Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
26
"දවසම මස්තබාල්දු කරන්නේ නැතුව යනවා යන්න. තමුසෙට මුකුත් දෙන් නෑ.." - පෙම්වතියගේ වැලන්ටයින් තෑග්ගක් නිසා, අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවූ කසුන්ගේ සංවේදී කතාව

- "දවසම මස්තබාල්දු කරන්නේ නැතුව යනවා යන්න. තමුසෙට මුකුත් දෙන් නෑ.." - පෙම්වතියගේ වැලන්ටයින් තෑග්ගක් නිසා, අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවූ කසුන්ගේ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

107,306 Views
"මට දෙමළ කෙල්ල කියලත් එයා පරුෂ වචනෙන් බැන්නා.."
"කතුරත් උස්සගෙන මාවත් තල්ලු කරන් දොරකඩට ආවා.."
පුතා ගෑනු ළමෙක් එක්ක සම්බන්ධයක් තියෙන බව අපි දැනගත්තා..
 
මෙය අනුවේදනීය පුවත පසුගිය දිනෙක වාර්තා වූයේ මාතර දිසාවේ ඌරුබොක්ක පොලිස් ස්ථානයෙනුයි.
 
ඔහු ප්‍රියන්තයි. 46 හැවිරිදි අයෙක්. වෘත්තිය ඇඳුම් මැසීමයි. ඌරුබොක්ක බෙරලපනාතර කඩමණ්ඩියේ ප්‍රියන්තගේ සාප්පුව පිහිටා තිබෙනවා. ගමේ ගොඩේ කවුරුත් කමිසයක් කලිසමක් මසා ගැනීමට පැමිණියේ මෙතැනටයි.
 
දෙණියායේ කිරිවැල්දොල විලබඩ හන්දියේ පදිංචි, 'කසුන් ධනංජය' විසි එක් හැවිරිදි තරුණයෙක්. කසුන් මිතුරු ඇසුරට බොහෝ ප්‍රිය කළ අයෙක්.

ආදරයට ජාති බේද නැති බව පසක කරමින් කසුන් දෙමළ යුවතියක් හා පෙමින් වෙළුණා. ඇය විසි දෙහැවිරිදි ශ්‍යාමලී නම් වුණා. ඇය ඌරු බොක්ක බෙරලපනාතර 'කොබෝමැල්ල' ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
 
ශ්‍යාමලී බෙලපනාතර නගරයේ පිහිටි විවිධ සේවා සමුපකාර සමිතියට අයත් වෙළඳසැලක කළමණාකාරවරිය ලෙස සේවයේ නිරතව සිටියා. ඇගේ පාසල් මිතුරාගේ පියා ප්‍රියන්තයි. ප්‍රියන්තගේ ටේලර් සාප්පුවද පිහිටා තිබුණේ මෙම වෙළඳසැලට නුදුරින්.
 
පෙම්වතුන් පෙම්වතියන් ඇඟිලි ගනිමින් සිටින වැලන්ටයින් දිනය එළඹීමට තිබුණේ දින කිහිපයක් පමණයි. කසුන්ගේ පෙම්වතිය එදින කසුන්ට තෑගි කිරීමට විශේෂ දෙයක් සුදානම් කර තිබුණා. ඒ අලුතින්ම මැසූ කලිසමක්. ශ්‍යාමලී කසුන් සමඟම ප්‍රියන්තගේ ටේලර් සාප්පුවට ගියේ මේ ඇඳුම මසා ගැනීමටයි.
 
අවශ්‍ය මිනුම් ලබාගත් ප්‍රියන්ත ඔවුන් ඇනවුම් කළ කලිසම මසා නිමකර දෙන දිනයත් පැවසුවා. රුපියල් එක්දහස් හාරසීයක මුදලක්ද ඔහුට ලබාදීමට ශ්‍යාමලි පියවර ගත්තා.
 
