Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
විල්පත්තුවේ කෝමාරිකා වගා කිරීම ගැන ඇත්ත හෙළිවෙයි

- විල්පත්තුවේ කෝමාරිකා වගා කිරීම ගැන ඇත්ත හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,738 Views
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ගිනිකොන දිග රක්ෂිත මායිමේ ප්‍රේරක කලාපයේ අක්කර සියයකට අධික ප්‍රදේශයක මහා පරිමාණයෙන් කෝමාරිකා වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා බිම් එලිපෙහෙලි කරමින් පරිසර විනාශයක් සිදුකරන බවට මේ දිනවල සමාජ මාධ්‍යවල වාර්තා පළ වනවා.

එහි දැක්වෙන්නේ පෞද්ගලික සමාගමක පූර්ණ අනුග්‍රහය යටතේ සිදුකෙරෙන මෙම වගා ව්‍යාපෘතිය සඳහා අදාළ සමාගම විසින් පරිසර ඇගයීම් වාර්තාවක්ද ලබාගෙන නොමැති බවයි.

මේ පිළිබඳව අප කළ සොයා බැලීමේදී අනාවරණ වුණේ අනුරාධපුර - රාජාංගනය - යාය 18 ප්‍රදේශයේ මෙම කෝමාරිකා වගා ව්‍යාපෘතිය සඳහා බිම් සකස් කරමින් පවතින බවටයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වනජීවි දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ මංජුල අමරරත්නගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි අදාළ භූමිය විල්පත්තු රක්ෂිතයට අයත් නොවන පෞද්ගලික හිමිකාරීත්වය යටතේ පවතින භූමි ප්‍රදේශයක් බවයි.

එහි ඉඩම් හිමියන් 18 දෙනෙකු පමණ කෝමාරිකා වගා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙසට මීට පෙර වනජීවි දෙපාර්තමේන්තුවට ලිපි මගින් ඉල්ලීමක් කර තිබූ බවද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, ඒ සඳහා අවසර ලබාදෙන්නේ පාරිසරික ඇගයීමක් සිදුකිරීමෙන් අනතුරුව බවයි මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා කියා සිටියේ.

කෙසේ වෙතත්, මේ සඳහා වනජීවි දෙපාර්තමේන්තුව මේ වනතෙක් අවසර ලබාදී නොමැති බවද ඔහු සඳහන් කළා.

මේ පිළිබඳව අප ශ්‍රී ලංකා ඉඩම් කැබලි කිරීම හා පාලනය කිරීමේ මණ්ඩලයෙන් විමසීමක් කළා.

එහි සභාපති උදාර විජේසිංහ සඳහන් කළේ මෙලෙස කෝමාරිකා වගාවක් සඳහා අවසර ලබාදෙන ලෙසට කිසිදු ඉල්ලීමක් තම මණ්ඩලයෙන් සිදුකර නොමැති බවයි.

එමෙන්ම මේ පිළිබඳව තවදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීමක් කළ අතර, එහි නියෝජිතයෙකු සඳහන් කළේ මෙම භූමි ප්‍රදේශයේ පවතින්නේ බලපත්‍රලාභී ඉඩම් බවයි.

එම ඉඩම්වල හේන් ගොවිතැන් සිදුකරන අතර, පෞද්ගලික සමාගමක උපකාර මත කෝමාරිකා වගා කිරීම සඳහාද ගොවීන්ගේ අවධානය යොමුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

විල්පත්තු ජාතික වනෝද්‍යාන මායිමේ සිට කිලෝමීටරයක් පමණ දුරින් මෙම ඉඩම් පිහිටා ඇති බවද එම නිලධාරීයා සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,306 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  962 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,529 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,500 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,529 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top