ස්විට්සර්ලන්තයේ පළමු රෝගීයා හමුවෙයි..
ආසාධිතයින් ගණන 80,000 ඉක්මවා ගිහින්...
ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයාටත් වැළඳිලා..
කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය මෙරටට බෝවිය හැකි රටවල් සම්බන්ධයෙන් තක්සේරුවක් සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ මේ වනවිට දකුණු කොරියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැඩි අවධානයක් යොමුවී ඇති බවයි.
මේ අතර ස්විට්සර්ලන්තයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු රෝගියා වාර්තා වී තිබෙනවා.
මොහු ඉතාලියේ මිලානෝවල සිට ස්විට්සර්ලන්තයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කොරෝනා වෛරසය වැළදුණු ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සහ තවත් මන්ත්‍රීවරයෙකු නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා
නවතම වාර්තාවලට අනුව වෛරසය වැළඳීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 2708ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව 80,424 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.