මෝටර් ක්‍රොස්... කොල්ලන්ගේ යකඩ හීනත් එක්ක කරන සෙල්ලමක්... හැමෝටම මෝටර් ක්‍රොස් පදින්න ආසාවක් තිබ්බට හිතේ හයිය නැතිනම් ඒක හීනයක්ම විතරයි.මොකද මෝටර් ක්‍රොස් කියන්න ගොඩක්ම ත්‍රාසයජනක ක්‍රීඩාවක්... ලංකාවේ මෝටර් ක්රොස්වලින් කප් ගහපු අය ගැන කතා කරද්දි අපිට වැඩිපුරම මතක් වෙන්නේ ආනන්ද වෙඩිසිංහ, ගයාන් සඳරුවන්, ඉමල් මංචනායක, ඉෂාන් දිසානායක, අශාන් සිල්වා වගේ නම්. . . කොහොම හරි මෝටර් ක්‍රොස් ගැන කතා කරද්දී ලංකාවේ ළාබාලතම මෝටර් ක්‍රොස් ධාවකයා අපිට මුණ ගැසුණා... තාමත් අවුරුදු 6යි. සෙල්ලම් කාර් පදීන වයසේදි මෝටර් ක්‍රොස් පදින මේ පුංචි වීරයා ගැන තොරතුරුයි මේ.
නම - යුවමික කේමිර ජයරත්න
වයස - අවුරුදු 06යි
පාසල -නැණමල් රාජකීය විද්‍යාලය
පවුලේ විස්තර - අම්මයි, තාත්තයි, මල්ලි
කොහොමද මෝටර් ක්‍රොස් පදින්න පටන් ගත්තේ?
තාත්තා එක්ක බලන්න යනවා. . එතකොට තාත්තා තමයි කිව්වේ අපි රේස් පදිමු කියලා. .
එතකොට දැන් වයස හයයි. . . මෝටර් ක්‍රොස් පදිින්න පටන් ගත්තේ වයස කීයෙදිද?
අවුරුදු පහේ ඉඳලා. . .
මොකද්ද පදින බයික් එක?
යමහා ෆිෆ්ටි සීසී
මොකක්ද මුලින්ම පැදපු රේස් එක?
කලූඅග්ගල තණ්ඩර් වැලි මෝටර් ක්‍රොස් එක. ඒක පදිනකොට අවුරුදු පහයි
දැන් රේස් කීයක් විතර පැදල තියෙනවද?
හයක් විතර පැදල තියෙනවා.
නම් ටිකත් කියමු
කලූඅග්ගල තණ්ඩර්වැලි සුපර් ක්‍රොස්, සාලියපුර ගජබා සුපර් ක්‍රොස්, පාන්ගොල්ල කැවල්රි සුපර්ක්‍රොස්, බෝයගනේ විජයබාහු සුපර් ක්‍රෝස්, වැලිසර කොළම්බු සුපර් ක්‍රොස්.
මුල්ම රේස් එක පදින දවසේ බය හිතුනේ නැද්ද?
අපෝ නෑ. . .
රේස්වලින් දිනලා තියෙනවද ඉතිං?
තාම එකකවත් දිනන්න හම්බ වුණේ නෑ. . .
මුලින්ම මෝටර් සයිකල් පදින්න පුරුදු වුණේ කොහොමද?
ෆුට් බයිසිකලේ පැද්දා මුලින්ම... පස්සේ බයික් එක පදින්න පුරුදු වුණා.. එතකොට අවුරුදු 4 හතරයි.. මොන්ටිසෝරියේ..
රේස් පදින්න පුරුදු කරන්නේ කවුද?
තාත්තා
කොහේදිද පුරුදු වෙන්නේ?
වැලිසර නේවි කැම්ප් එකේ
ලොකු වුණහාම කවුරු වගේ වෙන්නද කැමති?
ඉමල් මංචනායක මාමා වගේ වෙන්න
ඉමල් මාමා මොනවද කියන්නේ ඔයාගේ දක්ෂතා ගැන?
හොඳයි කියනවා. . . පුරුදු වෙන හැටි කියනවා..
ඉස්කෝලේ යාලූවෝ, ගුරුවරු මොනවද කියන්නේ?
එ අයත් හොඳයි කියනවා.... ඉස්කෝලෙන් මට කප් එකක් දුන්නා. .
එතකොට ඉගෙනීමේ වැඩ?
ඒවත් කරනවා. . තාම ඉතින් දෙක වසරේනේ. .
මොනවද වෙන කැමති ක්‍රීඩා?
ක්‍රිකට් ගහන්න කැමතියිි. චෙස්වලට කැමතියි. ස්විමින් කරනවා. .
වෙන කවුද ඔයාට රේස් පදින්න උදව් කරන්නේ?
දැනට කවුරුත් නෑ.. තාත්තා තමයි එක්කන් යන්නේ.. ළඟ එකක් නම් ත්‍රීවිල් එකේ බයික් එක දාගෙන යනවා.. දුර ඒවාට නැන්දලගේ වාහනේ දාගෙන යනවා..
කසුන් රණවීර
දිවයින