Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
24
දකුණු කොරියාවේ සහ ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙක්ට වෛරසය ආසාදනය වී නැහැ - ඉතාලියේ , දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පැවසූ දේ මෙන්න - Video

- දකුණු කොරියාවේ සහ ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙක්ට වෛරසය ආසාදනය වී නැහැ - ඉතාලියේ , දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පැවසූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,752 Views
ලොව පුරා වාර්තාවන නව ආසාදිතයන් හේතුවෙන් CoViD 19 ගෝලීය වසංගත තත්ත්වයක් වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් මත පල කරනවා.

චීනයට අමතරව මේ වන විට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය CoViD 19 මැඩපැවැත්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වී තිබෙනවා.

දකුණු කොරියාවේ සහ ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙක්ට වෛරසය ආසාදනය වූ බව මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

පසුගිය වසරේ CoViD 19 ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 77,000 ඉක්මවා ඇති අතර සිදු වූ මරණ සංඛ්‍යාව 2600 කට අධිකයි.
 

ලොව පුරා රටවල් 26 කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩෝර්ස් ඇඩනම් අනතුරු අඟවන්නේ වෛරසය පාලනය කිරීම සඳහා ඇති අවකාශය ක්‍රමයෙන් පටු වෙමින් ඇති බවයි.

ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවල තත්ත්වය සැලකීමේ දී එය ගෝලීය වසංගතයක ආරම්භක අවදිය විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

මෙම රටවල ඇති විශේෂත්වය නම් වෛරසය පැතිරීම සහ චීනය අතර සෘජු සම්බන්ධයක් නොමැති වීමයි.

චීනයෙන් පරිභාහිරව වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන් වන අතර අද වාර්තා වූ නව ආසාදිතයන් ගණන 161 ක්.

CoViD 19 හේතුවෙන් දකුණු කොරියාවෙන් මරණ 7 ක් වාර්තා වනවා.

මේ මුහුණු ආවරණ මිලදී ගැනීම සඳහා තේගු හි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට රැඳී සිටින පිරිසක්.

යුරෝපයේ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තාවන්නේ ඉතාලියෙන්.

දින 4 ක් තුළ එරටින් වාර්තාවන ආසාදිතයන් ගණන 150 ක්.

ආසාදිතයන් 4 දෙනෙක් මිය ගොස් තිබෙනවා.

වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා දැඩි පියවර රැසක් ඉතාලිය තුල සති අන්තයේ සිට ක්‍රියාත්මක කෙරුණා.

උතුරු ඉතාලියේ ලොම්බාර්ඩි සහ වෙනෙතෝහි නගර රැසක් ඉදිරි සති 2 ක කාලයක් සඳහා වසා දැමුණේ ඒ අනුවයි.

එම නගරවල සියලු පාසල්, විශ්ව විද්‍යාල, කෞතුකාගාර සහ සිනමා ශාලා වසා දමා ඇති අතර ජනතාව එක්රැස් වන ඉසව් සියල්ලක්ම අවලංගු කර තිබෙනවා.

මේ ඉතාලියේ වානිජ අගනුවර වන මිලාන් හි සුපිරි වෙළඳ සැල් රැසක අද දක්නට ලැබුණු තත්ත්වයයි.

මිලාන් හී ලෝක ප්‍රකට ධූමෝ දේවස්ථානයද වසා දමා තිබෙන්නේ CoViD 19 පැතිර යෑම වලක්වා ගැනීමේ ප්‍රයත්නයක් ලෙසයි.

ඉරානයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 43 ක්.

රට තුල පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එය සැලකෙන්නේ CoViD 19 හේතුවෙන් චීනයෙන් පිටත වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  776 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,330 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,998 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,571 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top