ඒත් මසා නිම් කළ කලිසම නැවත ලබා දෙන දිනය ආසන්න වුණත් ප්‍රියන්ත ඒ ගැන කතාබහ කළේ නැහැ. ශ්‍යාමලි එය දිගින් දිගටම මතක් කිරීමේ ප්‍රතිඵල ලෙස මසා නිම කළ කලිසම ඇය අතට ලැබුණා. ඇය එය සතුටින් බාරගෙන බෙරලපනාතර සිට දෙණියාය බලා යන බසයකට නැග තම පෙම්වතා වන කසුන්ට ඇමතුමක් ලබාගත්තා. ඒ කලිසම සහිත පාර්සලය අතරමඟදී ඉල්ලා ගන්නා ලෙස පවසමිනුයි.
 
නොබෝ වෙලාවකින් කසුන් අතට මසා නිම කළ කලිසම ලැබුණා. එහෙත් එය ඔහු බලාපොරොත්තු වුණු ආකාරයෙන් තිබුණේ නැහැ. කසුන්ගේ බලාපොරොත්තු සුන්වුණා. වැලන්ටයින්දා පෙම්වතිය තෑගි කළ කලිසම් රෙද්දෙන් තමා සිතූ ආකාරයේ කලිසමක් නිර්මාණය නොවීම ගැන ඔහුට තිබුණේ සිත් තැවුලක්.
 
ඔහු ඒ මොහොතේම පෙම්වතිය ඇමතුමක් ලබාගත්තා.
 
"කලිසම මම කිව්ව විදිහට ඒ පාටට මහලා නෑ. වැඩේ නම් හරි නෑ.."
 
"කමක් නෑ ඔයා මෙහේ එන්නකෝ. අපි දෙන්නම ගිහින් ප්‍රියන්ත මාමාට කියමු.." ශ්‍යාමලී කසුන්ට එසේ පැවසුවා.
 
"කලුපාට රෙද්දෙන් නෝමල් කලිසමක් මහන්න කියලයි මම කිව්වේ. කලිසම ඒ පාටින් මහලා නෑ. රෙද්දත් ඒක නෙවෙයි. කියපු විදිහටත් නෙවෙයි. මම කිව්වේ කලිසමට 'බැලුම් පොකට්' දාලා මහන්න කියලා. ඒත් කලිසම මහලා තියෙන්නේ 'නෝමල් පොකට්' දාලා. ඔයා එයාට කියන්න මට කලිසම එපා කියලා.."
 
තම පෙම්වතා කලිසම ගැන දුකින් පසුවන බව දැනගත් ශ්‍යාමලී ඔහු සනසා තමා හමුවන ලෙස දැනුම් දෙන්නේ පසුගිය 10 වැනි දිනයි.
 
දෙදෙනාම ටේලර් සාප්පුවට ගොස් ප්‍රියන්ත හමුවන්නේ ඉන් පසුවයි.
 
"මේ කලිසම මහලා තියෙන්නේ මම කියපු විදිහට නෙවෙයි. ඒකට කමක් නෑ අයියා ඔය කලිසම තියාගන්න. සල්ලි නැතුවට කමක් නෑ.." කසුන් ප්‍රියන්තට එසේ කීවේ සිත් වේදනාවෙනුයි.
 
ප්‍රියන්තගේ ටේලර් සාප්පුවෙන් පිටවූ දෙදෙනා ඒ අසළ පිහිටි බස් නැවතුමට පැමිණියා. ශ්‍යාමලී කසුන් අතට රුපියල් සියයක් දුන්නේ "ඔයා දැන් ගෙදර යන්න" කියමිනුයි.
 
ඉන්පසුව එතැනින් පිටවූ ශ්‍යාමලී ප්‍රියන්තගේ ටේලර් සාප්පුවට යද්දි කසුන් බස් නැවතුමේ සිටියේ බසයක් බලාපොරොත්තුවෙනුයි. බස් නැවතුමේ සිටින කසුන්ට ප්‍රියන්තගේ ටේලර් සාප්පුව හොඳින්ම පෙනෙයි. පෙම්වතිය ඊට ඇතුළු වන අයුරුද කසුන් බලා සිටියා.
 
