව්‍යාපාරිකයකු වන තියෝන් නියාන්ග්ය. මිනිසුන්ට උදවු කිරීමට ඇති හොඳම විසදුම වන්නේ අවස්ථාවන් නිර්මාණය කිරීම සහ ඔවුන්ට සෘජුවම අවස්ථාව ලබා දීම බව වටහා ගන්නා එකෝන්, ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිසා වසරක් ඇතුළත රටවල් 14ක මිලියනයක් නිවාසද රට පුරාම මහාමාර්ග පද්ධතිද නගර දහස් ගණනක්ද සූර්ය බලශක්තිය මඟින් ආලෝකවත් කිරීමට හැකියාව ලැබිණි. ලොව පුරා පුවත්පත් ඔහුගේ උත්සාහය අගය කළේ මෙසේය.

“මෙම ව්‍යාපෘතිය අප්‍රිකාවේ නව ප්‍රවේශයකි. මහාද්වීපයේ මුහුණුවර වෙනස් කරමින් ඉදිරි පරම්පරාවට ආස්වාදයක් ලබා දෙන තරුණ අප්‍රිකානුවන් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. රැකියා උත්පාදනය පමණක් නොව ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කළ හැකි විශාල විසදුමක් ලෙස අන් සියලු සමාජ සුබසාධන ව්‍යාපෘති අභිභවා සාර්ථකව ඉදිරියට යමින් තිබේ. 2014දී දියත් කළ දින සිට රටවල් 15ක සූර්ය වීදි ලාම්පු 100,000ක් සවි කර ඇත. කාන්තාවන්ට පවා දැන් තමන්ගේ වීදි වෙළෙඳාම් රාත්‍රි කාලයේදී වුවත් බියෙන් තොරව කරගෙන යන්න ඉඩ ලැබී ඇති අතර ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි නිවාස, ආගමික ස්ථාන, පාසල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන ගණනාවක් ඔවුන්ගේ ජීවිතයේ ප්‍රථමවතාවට විදුලියට නිරාවරණය වී ඇත. සූර්ය බලශක්තිය සහ අවශ්‍ය උපකරණ නිසි ලෙස නඩත්තු කරන්නේ කෙසේද යන්න ඉගැන්වීම සඳහා පිහිටුවා ඇති සූර්ය ඇකඩමිය හරහා . මෙම ග්‍රාමීය ප්‍රජාවන්හි දේශීය තරුණ තරුණියන්ට රැකියා අවස්ථාද නිර්මාණය වී තිබේ.”

මේ සෙනිගල්හි අෑත පිටිසර විදුලි ආලෝකය ලැබුණු ගම්මානයක ගැමියන්ගේ අදහස්ය.

“අදුර කියන්නේ අනතුරයි. ජනතාව දැන් ආරක්ෂිතයි. අපේ එකමුතුකම වැඩි වුණා. මාර්ග හදිසි අනතුරු, අපරාධ අඩු වුණා. ආගමික ස්ථාන රෝහල් තවදුරටත් අ¾දුරේ නැහැ. ලොකුම දේ නම් දැන් අපේ ළමයින්ට රෑට පාඩම් කළ හැකි වීම. රේඩියෝ, රූපවාහිනිවලින් පමණක් නොව කම්පියුටර් ලෝකයටත් කවුළුවක් විවර කර දුන්නා. භූමිතෙල් වගේ නොවෙයි ගෙවල් ගිනි ගැනීම් අඩුවුණා. ආරක්ෂිතයි. මිලෙන් අඩුයි. මේ ව්‍යාපෘතියෙන් නිකරුණේ බෝක්කු මතට වී කාලය නාස්ති කළ තරුණයන්ට රැකියාවන් කොපමණ ලැබුණාද පරිසරයට පමණක් නොවේ එළිය වැටුණේ, අපේ ජීවිතත් එයින් ආලෝකවත් වුණා.”

රූපවාහිනි සාකච්ඡාවකදී මෙසේ විමසූ අල් ජසීරා මාධේ‍යව්දිනියට එකොන් පැවැසූ අදහස්ය මේ.

“ඇමෙරිකා එක්සත් ජනපදය අප්‍රිකානු අමෙරිකානුවන්ට වෙනස්කම් කරන බව ඔබ පිළිගන්නවාද?”

“මම අප්‍රිකාවත් ඇමෙරිකාවත් දෙකම අත්විඳ තිබෙනවා. පැහැදිලිවම ඇමෙරිකාව ගොඩනඟා තිබෙන්නේ සුදු මිනිසුන් වෙනුවෙන්. තවමත් එම ඉතා පැරණි නීති රීති වෙනස් නොවී තිබෙනවා. අප අයිති අප්‍රිකාවට. මා කවුරුන්දැයි කිසිවකු ඇසුවොත් මා කියන්නෙ මම ඇමෙරිකාවේ හැදී වැඩුණු අප්‍රිකානුවෙක්. පරම්පරා ගණනාවක් ගියත් අපේ අධ්‍යාත්මය වෙනස් වන්නේ නැහැ. ලෝකය පුරා විසිරී සිටින සියලුම අප්‍රිකානු සම්භවයක් ඇති කළු ජාතිකයන් නිවාඩුවකටවත් අප්‍රිකාවට යෑමට සිතන්නේ නැහැ. ඇයි ඒ. එය නොදියුණු නිසාද. අප්‍රිකාව ගොඩනැඟීමට දායක වීම. තමන්ගේ යුතුකමක් බව ඔවුන් සිතන්නේ නැහැ. මගේ සිහිනය තිබෙන්නේ එක ජනාධිපතිවරයකු යටතේ “අප්‍රිකා එක්සත් ජනපදයක්” ලෙස ගොඩනැඟුණ සියලු දෙනාටම සම අයිතිවාසිකම් තිබෙන දියුණු අප්‍රිකා මහාද්වීපයක් දැකීමයි. එය සිහිනයක් විය හැකියි. ඒ අපූරු සිහිනයට මම ආදරෙයි.”

වෛද්‍ය ලංකා සිරිවර්ධන




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,354 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  545 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,725 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,377 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,499 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,797 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  798 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top