Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
24
"අපොයි...එයා නැත්තම් අද මම මෙතැන නෑ.." - අවුරුදු 24ක් වැඩිමහල් කාන්තාවක් විවාහ කරගත් ප්‍රංශ ජනපතිගේ ආදර කතාව

- "අපොයි...එයා නැත්තම් අද මම මෙතැන නෑ.." - අවුරුදු 24ක් වැඩිමහල් කාන්තාවක් විවාහ කරගත් ප්‍රංශ ජනපතිගේ ආදර කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,225 Views
ප්‍රංශයට  ප්‍රේම කතා­ව­ලින් අඩු­වක් නෑ. 17 වැනි සිය­වසේ දී ප්‍රංසය පාල­නය කළ 16 වැනි ලුවී රජු­ගේත්, මේරි අන්තෝ­නි­යෝ­ගේත් අම­ර­ණීය පෙම් කතාවේ සිට ප්‍රංස ඉති­හා­සය පුරා විහි­දුණු අති විශිෂ්ට පෙම්  කතා අද­ටත් ලොව පුරා ජන­තාව නැවත නැවත කියවා රස විඳින්නේ එහි ඇති අපූ­ර්ව­ත්වය නිසා­මයි. 

නැපො­ලි­යන් බොන­පාට් - ජොස­පින් වගේම බ්‍රිජට් බාඩෝ - රොජර් වැඩිම් වගේ එදා මෙදා තුර ප්‍රංස ඉති­හා­ස­යට දායාද වුණු අපූරු පෙම් කතා එම­ටයි. ඒ සියල්ල අතර වත්මන් ජන­පති එමා­නු­වෙල් මැක්‍රොන්ගේ සහ බ්‍රිජට් ට්‍රොග්නි­යුක්ස්ගේ ආදර කතා­වට හිමි­ වන්නේ ප්‍රමුඛ තැනක්.
 
නැපෝ­ලි­යන් අධි­රා­ජ­යා­ගෙන් පසුව ප්‍රංසයේ පාල­නය අතට ගත්තු ළාබා­ල­තම නාය­කයා විදි­යට වසර 2017දී එමා­නු­වෙල් ජන­පති පුටුවේ වාඩි­වුණේ ඔහු ජන­පති පුටුවේ වාඩි කර­වී­මට බිරිය බ්‍රිජට් රැයක් දවා­ලක් නොබලා වෙහෙ­ස වී අප­මණ කැප­කි­රීම් කන්ද­රා­වක් කළ නිසයි. මේ ආද­ර­ණීය බිරිය එක අත­කට ඔහුට මවක්. අනික් අතට වැඩි­මල් සොයු­රි­යක්. තවත් අත­කින් හොඳම මිතු­රි­යක්.... අනිත් අතට ගුරු­ව­රි­යක්... ඔවුන් විවාහ වෙද්දී ඔහුට 30යි. ඇයට 54යි.

ආද­රය හරි පුදුම හැඟී­මක්... හිත් පැට­ලෙ­න්නෙම අනුන්ට කතා කරන්න යමක් ඉතුරු කර­ලයි... එමා­නු­වෙල්ගේ ප්‍රේම කතාව ගැනත් කවු­රුත් හොයන්න බලන්න ගත්තේ ඒ නිසයි.

එමා­නු­වෙල් ඉගෙ­නුම ලැබූවේ ප්‍රංසයේ කුඩා ටවු­මක් වන අමි­යෙන්ස් හී උසස් පාසලේ. රංග­නය පිළිබ‍ඳ ගුරු­ව­රි­යක වූ බ්‍රිජිට් මාරි ක්ලෝඩි ඔහුගේ පාස­ලට පැමි­ණියේ පාසල් කාල­යෙන් පසුව ඔවුන්ට නාට්‍ය පුරුදු කර­න්න­ටයි. ඒ වෙද්දිත් ඇයට 39යි. ඔහු යන්තම් 15 හැවි­රිදි දඟ­කාර කොල්ලෙක්. ඔහුට ඇය ගිම්හා­නයේ ඉදුණු පීච් ගෙඩි­යක් වගේ පෙනෙ­න්න ඇති. රෝස­මල් තෑගි කර­න්න හිතෙ­න්න ඇති.

