Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
24
"සුබ පතනවා වෙනුවට එයා මාව පබ් එකට අරන් ගියා" - ගුරු ගෝල පෙම් පලහිලව් තහනම් කළ සරසවිය

- "සුබ පතනවා වෙනුවට එයා මාව පබ් එකට අරන් ගියා" - ගුරු ගෝල පෙම් පලහිලව් තහනම් කළ සරසවියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,940 Views
ඔවුන් කියා සිටින්නේ මේක අනිත් අයගේ ඇස් අරවන පියවරක් කියලා.......

අපේ හමුවීම් ඔහු සැලකුවේ පෙම්වතුන්ගේ හමුවීමක් වගේ......

ගුරු - ගෝල පෙම් සබඳතා තහනම් කිරීමට එක්සත් රාජධානියේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් පියවර ගෙන තිබේ.

ලන්ඩනයේ පිහිටි University College London (UCL) නමැති විශ්වවිද්‍යාලය ගෙන ඇති මෙම පියවර ක්‍රියාධාරයන්ගේ පැසසුමට ද ලක් වී ඇත.

ඔවුන් කියා සිටින්නේ මෙය "අන් අයගේ ද ඇස් අරවන" පියවරක් බවය.

මෙම ප්‍රතිපත්තිය බලාත්මක කිරීම සඳහා අනෙකුත් විශ්වවිද්‍යාල ද පියවර ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශිෂ්‍ය සංගම් පවසති.

එක්සත් රාජධානියේ රසල් ගෘප් ශ්‍රේණිගත කිරීමට අනුව ඉහළින් ම සිටින සරසවි 24ට අයත් විශ්වවිද්‍යාලයක් විසින් මෙවැනි පියවරක් ගනු ලැබූ ප්‍රථම වතාව ලෙස UCL වාර්තාගත වනු ඇත.

UCL විශ්වවිද්‍යාලය සඳහන් කර ඇත්තේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සහ ලිංගික විෂමාචාර වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බවය.

පෞද්ගලික සබඳතා පිළිබඳ මෙම ප්‍රතිපත්ති මාලාවට ආචාර්ය මණ්ඩලය පමණක් නොව විශ්වවිද්‍යාලයේ සියළු කාර්ය මණ්ඩලය අත්සන් තැබිය යුතුය.

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යයන කටයුතුවලට සෘජු අධීක්ෂණයක් නොකරන යම් සේවකයෙකු හෝ සේවිකාවක විසින් සිසුවෙකු හෝ සිසුවියක සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන යනු ලබන්නේ නම් එය ද විශ්වවිද්‍යාල පරිපාලනයට කල් තියා හෙළිදරව් කළ යුතුය.

තම සරසවි දිවිය තුළ ලත් අත්දැකීමක් විස්තර කිරීමට තරුණියක් ඉදිරිපත් වුවාය. ඇය එමා ලෙසින් හඳුන්වමු. ඇය UCL විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යාවක නොවේ.

සිය ශාස්ත්‍රීය නිබන්ධනය අධීක්ෂණය කරමින් සිටි ආචාර්යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ඇය මෙසේ පැවසුවාය.

"අපේ හමුවීම් ඔහු සැලකුවේ පෙම්වතුන්ගේ හමුවීමක් වගේ. මට ඔහුව හමුවෙන්න සිද්ධ වුණේ පබ් එකේදී. කාර්යාලයේ දී නොවෙයි. වේදිකා නාට්‍ය බලන්න යන්න අහනවා. අවසානයේ දී එයා හිතාගෙන හිටියේ අපි එකිනෙකා කෙරෙහි හැඟීමක් පවතින දෙන්නෙක් කියල."

ඇයගේ ශාස්ත්‍රීය නිබන්ධනය නැවත ඇය වෙත භාරදීම සඳහා පැමිණ හමුවන ලෙස අධීක්ෂක ආචාර්යවරයා දන්වා තිබුණි. ඇය ඒ සඳහා එකඟ වූයේ තමන්ට සුබ පැතීම ඔහුගේ අරමුණ වන්නට ඇතැයි සිතූ බැවිනි.

"සුබ පතනවා වෙනුවට එයා මාව පබ් එකට අරන් ගියා. එයා මගේ අතින් අල්ලාගෙන හැසිරුනේ මගේ පෙම්වතා වගේ. අනවශ්‍ය කතා කියන්න ගත්ත." එමා පැවසුවාය.

එවකට එමා විසි හැවිරිදි වුවාය. අද ඇය පවසන්නේ සමීප ඇසුරුකිරීම් පිළිබඳව විශ්වවිද්‍යාලය තුළ යම් ප්‍රතිපත්තියක් හෝ තහනමක් තිබුනේ නම් ඒ පිළිබඳව පවසා එවැනි හමුවකට එකඟ නොවී සිටින්නට තමන්ට හැකියාවක් ලැබෙන බවය.

