ඉදිරිපත් කර ඇති හඬ පට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කටහඬ සාම්පල සමග සැසදෙන බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව දැනුම්දී ඇතැයි නුගේගොඩ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් අද විවෘත අධිකරණයේදී දැනුම් දුන්නා.
මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඩපට ඇතුළත් සී.ඩී. පට 3ක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබුණා.
එහි වාර්තාවයි අද විවෘත අධිකරණයේදී මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත කර මේ බව ප්‍රකාශ කළේ.
මේ අතර විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ සිද්ධියට අදාල නඩුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක රු ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.
එමෙන්ම ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.