ඒක හරි­යට රේ බ්‍රැඩ්බ­රිගේ ‘එක්තරා ආදර කතා­වක්‘ කෙටිකතාව වගේ­මයි. මේ අමෙ­රි­කානු ලේඛ­ක­යාගේ කෙටිකතාවේ බොබ් ස්පෝල්ඩින්ට අවු­රුදු 14යි. ඔහුගේ ගුරු­ව­රිය 24 හැවි­රිදි ඈන් ටේලර් ඔහුට පෙනුණේ හරි­යට ගිම්හා­නයේ ඉදුණු පීච් ගෙඩි­යක් වගෙයි.

දහ­වලේ පාසල නිමා වී සිසුන් නි‍ෙව­සට ගියත් තම ගුරු­ව­රිය පොත්ප­ත්වල වැඩ හමාර කොට පාස­ලෙන් නික්ම යන­ තුරු බොබ් යන්නේ නෑ. ඔහු කරන්නේ ඇය වැඩ ඉවර කරන තුරු කළු ලෑල්ල පිරි­සුදු කිරි­මයි.

‘බොබ් මෙහේ එන්න...’ එවැනි තවත් දිනෙක ඇය ඔහුට කතා කළා. ‘ඔයා දන්න­වද මං මොනව ගැන ද ඔයා එක්ක කතා කරන්න හදන්නේ කියලා...?’

‘ඔව් අපි දෙන්නා ගැන නේද...?’ ඔහු එක­ව­රම කීවා.

‘ඔයාගේ දැන් වයස කීයද බොබ්...?’

‘දාහ­ත­රට ලැබුවා....’

‘ඔයා දන්න­වද මගේ වයස...?’ ඇය ඇසුවා.

‘මං අහලා තියෙ­නවා විසි­හ­ත­රයි කියලා.... තව අවු­රුදු 10කින් මටත් විසි හත­රයි....හැබැයි සම­හර වෙලා­වට මට හිතෙ­නවා දැන­ට­මත් මට විසි­හ­ත­රයි කියලා..’ ‘ඔව් සම­හර වෙලා­වට ඔයා හැසි­රෙ­න්නෙත් ඒ වගේ තමයි..’ ඇය කීවා.

‘ඔය ඇත්ත­මද‘ බොබ්ට සතු­ටක් දැනුණා.

‘මෙතැ­නින් ඉඳ­ගන්න බොබ්... මට ඔයා වාගේ ශිෂ්‍ය­යෙක් කව­දා­වත් මුණ­ගැ­හිලා නෑ. අපි දෙන්නා හොඳ යාළුවෝ බවත් ඇත්ත..‘ ‘ඔහ් ඊට වඩා දෙයක් තියෙ­නවා.’ ඔහු ඇයට බාධා කළා. ‘වෙන්න පුළු­වනි. ඒත් ඒවා හරි­යන්නේ නෑ කියලා අපි දෙන්නම දැන­ගන්න ඕනා.. ඒත් අපි දෙන්නගේ වෙන­සක් තියෙ­නවා. මගේ වය­සත් එක්ක බැලු­වම ඔයා තාම පොඩි ළම­යෙක්...’

‘මගේ වයස තව අවු­රුදු 10කින් වැඩි වුණා නම්.. මම තව අඟල් 15ක් විතර උස වුණා නම් ඒ වෙනස නෑ නේද...?’

‘බොබ් අපිට මේ ලෝකේ වයස ගැනයි උස ගැනයි හිත­න්නම වෙනවා..’

