Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
25
මස් මාළුවලට විතරක් ප්‍රිය කරන, ලෝක බලවතාට ඉන්දියාවේදී කන්න දෙයක් නැති වෙයිද? ලෝකයේම අවධානය යොමු වූ ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය අස්සෙ එළියට ආපු අමුතුම කතා ටිකක් මෙන්න - Photos

- මස් මාළුවලට විතරක් ප්‍රිය කරන, ලෝක බලවතාට ඉන්දියාවේදී කන්න දෙයක් නැති වෙයිද? ලෝකයේම අවධානය යොමු වූ ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය අස්සෙ එළියට ආපු අමුතුම කතා ටිකක් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,303 Views
ඔහු තේ හෝ කෝපිවලට ප්‍රියතාවයක් දක්වන අයෙකුත් නෙවෙයි..
තමන්ගේ ඇඳ නොමැතිව කොහේදීවත් නින්ද යන්නේ නැහැල්ලු..
"ඔහු එළවළු ආහාරයට ගන්නවා මම කිසි දවසක දැක නැහැ.."
 
සිය ප්‍රථම ඉන්දීය රාජ්‍ය සංචාරය සඳහා පැමිණ සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර පූර්ණ නිළ සාකච්ඡාව අද පෙරවරුවේ පැවැත්වෙනවා.
 
එහිදී කලාපීය කරුණු, ෆයිව් - ජි සන්නිවේදන ආවරණ, දේශසීමා හරහා සිදුවන ත්‍රස්ත ක්‍රියා ආදී සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදුවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

මේ අතර, ජනපති ට්‍රම්ප් වෙනුවෙන් ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්, රාෂ්ට්‍රපතිභවන් හිදී අද පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා සහභාගි නොවන බව හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං දන්වා තිබෙනවා.
 
ඔහු මෙන්ම කොංග්‍රස් පක්ෂයේ නායකයන් එම භෝජන සංග්‍රහය වර්ජනය කරන්නේ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිට ඒ සඳහා ඇරයුම් නොකිරීම හේතුවෙන්.
 
එමෙන්ම, හැම්බර්ග් හා හරක් මස් වැනි ක්ෂණික ආහාරවලට වැඩි කැමැත්තක් දක්වන ලෝක බලවතා, සිය ඉන්දීය සංචාරයේදී ආහාර සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත්දැයි මේ වන විට මාධ්‍ය තුළින් දැඩි අවධානයක් යොමුව තිබෙනවා.
 
හින්දු භක්තිකයින් වැඩි පිරිසක් සිටින ඉන්දියාවේ ගවමස් සොයාගැනීමට අසීරු වන අතර ඉන්දීය ජාතිකයින් ගවයාව සලකන්නේ පූජනීය සත්ත්වයෙක් හැටියටයි.
 
ට්‍රම්ප්ගේ සමීපතමයෙක් සඳහන් කර තිබුණේ, "ජනාධිපතිවරයා කිසිදු විටක එළවළු ආහාරයට ගන්නා බවක් තමන් දැක නොමැති" බවයි.
 
විශේෂයෙන්ම ට්‍රම්ප් ප්‍රිය කරන්නේ, ක්ෂණික ආහාරපාන ලබා ගැනීමට වන අතර ඉන්දියාවේ ක්ෂණික ආහාර අලෙවි කරන වෙළඳසැල් බොහෝමයකත් "මස්මාංශ" අඩංගු වන්නෙ නැහැ. මේ හේතුවෙන්ම ට්‍රම්ප්ගේ ආහාර වේල කොයි ආකාරයෙන් වේදැයි බොහෝ දෙනෙකු අවධානයෙන් පසු වනවා.
 
උදේ ආහාර වේල සඳහා බේකන් සහ බිත්තර වැනි දේ ලබාගන්නා ඔහු කෝපි හා තේ පානයට ද ප්‍රිය කරන අයෙකු නොවෙයි.
 
එමෙන්ම සැමවිටකම සුවපහසුව අගයන පුද්ගලයෙක් වන ට්‍රම්ප් තමන්ට හුරුපුරුදු ඇඳ නොමැතිව නිදා ගන්නෙ නැති බවද සඳහන් වනවා. වරෙක සංචාරයක් සඳහා එක් වූ ඔහු සෑම රාත්‍රියකම ලාස් වේගාස් හි පිහිටි සිය හෝටලයට පැමිණ ඇත්තේ ද තම කාමරයේ නිදා ගැනීමටයි.
 
කෙසේ වෙතත්, මේ වන විට මුළු ලෝකයේම අවධානය, ලෝක බලවතා වූ ජනාධිපති ට්‍රම්ප් දෙසට යොමුව තිබීම විශේෂත්වයක්.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,306 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  962 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,529 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,500 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,529 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top