කොළඹ - කොටුව - ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ ගොඩනැගිල්ලෙන් වැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියයෑමේ සිද්ධිය සියදිවි හානිකරගැනීමක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
එම කොට්ඨාසය සඳහන් කළේ එම ගොඩනැගිල්ලේ ඉහළ මහළකින් 16 හැවිරිදි මෙම තරුණයා බිමට පැන ඇති බවයි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.