රේ බ්‍රැඩ්බරි ලේඛ­කයා ඉතා සාහ­සික විදි­යට මේ දෙන්නව වෙන් කර­නවා. ඈන් ටේලර් කව­දා­වත් විවාහ වුණේ නැති එකත් කිය­න්නම ඕනා.

ඒත් එමා­නු­වෙල් - බ්‍රිජට් ආදර කතාව නම් ඊට වඩා රස­වත් එකක්.... ඇත්ත­ටම ඇය ගැන ඔහුට හැඟි­මක් දැනුණේ 18 හැවි­රිදි වියේ­දියි. ඒ වෙද්දී ඇය දරු­වන් තිදෙ­න­කු­ගේම මවක්. ඇගේ වැඩි­මල් පුත්‍රයා එමා­නු­වෙ­ල්ටත් වඩා අවු­රුදු දෙක­කින්ම වැඩි­මල් වුණා. ඒත් ඒවා ප්‍රශ්න නෙවෙයි. ගුරු - ගෝල පෙම රහසේ දළු ලා වැඩුණා. ඒත් මේ අස­ම්මත පෙම් කතාව දැන­ගත්තු ගමන් එමා­නු­වෙල්ගේ මාපි­යන් කල­බල වුණා. එයාලා පුත්‍රයා පැරී­සියේ පාස­ල­කට මාරු කළා.

බොබ් ස්පෝල්ඩින් ඔහුගේ ගුරු­ව­රිය ඈන් ටේලර් අම­තක කළාට එමා­නු­වෙල් එහෙම කළේ නෑ. ඔහු ඇය විවාහ කර­ගන්න බවට පාස­ලෙන් යන්න කළින් පොරොන්දු වුණා. ඒක ඒ විදි­ය­ටම සිද්ධ වුණා. කොහො­ම­හරි අන්ති­මට මාපි­යන්ගේ ආශි­ර්වා­ද­යත් එක්කම එමා­නු­වෙල් පැරණි ගුරු­ව­රිය බ්‍රිජට් විවාහ කර­ගත්තා.

ඔහුගේ ඡන්ද සටනේ වැඩි බරක් දැරූ තවත් පුද්ග­ල­යෙක් තමයි බ්‍රිජට්ගේ පළමු විවා­හයේ දිය­ණිය 33 හැවි­රිදි ටිෆානි. ඒ දරු­වන් දැන් විවා­හ­කයි. බ්‍රිජට් දැන් දරු­වන් 7දෙනකුගේ මිත්ත­ණි­යක්. හැබැයි ඒ මුනු­පුරු මිනි­පි­රි­යන් එමා­නු­වෙල් නම් ආම­න්ත්‍ර­ණය කරන්නේ ‘තාත්තා’ කිය­ලයි.

එමා­නු­වෙල්ගේ සහ බ්‍රිජට්ගේ ආදර කතාවේ ආර­ම්භය සිද්ධ වුණු හැටි අද­ටත් රහ­සක්. ඒක දන්නේ ඔවුන් දෙන්නා පම­ණයි.

‘අපි දෙන්නා කාල­යක් හොඳ යාළුවෝ වගේ හිටියේ. ඒත් ඒක ආද­ර­යට හැරුණේ කොහො­මද කියලා කවු­රුත් කව­දා­වත් දැන­ගන්න එකක් නෑ. ඒක අපි දෙන්නා විත­රයි දන්නේ. හැබැයි ඒක රහ­සක්.‘ බ්‍රිජට් එහෙ­මයි කියන්නේ.

ඔහුට දැන් අවු­රුදු 42යි... ඇයට 66යි...

ඒත් අද­ටත් එමා­නු­වෙල් බිරිය ගැන කියන්නේ මෙහෙ­මයි.

‘අපොයි...එයා නැත්තම් අද මම මෙතැන නෑ’

ෆවුස් මොහොමඩ්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  774 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,317 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,996 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,570 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top