Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
26
ලෝක බලවතා වූ ට්‍රම්ප්ගේ පළමු ඉන්දීය සංචාරය අතරතුර, දිල්ලි නුවර 10ක් මරුට - Photos

- ලෝක බලවතා වූ ට්‍රම්ප්ගේ පළමු ඉන්දීය සංචාරය අතරතුර, දිල්ලි නුවර 10ක් මරුට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,339 Views
ඉන්දියාවේ ආගමික නිදහස ගැන ට්‍රම්ප් කියපු දේ..
දිල්ලියේ පමණක් විරෝධතා සාමකාමීයි..
නොසන්සුන්කාරී තත්ත්වය නිසා අගමැති කනස්සල්ලෙන්..
 
ඉන්දියාව තුළ මතභේදයට තුඩු දී ඇති නව පුරවැසි පනත සම්බන්ධයෙන් දිල්ලි නුවර හටගත් ගැටුම්වලින් පුද්ගලයන් දස දෙනෙකු මරණයට පත්ව තිබේ.
 
ඉහත කී ගැටුම් හට ගත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රථම ඉන්දීය නිල සංචාරය අතරතුරදීය. දශක ගණනාවක් තුළ ඉන්දියාවේ දිල්ලි අගනුවරින් මේ ආකාරයේ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.

පෙනෙන්නට ඇති පරිදි ඉරිදා පළමු වරට ගැටුම් හට ගෙන තිබුණේ නව නීතියට පක්ෂ සහ ඊට එරෙහි උද්ඝෝෂකයන් අතරය.
 
අනතුරුව ඊට ආගමික මුහුණුවරක් එක් වී ඇති අතර හින්දු සහ මුස්ලිම් කලහකාරීන් අතර ගැටුම් හටගත්තේය.
 
ගැටුම් පවතින්නේ ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඉන්දීය නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම ව්‍යාපාරිකයන් අතර සාකච්ඡා පැවති අගනුවර මධ්‍යයේ සිට කිලෝමීටර 11 ක් පමණ ඊසාන දිගින් පිහිටි මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවලය.
 
ඉන්දියාවේ පුරවැසි සංශෝධන පනත මුස්ලිම් විරෝධී පියවරක් ලෙස විවේචකයෝ හඳුන්වති. පසුගිය වසරේදී එම පනත සම්මත කරගනු ලැබීමෙන් පසු විශාල වශයෙන් උද්ඝෝෂණ ආරම්භ විය. ඇතැම් උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගැනිණි. නමුත් දිල්ලි අගනුවර පැවති විරෝධතා මේ දක්වාම සාමකාමී මුහුණුවරක් ගෙන තිබිණි.
 
මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ විමසීමේ දී එය මගහරිමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඒ පිළිබඳ තමන්ට ද "කණ වැකුණු" බවය. "එම සිදුවීම" ඉන්දියාවට අවශ්‍ය පරිදි පාලනය කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
 
කෙසේ නමුත් ඉන්දියාවේ ආගමික නිදහස සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ තමන් අවධානයට ලක් කළ බවත් ඊට ආණ්ඩුවෙන් ලැබුණු ප්‍රතිචාර සම්බන්ධයෙන් සතුටට පත් වන බවත් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.
 
ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල සංචාරය මේ වන විට හට ගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් යටපත් වී ඇති අතර ඒ හමුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අපහසුතාවට පත්ව ඇති බව වාර්තාකරුවෝ පවසති.
 
ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ බංග්ලාදේශය යන කලාපයේ ප්‍රධානම මුස්ලිම් රටවල් තුනේ සිට අනවසරයෙන් ඉන්දියාවට පැමිණි මුස්ලිම් නොවන ජනයාට ඉන්දීය පුරවැසියන් බවට පත්වීමට නව නීතිය මගින් අවස්ථාව සැලසේ.
 
භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවේ තර්කය වී තිබෙන්නේ ආගමික හේතූන් මත පීඩාවට පත් ජනතාවට සහන සැලසීම නව නීතියේ අරමුණ බවය.
 
එහෙත් නව නීතිය, මුස්ලිම් ජනතාව කොන් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කොටසක් බව විවේචකයෝ පවසති. එබැවින් එමගින් ඉන්දීය ව්‍යවස්ථාවේ අනාගමික තත්ත්වය උල්ලංඝනය වන බව ඔවුන්ගේ තර්කය වී තිබේ.
 
එහෙත් ආගමකට එරෙහිව යන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන ඉන්දීය ආණ්ඩුව පවසන්නේ, මුස්ලිම් ජනතාව ආගමික සුළුතරයක් නොවන බැවින් ඔවුන්ට ඉන්දියාවේ ආරක්ෂාව අනවශ්‍ය බවය.

BBC සිංහල

Image result for delhi 10 deadImage result for delhi 10 deadImage result for delhi 10 deadImage result for delhi 10 deadImage result for delhi 10 deadImage result for delhi 10 dead
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,710 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  696 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,320 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,830 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,625 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,332 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  839 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,489 Downloads



Top 10 Commenters

Latest Comments

Top