Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
26
"බර කිලෝ 12කින් අඩු කරගන්නත් සිද්ධ වුණා.." - අඩනිරුවතට මුල්තැන දෙන භූමි පෙඞ්නේකර් කියයි

- "බර කිලෝ 12කින් අඩු කරගන්නත් සිද්ධ වුණා.." - අඩනිරුවතට මුල්තැන දෙන භූමි පෙඞ්නේකර් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,202 Views
භූමි. භූමි පෙඞ්නේකර්. නව පරපුරේ නිළියන් අතර කැපී පෙනෙන රංගන පෞරුෂයක් පෙන්වන භූමි යථාවාදී සිනමාවේ නැතිවම බැරි නිළියක් බවට අද පත් වෙලා.

භූමි ඉපදෙන්නෙ 1989 ජූලි 18 වැනිදා. අවුරුදු 6ක් තිස්සේ යාෂ් රාඡ් චිත්‍රපට සමාගමේ සහය අධ්‍යක්‍ෂවරියක් විදිහට කටයුතු කරපු භූමි සිනමාවට ආවෙ ගොඩක් පරක්කු වෙලා. භූමි මුලින්ම ප්‍රේක්‍ෂකයින් හඳුනාගන්නේ රොමෑන්ටික් කොමඩියක් වෙච්චි චිත්‍රපටයකින් . ඒ 2015 වසරේදී. එයා කොයි තරම් දක්‍ෂ විදිහට ඒ චරිතය කළාද කියනවා නම් එම වසරේදී ම ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොදම නිළිය විදිහට විචාරක සම්මානය දිනාගන්නත් එයා සමත් වුණා.

පුංචි කාලෙ භූමි කියන්නේ ගොඩක් මහත දරුවෙක්. තරුණ අවධියට පත්වෙනකොටත් එයාගෙ මහත අඩු වුණේ නැහැ. ඒ කාලෙ කිසිම කෙනෙක් හිතන්න නැතිව ඇති භූමිට සිනමා නිළියක් වෙන්න පුළුවන් වෙයි කියල. නමුත් අවසානයේ ඇය ඒ අභියෝගය ජයගත්තා. මාස කිහිපයක් හරියට කෑමක් බීමක් නැතිව එයා ගෙවපු දුෂ්කර ජීවිතේ අවසාන ප්‍රතිඵලය වුණේ කිසිම කෙනෙකුට හිතාගන්න බැරි විදිහට සුන්දර සිහින් සිරුරක් හිමි කර ගැනීම. භූමිට ඕනි වුණේ යථාර්ථවාදී බොලිවුඞ් සිනමාව ඇතුළෙ කිසිම කෙනෙක් නොකරපු දෙයක් කරන්න. ඒ නිසා එයා තමන්ට ලැබුණු බොළඳ ආදර කතා ඇතුළත් චිත්‍රපට කිහිපයක්ම ප්‍රතික්‍ෂේප කළා. අනිත් කාරණාව තමයි භූමිගෙ රූපයත් ඒවට ගැලපුණේ නැහැ. ඒ වෙනුවට එයා තෝරාගත්තෙ වෙනස් විදිහේ සිනමා නිර්මාණ.

භූමිට ලැබුණු පළමුවෙනි නිර්මාණයත් හරිම අමුතු එකක්. එවකට ආධුනික නළුවෙක් වෙච්චි ආයුෂ්මන්ත් කුරාණා එක්ක ප්‍රධාන චරිත රඟපාන්න ලැබුණු ඒ චිත්‍රපටය තමයිDum Laga Ke Haisha:2015. ශරීරයේ බර වැඩිකරගත්තු තරුණියක් විවාහයට පත්වීම පදනම් කරගත්තු කතාවක් තමයි ඒක. ඒ නිසාම මුලින් බර අඩු කරගත්තත් සිනමා පටය වෙනුවෙන් එයාට බර කිලෝ 12කින් අඩු කරගන්නත් සිද්ධ වුණා. අධ්‍යක්‍ෂවරයා කිසිම අවස්ථාවක හිතුවෙ නැහැ භූමි මේ වගේ දෙයක් කරයි කියල. නමුත් ඇය ඒක කළා. පුදුම හිතෙන අනිත් කාරණය තමයි චිත්‍රපටය තිරගත වෙන්න කලින් භූමි කලින් හිටපු විදිහටම කෙට්ටු වීම. චිත්‍රපටයේ මංගල දර්ශනයට ආපු ගොඩක් අය පුදුම වුණේ භූමිගෙ මේ වෙනස දැකලයි. තමන් මේ විදිහට බර අඩුකරගත්තු රහස් වට්ටෝරුවත් ප්‍රේක්‍ෂකයින්ට කියන්න ඇය අමතක කරල තිබුණෙ නැහැ.

