Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
24
මෙයාගේ නෝනා රම්‍යා දැක්කාම මගේ හිත ඇලුණා. රම්‍යා ලස්සනයි - හෝටලයක වැඩට ගිය සැමියාගේ පිටේ එල්ලී ගෙදර ආ ලංසි ජාතික සැමුවෙල්ගේ භූතාත්මය බිරියගේ රුවට වශී වෙලා කරපු දේ

- මෙයාගේ නෝනා රම්‍යා දැක්කාම මගේ හිත ඇලුණා. රම්‍යා ලස්සනයි - හෝටලයක වැඩට ගිය සැමියාගේ පිටේ එල්ලී ගෙදර ආ ලංසි ජාතික සැමුවෙල්ගේ භූතාත්මය බිරියගේ රුවට වශී වෙලා කරපු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,612 Views
මූ එහෙම හොරකම් කළේ නෑ. මම මූට කැමතියි
වෙන කොහේවත් ගියේ නෑ. මැරුණත් කිචන් එකේමයි හිටියේ
බැහැ..... බැහැ....... මම කො‍ෙහ්වත් යන්නේ නෑ. රම්‍යාව දාල යන්නේ නැහැ

පෘතග්ජන මිනිසා සංසාර ගමනට එක්වූ දා සිට මේ මොහොත දක්වා තම චිත්ත සන්තානයට රැස් කැරගත්තේ ලෝබ, ද්වේශ, මෝහයන්මය. ඒවාට “සං” යැයි කියති. මේ ‘සං’ සාරයැයි සිතාගෙන සිටිනා තාක් කල් සංසාර ගමනේ යෙදීමට සිදුවෙයි, ඒ කියන්නේ ඉපද ඉපිද මැරි මැරී යළි ඉපද ජරා, ව්‍යාධි. මරණ, දුක්ඛ, දෝමනස්ස, උපායාසවලට ලක්ව දුක් විඳිය යුතුය.

මිනිසා මරණයේදී කරජ කයෙන් වෙන් වී ගියත් යන්නේ මනෝමය කය සමඟ ය. මේ මනෝමය කය තුළ ද සසර ගමනේ දී රැස් කැරගත් ලෝභ, ද්වේෂ, මෝහ ක්‍රියාත්මක වේ. මෝහය යනු ඇත්ත ඇති සැටියෙන් නොදන්නා කමයි. මම දන්නවා යැයි උගත්තු සිතා සිටිති. එහෙත් නොදන්නා දේ බොහෝය. නොදන්නාකම නොදන්නා බව ම “නොදන්නාකමයි.”

ගාල්ලේ සුනිල් බෙන්තර ප්‍රදේශයේ තරු පහේ හෝටලයක ප්‍රධාන අරක්කැමියෙකි. හතළිස් හැවිරිදි ඔහුත් හතළිස් හැවිරිදි රම්‍යාත් දෙදරු මවු පියෝ ය. මත්පැනින් සහ දුම්පානයෙන් වැළකී සිටි සුනිල් දැන් ඒ දෙකට ම ඇබ්බැහි වී සිටී. හීනෙන් බියට පත්ව කෑ ගසාගෙන අවදි වෙයි. හිටිහැටියේ වියරුවෙන් බඩු මුට්ටු පොළොවේ ගසයි. බිරිය සමඟ කලහ කරයි. රම්‍යාගේ ශරීරයේ ද සීරීම් ලකුණු දක්නට ඇත. ඇය සුනිල්ගේ අසාමාන්‍ය වියරු ගති නිසා රාත්‍රියට වෙනම කාමරයක නිදාගනී.

රාත්‍රියට කවුදෝ කෙනෙක් රම්‍යා ළඟට ද පැමිණෙයි. ඒ බියට දැන් ඇයට නින්ද යන්නේ ද නැත. රම්‍යාට ද මේ හේතුවෙන් කෑම අප්‍රියාව හා ශාරීරික හන්දිපත් වේදනා හටගෙන ඇත. සුනිල් ද පිට කොන්දේ වේදනාවකින් පෙළෙයි.

