කොළඹ රථ වාහන තදබදය පාලනය කිරීම සඳහා ගුවන් සහ නාවික හමුදාවේ පොලීසිය යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.
වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ඊයේ පස්වරුවේ සිට යුද හමුදා පොලීසියට අමතරව ගුවන් සහ නාවික හමුදාවේ පොලීසිය ද මීට එක්ව සිටින බවයි.
හමුදා ප්‍රධාන කදවුරු ඉදිරිපිට සහ ඊට ආසන්න මාර්ගවල මොවුන් රාජකාරි කටයුතුවල නිරත වන බවද ඔහු සඳහන් කළා.
...