පළමුවැනි චිත්‍රපටයෙන්ම ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි විචාරක සම්මානය දිනාගත්තු භූමි සාම්ප්‍රධාය අතික්‍රමණය කරන නිළියක් විදිහට තමයි විචාරකයින් හඳුන්වන්නේ. ඊළඟපාර ඇය ආක්ෂය කුමාර් එක්ක කරපු Dum Laga Ke Haisha :2017 චිත්‍රපටයත් ගොඩක් සාර්ථක එකක් වුණා. වෙනස් විදිහේ කතා තේමාවක් යටතේ නිර්මාණය වුණු මේ චිත්‍රපටය බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා.

භූමිට වැඩිපුරම වැඩ කරන්න අවස්ථාව ලැබුණේ ආයුෂ්මන්ත් කුරානා, රාඡ් කුමාර් රා ඕ වගේ නළුවන් එක්ක. ඒක එක අතකින් එයාට ලොකු වාසියක් වුණා. දක්‍ෂ නළුවෙක් එක්ක කරට කර රංගනයේ යෙදෙන්න ලැබීම තමන්ට ලැබුණු වාසනාවක් විදිහටයි භූමි කල්පනා කළේ. ඇත්තටම ඇය වාසනාවන්තයි. මෑතකදී පැවැත්වුණු ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වුණු භූමිගෙන් එහි සිටි නිවේදිකාවක් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා.

”ආයුෂ්මන්ත් සහ රාඡ් කුමාර් අතරින් ඔබ වැඩිපුරම වැඩ කරන්න කැමති කා එක්කද ? ”

”ඔබ මගෙන් අහන්නේ කිසිම වෙලාවක තෝරා ගැනීමක් කරන්න බැරි විදිහේ ප්‍රශ්නයක්. ආයුෂ් සහ රාඡ් කුමාර් මම හඳුන්වන්නේ මගේ වාසනාවේ නළුවන් විදිහටයි. ඔවුන් එක්ක මම කරපු හැම චිත්‍රපටයක්ම වගේ සාර්ථක වුණා. ජනතාව ආදරයෙන් වැළඳගත්තා. ඒ කියන්නේ ඔවුන් අපිව තිරයේදී එකට දකින්න ගොඩක් කැමති ඇති. ඉතින් මට ඔවුන් දෙදෙනාම විශේෂයි. හරියට සහෝදරයින් වගේ. ”

ජනප්‍රිය මාධ්‍යවේදිනියක වන ප්‍රියංකා රෝයි භූමිව හඳුන්වන්නේ ශක්තිමත් සහ ජව සම්පන්න කාන්තාවක් හැටියට යි. ඇය 2019 වසරේදී ඉන්දියාව තුළ වයස අවුරුදු 30ට අඩු කාර්යශූර තරුණියන්ගේ ලැයිස්තුවට පවා ඇතුළත් වුණා. ඒ විතරක් නෙවෙයි භූමි ඉන්දියාවේ දේශගුණික විපර්යාස පිළිබඳවත් හඩක් නඟන තරුණියක්. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදුවන විනාශය පිළිබඳව මහජනතාව දැනුම්වත් කරන්න ඇය නොයෙක් අවස්ථාවල විශේෂ උත්සවවලට පවා සහභාගී වනවා. ඒක ඇය ජාතික වගකීමක් විදිහටයි දකින්නේ.

ඉන්දියාව තුළ ජීවත්වන දරුවන්ගේ ප්‍රජනන සෞඛ්‍යය පිළිබදව බරපතළ විදිහට කතා කරන භූමි නොදැනුවත්කම හේතුවෙන් ලෙඩ රෝග වැළඳී මිය යන තරුණ තරුණියන් වෙනුවෙන් රජයට කළ හැකි දේ පිළිබඳව අවධානාත්මකව ප්‍රකාශ කරනවා. බොහෝ විට ඇය තෝරා ගන්නා චිත්‍රපට පවා සමාජයට වැදගත් ආදර්ශයක් ලබා දෙන ආකාරයේ නිර්මාණ. ඒ ගැන භූමි මාධ්‍යයට කියල තිබුණෙ මෙන්න මේ වගේ කතාවක්.

”නිළියක් විදිහට මම වගකීම් සහගතව කටයුතු කරන්න ඕනි. මොකද ගොඩක් අය මා දිහා බලාගෙන ඉන්නවා. එහෙම තියෙද්දි මම වැරදි දෙයක් කළොත් ඒක මට ලොකු පවක්.”

නවක තරුණ නිළියක් විදිහට භූමි වැඩි චිත්‍රපට ප්‍රමාණයක රඟපාලා නැති වුණත් සම්මාන විශාල ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ පමණටම සම්මාන සදහා නිර්දේශ වෙලා තියෙනවා



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,302 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  961 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,517 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,499 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,879 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,403 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,519 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  918 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,627 Downloads



Top 10 Commenters

Latest Comments

Top