තම පෙම්වතා මුහුණ පෑ සිදුවීම ගැන ශ්‍යාමලී ඒ මොහොතේ පසුවන්නට ඇත්තේ කම්පාවෙන්. ඇය ප්‍රියන්ත හමුවී කලිසම මසා ගැනීමට දුන් මුදල් ආපසු ඉල්ලා සිටියා. මේ ඉල්ලීම නිසා ඔවුන් දෙදෙනා අතර ඇතිවුණේ උණුසුම් කතාබහක්.
 
"දවසම මස්තබාල්දු කරන්නේ නැතුව යනවා යන්න. තමුසෙට සල්ලි දෙන් නෑ.."
 
ප්‍රියන්තගේ සාප්පුවට ගිය පෙම්වතිය පමා වීම ගැන කසුන්ට ඇති වූයේ සැකයක්. 'ගමට යෑම' කල් දැමූ ඔහු ප්‍රියන්තගේ සාප්පුවට ගියේ පෙම්වතිය ගැන විමසන අටියෙනුයි.
 
සාප්පුවේ දොරකඩට යද්දි ඔහු දුටුවේ ප්‍රියන්ත තම පෙම්වතියට සාප්පුවේ දොර අසළට තල්ලු කරන අයුරුයි. ඒ අසළට ගිය කසුන්ට මුහුණ පෑමට සිදුවූයේ නොසිතූ දෙයකටයි. එක්වරම කතුරු පහරක් කසුන්ට එල්ල වුණා. ඒ ඔහුගේ පපුවටයි. තම පෙම්වතාට කතුරෙන් ඇන තුවාල කළ බව දැනගත් ශ්‍යාමලී, සිරුරෙන් ලේ වැගිරෙන පෙම්වතා කැටුව මහමඟට ආවේ විළාප දෙමිනුයි. ඇය කෑ ගසා ආධාර ඉල්ලා සිටියා.
 
එම අවස්ථාවේ අසළ පිහිටි වෙළඳසැලකට අයත් ත්‍රීරෝද රථයකට කසුන් නංවා ගත්තත් ඒ වන විටත් ඔහුගේ සිරුරෙන් අධිකව ලේ වහනට වීම නිසා ත්‍රීරෝද රථයෙන් ඔහු රෝහලට ගෙන යාම අත්හැර දැමූ පිරිස 1990 ගිලන් රථයට ඇමතුමක් ලබාගත්තා.
 
මිනිත්තු විස්සක් ඇතුළත ගිලන් රථය කඩමණ්ඩිය අසළට පැමිණි අතර එහි නංවාගත් කසුන් රෝහලට ඇතුළත් කරන විටත් අවසන් ගමන් ගොස් සිටියා.
 
මේ සිද්ධිය ඒ වන විටත් ඌරුබොක්ක පොලිසියට වාර්තා වී තිබු අතර ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිහාන් චමිල රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් බෙරලපනාතර අදාළ සිද්ධිය වූ ස්ථානයට පැමිණියේ ඉන් අනතුරුවයි.
 
පොලිස් ස්ථානාධිපතිවරයා මේ සිද්ධිය වූ ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කරන අතරේදී තවත් නිලධාරින් පිරිසක් රෝහලට ගොස් සිටියා.
 
සැකකාර ප්‍රියන්ත ඒ වන විටත් සාප්පුව වසා දමා පලා ගොස් සිටි අතර ඔහුගේ නිවසට ගියත් සිට ඇත්තේ පියා පමණයි.
 
අනතුරුව විමර්ශන ඇරඹූ පොලිසියට ප්‍රියන්ත සිටින තැන ගැන තොරතුරක් ලැබුණා. ඔහු ඒ වන විට තම සොයුරියගේ නිවසේ සිටින බවද මොහොතකින් ප්‍රදේශයෙන් පලා යා හැකි බවද එම තොරතුරින් කියවුණා.
 
කෙසේ හෝ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු මහනුවරට පලා යාමට සුදානමින් සිටි බව ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වුණා.
 
අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රියන්ත පොලිසියට පවසා ඇත්තෙ මෙවන් කතාවක්.
 
"කලිසමක් මහන්න කියලා මෙයා මෙෂමන්ට් දීලා ගියා. පස්සෙ මම කලිසම මැහුවා. ශ්‍යාමලී මුදල් දීලා කලිසම ගෙනිච්චා. කලිසම කලු රෙද්දෙන් නෝමල් කලිසමක් මහන්න කියලයි මෙෂර්මන්ට් දුන්නේ. ඒ දීලා ටික දවසකින් කසුන් ඇවිත් කිව්වා, කලු පාටින් මහන්න එපා අළුපාට රෙද්දෙන් බැලුන් පොකට් දාලා මහන්න කියලා. මම මහලා දුන්නා. කලිසම අරන් ගියේ ශ්‍යාමලී.."
 
"එදා සිද්ධිය වුණු දවසේ උදේ 8ට විතර මම ෂොප් එක ඇරියා. ටික වෙලාවක් ගියා විතරයි මම මහලා දුන්න කලිසම අරන් දෙන්නා එක්ක ඇවිල්ලා කිව්වා මහන්න කිව්ව විදිහට නෙවෙයි මහලා තියෙන්නේ. ඒ නිසා කලිසම තියාගෙන සල්ලි දෙන්න කියලා. මට සල්ලි දෙන්න විදිහක් නෑ. දැන් කලිසම විකුණලා පස්සෙ දෙන්නම් කියලා මම කිව්වා.."
 
"පස්සෙ ඒ මල්ලි කිව්වා අයියා කලිසම විකුණගන්න මට සල්ලිත් එපා ඕන මඟුලක් කරගන්න කියලා. එහෙම කියලා දෙන්න එක්ක ගියා. ආයෙමත් ටික වෙලාවකින් නංගි ඇවිත් කිව්වා මමයි කලිසම මහන්න සල්ලි දුන්නෙ මට සල්ලි ඕන කියලා. මම කිව්වා මට දැන් සල්ලි දෙන්න නැහැ කියලා. ඒත් එයා යන්නෙ නැතුව සල්ලි ඉල්ලලා මට කරදර කළා.."
 
"අපි දෙන්නා අතර ඒ මොහොතේ බහින් බස් වීමක් උනා. පස්සෙ මම බැරිම තැන ඒ ගෑණු ළමයව තල්ලු කරගෙනම ගිහිල්ලා දොර වහන්න හදනකොට මල්ලි ඇවිත් මට ගැහුවා."
 
"මම ඒ අවස්ථාවේ ඉවසුවා නම් මේ වගේ දෙයක් වෙන්නෙ නැහැ. දැන් මම ඒ ගැන කණගාටු වෙනවා.."
 
කසුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 11 වැනිදා මාතර රෝහලේදී සිදුවුණා. මරණයට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ කසුන්ගේ හෘදයේ වම් පැත්තට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් සිරුර අභ්‍යන්තර ලේ වහනය වීම හා කම්පනය බවයි.
 
කසුන්ගේ පියා වන අස්මගොඩ පතිරණගේ පේමසිරි මහතා තම පුතුට සිදුවූ අකල් මරණය ගැන සිටින්නේ කම්පාවෙනුයි.
 
"මට දරුවන් අට දෙනෙකු සිටිනවා ගැහැණු දරුවන් හතර දෙනෙකු හා පිරිමි දරුවන් හතරයි. කසුන් ධනංජය මගේ බාලම දරුවා. එයා ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළ වෙනකන් විතරයි.. පුතා ගෑනු ළමෙක් එක්ක සම්බන්ධයක් තියෙන බව අපි දැනගත්තා. මොකද පුතා සමහර දාට ගෙදරින් ගියාම දවස් දෙක තුන එන්නේ නැහැ. ගැහැණු ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවද ඇහුවත් කිව්වේ නෑ කියලයි. සිද්ධිය වුණු දවසේ පුතා ගෙදර ඉඳලා උදේම ආවා. ඒ ආපු වෙලාවේ තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ.."
 
