Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
24
සංචාරකයින් ඇදබැඳගත්, උඩරට දුම්රිය මාර්ගයේදී හමුවන ද්විත්ව බිංගෙය - Photos

- සංචාරකයින් ඇදබැඳගත්, උඩරට දුම්රිය මාර්ගයේදී හමුවන ද්විත්ව බිංගෙය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,285 Views
ලංකාවේ හැදුව ප්‍රථම බිංගෙය......

බිංගෙහි දිග අඩි 400කට ආසන්නයි......

මේ ශ්‍රී ලංකාවේ පිහිටි අපූරු ස්ථානයකි. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඉදිවී ඇති ප්‍රධාන දුම්රිය මාර්ගය ලෙස හඳුන්වන මාර්ගයේ විල්වත්ත දුම්රිය ස්ථානයත් බෝතලේ දුම්රිය ස්ථානයත් අතර පිහිටි මෙම ද්විත්ව බිංගෙය බෝතලේ බිංගෙය ලෙස ප්‍රසිද්ධව ඇත.

මෙවැනි ද්විත්ව බිංගෙයක් මෙරට දී දැකිය හැකි එකම ස්ථානය එය වන අතර මෙරට ඉදිවූ ප්‍රථම බිංගෙය වන්නේ ද මෙයයි.

1864 වර්ෂයේ දී කොළඹ කොටුවේ සිට අඹේපුස්ස දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී අදින් වසර 155කට පමණ පෙර මෙය සෑදූ බව වාර්තාවල දැක්වේ. කොළඹ සිට බෙලිඅත්ත දක්වා මුහුදු බඩ මාර්ගයේත්, පුත්තලම මාර්ගයේත් ධාවනය වන දුම්රිය හැරුණු විට අනෙක් සියලු‍ම දුම්රිය මේ බිංගෙය යටින් රිංගා යයි. නමුත් දුම්රියේ ගමන් කරන කිසිවෙකුට මෙහි ඇති අපූර්වත්වය දක්නට ලැබෙන්නේ නැත. 

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉතිහාසය අනුව මෙතැන මුලින්ම ඉදිකර ඇත්තේ එක් බිංගෙයකි. එය දිගින් අඩි 581ක් වන අතර දුම්රිය බිංගෙවල් අංකගත කිරීමේ දී එයට අංක 01 හිමිව ඇත. ඉන් පසු වේයන්ගොඩ සිට පොල්ගහවෙල දක්වා දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් කිරීමේ දී මෙතැන තවත් බිංගෙයක් සාදා එය අංක 01 ඒ ලෙස නම්කර තිබේ. 

මෙම නව බිංගෙය දිගින් අඩි 400කට ආසන්න වන අතර එය මෙරට දුම්රිය මාර්ගයේ උසින් වැඩිම බිංගෙය ලෙස ද සැළකේ. කෙසේ වෙතත් 1925 දී බෝතලේ තිබූ තනි බිංගෙයට තවත් බිංගෙයක් එකතුකිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ දැකිය හැකි අපූරු ස්ථානයක් නිර්මාණය වී තිබේ. 

"ලංකාදීප"
සජීව විජේවීර
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,131 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  897 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,640 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,346 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,802 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,773 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,007 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,390 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  896 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,609 Downloads



Top 10 Commenters

Latest Comments

Top