මේ ශාරීරික ආබාධවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් අසාමාන්‍යතාවලට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් සහනයක් නොවූයෙන් විවිධ වත්පිළිවෙත් ද ඉටු කෙළේය. එයින් ද සුවපත් බවක් නොවූයෙන් මේ දෙදෙනා සාකච්ඡා කොට ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියහ.

එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන්ට එළඹ ඇති තත්ත්වයන් පැහැදිලි කළහ. ගවේෂකවරයා ඒ දෙදෙනාට ප්‍රතිකාර සඳහා ශක්ති කිරණ එල්ල කරන විට සුනිල් වෙවුලන්නට විය. මොවුන්ට අමනුෂ්‍ය බලපෑමක් ඇතැයි නිගමනය කළ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කොට ඊට අවශ්‍ය උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ද සුනිල්ගේ ශරීරයට භූතාත්මයක් ආවිෂ්ට විය. ගවේෂකවරයා ඒ භූතාත්මය සමඟ සාකච්ඡා කළේය.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?” ඇසීය.
“මම සැමුවෙල්” භූතාත්මය කීවේය.
“කවුද සැමුවෙල් කියන්නේ? මේ සුනිල්ගේ කවුද?”
“මම සුනිල්ගේ කවුරුත් නොවෙයි. මෙයා මාව දැකලවත් නැහැ. මම ලංසි ජාතිකයෙක්. මට මේ රටේ කවුරුත් නැහැ. මේ හෝටලේම තමයි ජීවත් ව‍ුණේ. මේ ‍හෝටලයේ අවුරුදු පහළොවක් කිචන් කුක් මමයි. සුනිල් මේ හෝටලයට එන්න අවුරුදු පහකට කලින් තමයි මම මැරුණේ.”
“ඔබ මැරුණේ මොනවා වෙලාද?”
“හාට් ඇටෑක් එකකින්.”
“ඇයි ඔබට එහෙම වුණේ?”
“හොඳට අඩි ගැහුවා. තෙල් බැදුම් මස් මාළු කෑවා. හිටි හැටියේ මැරිලා වැටුණා.”
“මැරිලා කොහෙද ගියේ?”
“වෙන කොහේවත් ගියේ නෑ. මැරුණත් කිචන් එකේමයි හිටියේ.”
“ඇයි මේ සුනිල්ට හිරිහැර කරන්නේ? සුනිල් කිචන් එකේ වැඩට ආවාට ඔබ අකැමැතිද?”
“නැහැ........ නැහැ..... මීට කලින් කිචන් එකට ආපු කුක්ලා හොරකම් කළා. ගෙදර යන කොට කිචන් එකේ බඩු බෑග්වල දාගෙන ගියා. මම උන්ව පන්නා ගත්තා. මූ එහෙම හොරකම් කළේ නෑ. මම මූට කැමතියි. හොරුන්ව පන්නාගත්තා.”
“ඔබ හොරකම් කළ කෝකියන් කොහොමද පන්නා ගත‍්තේ?”
“මම උන්ට පෙනෙන්න ආවා. හීනෙන් බය කළා ඒ වගේම හොටෙල් එකේ පරණ වේටර්ලත් මා ගැන මගේ හැඩරුව උන්ට කියලා තිබුණා. උන් බයේ ම ඉවත් වෙලා ගියා. අවුරුදු පහක් ඇතුළත කුක්ලා හත් අට දෙනෙක් ම ඇවිත් මට බයේ යන්න ගියා.”
“ඇයි ඔබ මේ සුනිල් ආවාම පන්නා නොගත්තේ?”
“මූ හොඳ එකා. මූ හොරකම් කළේ නෑ. මේ හොටෙල් එක මගේ නූනත් මගේ ම හොටෙල් එකක් වගෙයි මම ආරක්ෂා කළේ.”
“ඒ ඇයි?”
“ඇයි මහත්තයා මම අවුරුදු පහළොවක් එක දිගට හිටපු තැන. කාපු බීපු තැන. අයිතිකාර මහත්තයාටත් මම විශ්වාසයෙන් වැඩ කළා. ඒ අයත් පවුලේ කෙනෙකුට වගේමයි මට සැලකුවේ, මමත් මගේ හොටෙල් එක වගේ ම රැක බලාගත්තා.”
“ඇයි මේ අයට කරදර කරන්නේ?”
“මම කරදර කරන්නේ නෑ. මම සුනිල්ට ආදරෙයි. ඒ නිසා මෙයා ගෙදර එනකොට මෙයාගේ පිට කොන්ද බදාගෙන ගෙදර ආවා. හෝටලේදී වගේ මගේ ම ගෙදර වගේ හැසිරුණා. මේ අතරෙ මෙයාගේ නෝනා රම්‍යා දැක්කාම මගේ හිත ඇලුණා. රම්‍යා ලස්සනයි. ඊට පස්සෙ රම්‍යාට කිට්ටු කළා. සුනිල් රම්‍යා එක්ක සතුටෙන් ඉන්නවා දකින කොට මට ඉරිසියා හිතුණා. දෙන්නා අතරේ රණ්ඩු සරුවල් ඇති කළා. සුනිල් අඩිපුඩි ගහන්නත් පෙලඹෙව්වා. දෙන්නා අමනාප කරලා මම රම්‍යාට සමීප වෙන්න ගියා. එයත් හීනෙන් බය වුණා. රෑට නොනිදා එළි වන තුරු නිදි මැරුවා. ලෙඩ වුණා. ඉතින් මම මොනවා කරන්නද?”
“තමුන් කවුද?”
“මම සැමුවෙල්”
“සැමුවෙල් හාට් ඇටෑක් එකෙන් මැරුණා. මැරිලා මළ ප්‍රේතයෙක් වෙලා උපන්නා. මිනිස්සුන්ටයි ප්‍රේතයන්ටයි එකට ජීවත් වෙන්න බැහැ. කරුණාකර මේ අය අතහැර ඉවත් වෙලා යන්න ඕනෑ”
“බැහැ..... බැහැ....... මම කො‍ෙහ්වත් යන්නේ නෑ. රම්‍යාව දාල යන්නේ නැහැ.” යි ප්‍රේතයා කීවේය.

