Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
25
"ප්‍රසිද්ධවෙන්න අපි වගේ අහිංසක මිනිස්සුද බයිට් වෙන්න ඕනේ" - සමාජ මාධ්‍ය කැළඹූ රත්නපුර අමුතු උපන්දින සැමරුම නිසා රෝහල්ගත කරපු සිසුවාගේ පියා, හිරුට හෙළිකරපු වෙනස්ම කතාව - Video

- "ප්‍රසිද්ධවෙන්න අපි වගේ අහිංසක මිනිස්සුද බයිට් වෙන්න ඕනේ" - සමාජ මාධ්‍ය කැළඹූ රත්නපුර අමුතු උපන්දින සැමරුම නිසා රෝහල්ගත කරපු සිසුවාගේ පියා, හිරුට හෙළිකරපු වෙනස්ම කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,057 Views
තම පුත්‍රයාගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නිසා ඔහුට හා පාසලට බලවත් අසාධාරණයක් වූ බව රත්නපුර, ගොඩවෙල කන්‍යාරාමයට (කොන්වන්ට් ජාතික පාසලට) පිවිසෙන මාර්ගයේ කණුවක ගැට ගසා සිටි රත්නපුර ජනප්‍රිය පාසලක සිසුවාගේ පියා හිරු ප්‍රවෘත්ති වෙත කියා සිටියා.

මේ පිළිබඳ සමාජ මාධ්‍යවල පළ වූ වීඩියෝව සම්බන්ධයෙන් එම සිසුවාගේ පාසල වන රත්නපුර සීවලී විදුහල  විසින් අදාළ සිසුවාගේ දෙමාපියන් ගෙන්වා අද (25) මුලික පරීක්ෂණයක්ද පවත්වා තිබෙන බව දැනගන්නට තිබෙනවා.

කෙසේ වෙතත් සිසුවාට පාසල් පැමිණීම සම්බන්ධයෙන් කිසිදු තහනමක් නොමැති බවත් ඔහු රෝහලෙන් පැමිණි පසු සුපුරුදු පරිදි පාසල් පැමිණිය හැකි බවත් රත්නපුර සීවලී විදුහලේ විදුහල්පතිවරයා සඳහන් කළා.

අදාළ වීඩියෝව පෙරේදා (23) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.

එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු ද මෙම සිද්ධියට මැදි වී කළ ප්‍රකාශයක් ද එම වීඩියෝවේ දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප රත්නපුර පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ අදාළ සිසුවාගේ උපන්දින වෙනුවෙන් ඔහුව හාස්‍යට ලක්කිරීම සඳහා ඔහුගේ මිතුරන් පිරිසක් මෙම ක්‍රියාව කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් රත්නපුර පොලිසියට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවද පොලිසිය  ප්‍රකාශ කළා.

නමුත් මෙම සිද්ධියෙන්, සිසුවාගේ ඇතැම් ස්ථාන තුවාල වීම හේතුවෙන්  දරුවා රත්නපුර රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙවැනි සිදුවීම් රත්නපුර ප්‍රදේශයේ රැල්ලක් ලෙස පවතින බවද රත්නපුර නගරවාසියෙකු කියා සිටියා.

මෙම සිසුවා ඉගෙන ගන්නා රත්නපුර සීවලි විදුහලේ විදුහල්පතිවරයාගෙන අප මේ ගැන විමසුවා.

විදුහල්පති කමල් ආරියසිංහ පැවසුවේ මෙය පාසලේ සිදුවූවක් හෝ පාසලේ අනුදැනුම මත වුවක් නොවන බවයි.

එහෙත් අදාළ සමාජ මාධ්‍ය වීඩියෝවේ පාසලේ නම සඳහන් වන නිසා එම සිසුවාගේ දෙමාපියන් කැඳවා ඒ ගැන විමර්ශනයක් කිරීමට කටයුතු කළ බවද ඔහු කියා සිටියා.

එහිදී දෙමාපියන් පවසා ඇත්තේ මෙම උපන් දින සැමරුමට සිසුවා තම දැනුවත්භාවය මත සහභාගී වී ඇති බවයි.

කෙසේ වෙතත් උපන් දිනයක් මෙයාකාරයට සැමරීම අනුමත කළ නොහැකි බවද විදුහල්පතිවරයා සඳහන් කළා.

එහෙත් පාසල් සිසුවෙකුගේ මෙවැනි වීඩියෝවක් සමාජ මාධ්‍යට මුදා හැරීමේදී මිට වඩා ආචාර ධර්ම ගැන සැලකිලිමත් විය යුතු බවද අඩු ගන්නේ විදුහල්පතිගෙන් විමසීමට හෝ තිබු බවද ඔහු පැවසුවා.

කීර්තිමත් පාසලක් වන රත්නපුර සීවලී විදුහලට පාසලෙන් පිට සිදු වූ සිසුවෙකුගේ ක්‍රියාවක්  අගෞරවයක් වන්නේ නම් ඒ ගැන සමාජ මාධ්‍ය වෙත මෙවැනි දේ මුදා හරින්නන් සැලකිලිමත් විය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

සිසුවාගේ පියා වන කුරුවිට පදිංචි අනන්දසිරි ගුණරත්න ද කියා සිටියේ මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත යොමු කළ පුද්ගලයන් තම පුතා සහ පාසල අපහසුතාවට පත් කර ඇති බවය.

කෙසේ වෙතත් මෙම වීඩියෝවේ පෙනී සිටි සහ තම ෆේස් බුක් ගිණුමේ එය ප්‍රසිද්ධ කළ නුවන් තිලකරත්න නමැත්තා සිය මුහුණු පොතේ සටහන් කර තිබුනේ.

මෙම දරුවාට සිදු වූ වධහිංසාව වෙනුවෙන් එම ස්ථානයේ සිටි කිසිදු පුද්ගලයෙක් පෙනී නොසිටි බවත්, ඔහු පමණක් මෙම දරුවට සිදු වූ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටි බවයි.

තවද මෙම සිදුවීම පිලිබඳ පොලිස් හදිසි ඇමතුම් අංකයට තමා ඇමතූ නමුත් ඒ අවස්ථාවේ එම අංකයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් නුවන් තිලකරත්න නැමැත්තා සිය මුහුණු පොතේ සටහන් කර තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,312 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,543 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,501 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,412 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,529 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top