මෙවැනි සිද්ධියක් පසුගියදා නයිජීරියාවෙන් ද වාර්තා විය.

සරසවි ශිෂ්‍යාවක ලෙස පෙනී සිටි බීබීසී මාධ්‍යවේදිනියකට කථිකාචාර්යවරයකු විසින් ලිංගික හිරිහැර සිදු කරනු ලැබීම සහ ඔහු සතු බලය පාවිච්චි කරමින් තමා සමඟ ලිංගිකව එක්වෙන ලෙස ඇයට යෝජනා කරනු ලබන ආකාරය රහසිගතව පටිගත කරනු ලැබීමෙන් අනතුරුව නයිජීරියාවේ 'ලේගොස්' සරසවිය එම කථිකාචාර්යවරයාගේ වැඩ තහනම් කළේය.

"බීබීසී අප්‍රිකානු ඇස" (BBC Africa Eye) නම් වැඩ සටහන මගින් වසරක පමණ කාලයක් සිදුකළ ගවේෂණයක කොටසක් ලෙස විශ්වවිද්‍යාල ඇදුරන් කීපදෙනෙකුගේ චර්යාවන් රහසිගතව රූපගත කරන ලද අතර ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු ඔවුන්ගෙන් එක් තැනැත්තෙක් පමණි.

එම බීබීසී චිත්‍රපටයේ බටහිර අප්‍රිකාවේ ඉහළම පිළිගැනීමක් සහිත සරසවි දෙකක අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් සිදු කරනු ලබන ලිංගික අතවර දර්ශන ප්‍රදර්ශනය කෙරෙන අතර, එම දර්ශන දක්නට ලැබීමත් සමඟ සමාජ මාධ්‍යජාලයෙහි මහා කතිකාවක් ආරම්භ විය.

සරසවි ආචාර්යවරුන් සමඟ ගනුදෙනු කිරීමේ දී තමන් මුහුණ දුන් ස්වීය අත්දැකීම් විස්තර කරන ශිෂ්‍යාවන් බීබීසී චිත්‍රපටයේ පෙනී සිටින අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් ඒවා විස්තර කරන්නේ සිය අනන්‍යතාව වසන් කරමිනි.

තමාට එරෙහිව එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු අදහසක් පළ නොකරයි.

වෙස්වළාගත් බීබීසී මාධ්‍යවේදිනිය, ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු හමුවට යන්නේ සරසවියට ඇතුළත් වීම සඳහා උපකාර පතන දාහත් හැවිරිදි ශිෂ්‍යාවක ලෙසය.

එම අවස්ථාවේ ආචාර්යවරයා බීබීසී මාධ්‍යවේදිනියට ඉදිරිපත් කළ අනුචිත ප්‍රශ්න සහ ඇයට කරන යෝජනා රහසිගතව පටිගත කරන ලද චිත්‍රපටයට ඇතුළත් වෙයි.

ඔවුන් දෙදෙනා අතර සිදු වූ අවසන් හමුවේ දී ආචාර්ය ඉග්බෙනෙගු, ශිෂ්‍යාවකගේ චරිතය රඟන ගවේශනාත්මක මාධ්‍යවේදිනියට ශාරීරික හිරිහැර කරයි.

දොරගුළු ලෑ කාර්යාල කාමරයේ දී ඇය සිප ගන්නදැයි ආචාර්යවරයා "ශිෂ්‍යාවගෙන්" අසයි.

තමාට අකීකරු වුවහොත් ඇයගේ මවට පැමිණිලි කරන බවට ඔහු "ශිෂ්‍යාවට" තරවටු කරන ආකාරයක් ද චිත්‍රපටයේ දක්නට ලැබෙයි.

ඉහත කී බීබීසී චිත්‍රපටයේ පෙනී සිටින ශිෂ්‍යාවන් ගණනාවක්ම කථිකාචාර්යවරුන්ට එරෙහිව ලිංගික අපචාර චෝදනා ඉදිරිපත් කරති.

ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගුගේ පැරණි ශිෂ්‍යාවක් සිය අනන්‍යතාව වසන් කර ගනිමින් අදහස් දක්වමින්, සිය ආචාර්යවරයා නිසා විඳීමට සිදු වූ අතවර හමුවේ තමා කීපවරක්ම සියදිවි හානි කර ගැනීමට තැත් කළ බව කියා සිටින්නීය.

"BBC සිංහල"
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,710 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  696 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,320 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,830 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,625 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,332 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  839 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,489 Downloads



Top 10 Commenters

Latest Comments

Top