මේ ප්‍රේතයා දැඩි ඇලීමකින් සිටින බව ‍තේරුම් ගත් ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට දවාලන්නට විය. දැවිල්ලයි.... දැවිල්ලයි... කියා කෑ ගසනා තුරු දවාලීය. ඉන්පසු සුනිල්ගේත් රම්‍යාගේත් චක්‍ර පද්ධතිය ශුද්ධ කොට ශක්ති ශරීරයන් වර්ධනය කළේය.

තවත් බෝධි පූජා දහහතරක් පවත්වන ලෙස ද පරම මෛත්‍රීයෙන් සංසාර ගත සියලු සත්ත්වයන් තමන්ගේ මවුපිය ගුරුවර ඥාතීන් යැයි සිතා පින් අනුමෝදන් කරන ලෙස ද ඊට අවශ්‍ය උපදෙස් දුන්නෝය.

මෙසේ වරින් වර දින පහක් ම ගෙන්වා භූතයා දවාලීය.

“අනේ එපා.... පුච්චන්න එපා...” යැයි ප්‍රේතයා අඬන්නට විය.
“එහෙනම් පන්සලකට යවන්නද?”
“එපා”
“දානයක් දී පින් අනුමෝදන් කරන්නද?”

“එපා.... එපා... මට ඕවා තේරෙන්නේ නෑ. මම මගේ හෝටලේටම යනවා” ප්‍රේතයා ඉවත්ව ගියේය.

ගවේෂකවරයා රම්‍යාගේත් සුනිල්ගේත් ශක්ති ශරීර වර්ධනය කොට ඔවුන්ටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යොදා උදේ හවස නිවසේ ඉටුකිරීමට බෞද්ධ පිළිවෙත් කීපයක් නියම කළේය. නැවත ඒ හෝටලයට නොයන ලෙස ද උපදෙස් දුන්නේය.

මතුගම මහින්ද විජේතිලක - සිළුමිණ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,305 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  962 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,528 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,500 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,529 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,628 Downloads



Top 10 Commenters

Latest Comments

Top