ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පිතිකරණ අංශයේ විරාට් කෝලි අභිබවා යළි පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු මුල් පෙල පිතිකරු ස්ටීව් ස්මිත් සමත් වුණා.
නිමා වූ නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී විරාට් කෝලි සැලකිය යුතු දක්ෂතාවයක් නොදැක්වීම හේතුවෙන් මෙම තත්වයට පත්වූ බවයි විදෙස් ක්‍රිකට් විචාරකයින් මාධ්‍ය වෙත පවසා තිබුණේ.
පළමුවරට 2015 වසරේ ජූනි මාසයේ දී ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගැනීමෙන් පසු ස්මිත් මෙලෙස පිතිකරණ අංශයේ පෙරමුණ හිමි කර ගත් 8 වැනි අවස්ථාව මෙය වනවා.
විරාට් කෝලි සහ ස්ටීව් ස්මිත් හැරුණු විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පිතිකරණ අංශයේ පෙරමුණ ගත් අවසන් පිතිකරුවා වූයේ නවසීලන්තයේ කේන් විලියම්සන්.
"මව්බිම"