කසුන්ගේ පෙම්වතිය වන සෙල්වදොරෝ ශ්‍යාමලීද සාක්ෂි ලබා දුන්නා.
 
"මිය ගිහින් තියෙන්නෙ මම යාළුවෙලා හිටිය කසුන් අයියා. කසුන් අයියයි මමයි ප්‍රියන්ත මාමාගේ ටේලර් සාප්පුවට කලිසමක් මහන්න මිම්ම දුන්නා. ප්‍රියන්ත මාමාගේ පුතයි මමයි එක පන්තියේ ඉගෙන ගන්න නිසා.."
 
"මම ඒ නිසා තාත්තායි පුතයි දෙන්නම අඳුරනවා. කලිසම මහන්න කිව්වේ කලු පාට රෙද්දෙන්.."
 
"රුපියල් 1400ක් ගත්තා. කලිසම මැහුවට පස්සේ මම ඒක අරගෙන දෙණියාය බස් එකට දීලා කසුන් අයියට ගන්න කියලා කිව්වා. පස්සෙ අයියා මට කිව්වා කලිසම මහලා තියෙන්නේ කලුපාට රෙද්දෙන් නෙවෙයි. අලුපාට රෙද්දකින් ඒ නිසා කලිසම එපා කියලා.."
 
"එහෙම කියලා කලිසම හදාගන්න 10 වැනිදා උදේ ගියා ටේලර් සාප්පුවට. පස්සෙ කිව්වා, කිව්ව විදිහට නෙවෙයි මහලා තියෙන්නේ කලිසම එපා, සල්ලි දෙන්න කියලා. පස්සෙ ප්‍රියන්ත මාමා කිව්වා සල්ලි දෙන්න බැහැ කියලා. පස්සේ කලිසම තියාගන්න මට සල්ලිත් එපා කලිසමත් එපා කියලා මම එන්න ආවා..."
 
"ඊට පස්සෙ මම කසුන් අයියට දෙණියාය බස් එකේ යන්න කියලා රුපියල් සීයක් දීලා මම ගියා කලිසමේ සල්ලි ඉල්ල ගන්න. පස්සෙ මම කලිසමේ සල්ලි ඉල්ලුවා."
 
"උදේ පාන්දර සල්ලි දෙන්න නැහැ. මහපු ඒවට සල්ලි දෙන්නෙත් නෑ. දවස මස්තබාල්දු කරන්නේ නැතුව යන්න කියලා ප්‍රියන්ත මාමා මට බැන්නා.."
 
"පස්සෙ මට දෙමළ කෙල්ල කියලත් එයා පරුෂ වචනෙන් බැන්නා. එහෙම බැනලා කතුරත් උස්සගෙන මාවත් තල්ලු කරන් දොරකඩට ආවා. එනකොට කසුන් අයියා එතන හිටියා. එකපාරම ප්‍රියන්ත මාමා කසුන් අයියට කතුරෙන් ඇන්නා..."
 
"පස්සෙ මම අයියත් අල්ලගෙන කඩෙන් එළියට ඇවිත් එතන හිටිය අයට කෑ ගහලා කිව්වා කසුන් අයියට කතුරෙන් ඇන්නා ඉස්පිරිතාලේට ගෙනියන්න ත්‍රීවිල් එකක් අරන් එන්න කියලා.."
 
තරුණයාට අනින ලද කතුර අඩියක පමණ එකක් බවත්, ඉන් අඟල් හයක පමණ ප්‍රමාණයක් ඔහුගේ සිරුරට බැස තිබූ බවත් කතුරේ අඬුදෙක සවි කළ ඇණය දක්වාම කතුර සිරුර ඇතුළට බැස තිබුණු බවත් පොලිසිය පැවසුවා. 46 හැවිරිදි දෙදරු පියෙකු වන සැකකරු පසුගිය 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
 
ඒ.පී. දයාචන්ද්‍ර
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,413 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  996 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,864 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,551 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,918 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,476 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,571 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  940 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top