Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
25
ලෝකයම බිය ගැන්වූ කොරෝනා ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ අලුත්ම අනතුරු ඇඟවීම මෙන්න - ලොව පුරා කොරෝනා මරණ 2700 ඉක්මවයි

- ලෝකයම බිය ගැන්වූ කොරෝනා ගැන, ලෝක සෞඛ්‍ය සංවිධානය සිදු කළ අලුත්ම අනතුරු ඇඟවීම මෙන්න - ලොව පුරා කොරෝනා මරණ 2700 ඉක්මවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views
සියයට 60ක් පමණ වෛරසය පැතිරෙන ලොම්බාඩි කලාපයේ..
ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද 80,000 ඉක්මවා ගිහින්..
චීනයෙන් පිටත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව 893ක්..

කොවිඩ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය ඉතාලියේ පැතිර යාමත් සමඟ විශේෂයෙන් ලොම්බාඩි කලාපය කේන්ද්‍ර කොට ගත් ශ්‍රී ලාංකික ප්‍රජාව සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය පවසනවා.
 
රෝම නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන් නුවර කොන්සල් කාර්යාලය තත්ත්වය පිළිබදව සමීප අධීක්ෂණයෙන් සිටින අතර ශ්‍රී ලාංකිකයන්ගේ සුරක්ෂිතතාව පිළිබදව සම්බන්ධීකරණ කටයුතුවල නිරත වන බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ නමුත්, රෝම නුවර සහ මිලාන් නුවර ශ්‍රී ලංකා තානාපති අංශ ප්‍රකාශ කරන පරිදි ඉතාලියේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට මේ වන තුරු කොවිඞ් නයිටීන් වෛරසය ආසාදනය වී නැහැ.
 
එක්ලක්ෂ 4000කට අධික ශ්‍රී ලාංකිකයන් ඉතාලියේ වාසය කරන අතර, සියයට 60ක් පමණ වෛරසය පැතිරෙන ලොම්බාඩි කලාපයේ කේන්ද්‍රගතව සිටිනවා.
 
ශ්‍රී ලංකා තානාපති කාර්යාල ඔවුන් සම්බන්ධයෙන් ඉතාලි සෞඛ්‍ය බලධාරීන් සමඟ සන්නිවේදන කටයුතු සිදුකරන අතර, ශ්‍රී ලාංකික විහාරස්ථාන ප්‍රජා නායකයන් ඇතුළු කණ්ඩායම් සමඟ අදහස් හුවමාරු කර ගන්නා බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
 
ඉතාලියේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වනවිට 7 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 229 ක්. ලොව පුරා කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 2700ට ආසන්න වී ඇති අතර, ආසාදිතයන්ගේ සංඛ්‍යාව ද 80,000 ඉක්මවා තිබෙනවා.
 
ඉරානයෙන් කොරෝනා වෛරස් මරණ 12ක් වාර්තා වන අතර, ඇෆ්ගනිස්ථානය, බහරේනය, ඉරාකය, කුවේටය සහ ඕමානය ද සිය ප්‍රථම කොරෝනා වෛරස් ආසාදිතයන් ඊයේ අනාවරණ කළා.
 
චීනයෙන් පිටත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම් 893ක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. එරට ද ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල සංඛ්‍යාවක් සිටින නිසා ඒ පිළිබදව මෙරට රාජ්‍ය තාන්ත්‍රික අංශ අවදානයෙන් පසුවනවා.
 
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් කියා සිටියේ නව කොරෝනා වෛරසය චීනයේ උපරිම මට්ටමට පැමිණ ආසාදිත සංඛ්‍යාව පහත වැටෙමින් පවතින බවයි.
 
කෙසේ නමුත්, ලොව අනෙකුත් ප්‍රදේශවල වෛරසය පැතිරීම දැඩි අවදානය යොමු කළ යුතු කරුණක් බවයි ඔහු කියා සිටියේ.
 
එමෙන්ම සියළු රටවල් කොරෝනා වෛරස් වසංගත තත්ත්වයකට මුහුණදීම සඳහා සූදානම් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අනතුරු ඇගවීමක් ද කළා.
 
මේ අතර, කොවිඞ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසයේ ආර්ථිකමය බලපෑම හේතුවෙන් ආසියාකරයේ කොටස් වෙළඳපොළ අද දිනයේ විශාල වශයෙන් අපගමනය වූ අතර, ජපානයේ නිකේ කොටස් දර්ශකය සියයට 4.5කින් පමණ පහත වැටී තිබෙනවා. විශේෂයෙන් එරට මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල කොටස් මෙලෙස පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
 
ඒවා චීනයේ කර්මාන්තශාලාවල සැපයුම් මත රදා පැවතීම මෙලෙස කොටස් මිල පහත වැටීමට හේතුවයි.
 
ආසියාකරයේ අනෙකුත් කොටස් දර්ශක ද අද දිනයේ පහත වැටුණු අතර හොංකොං හි හැන්සෙන් කොටස් දර්ශකය මෙන්ම දකුණු කොරියානු කොස්පි කොටස් දර්ශක ද පහත වැටී තිබෙනවා.
 
කොරෝනා වෛරසයේ බලපෑමට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු වෝල් - ස්ට්‍රීට් කොටස් දර්ශකය ද ඊයේ 2018න් පසු වැඩිම දෛනික විචලනය ද වාර්තා කළා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top