හබරාදුව වංචාවල ප්‍රදේශයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ පියෙක් සහ දියණියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ගෑස් සිලින්ඩරය පිපිරී ඇතිවූ ගින්නෙන් නිවාස ගිනි ගෙන ඇති අතර මේ දෙදෙනා එම ගින්නට හසුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය හිරු ගොසිප් වෙත සඳහන් කළා.
තුවාල ලැබූ ටෙනිසන් ප්‍රේමලාල් නැමැති පියා හැට හයවන වියේ පසුවූ අතර ඉන්දිකා චතුරාණි නැමැති දියණිය තිස් වන වියේ පසුවුණා.